36th Senior and Intermediate Rowing Nationals | සිළුමිණ

36th Senior and Intermediate Rowing Nationals

 ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් මෙහෙයවනු ලැබූ 36 වැනි ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය රාජගිරිය, දියවන්නා ඔය ආශ්‍රිතව පැවැත්විණි. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වුණු මෙම තරගාවලිය වෙනුවෙන් අවුරුදු 14න් පහළ, 16න් පහළ, 18න් පහළ සහ අන්තර් මධ්‍යම හා විවෘත කාණ්ඩ යටතේ තරග ඉසව් රැසක් ඇතුළත් විය.

ප්‍රවීණ මෙන්ම ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග වදිනු ලැබූ ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය වෙනුවෙන් තරගකාරී විවෘත තරග අංශය වඩාත්ම කැපී පෙනිණි. ඉහත ඡායාරූපයන්ගෙන් දැක්වෙන්නේ එම තරගාවලියේ ‘ක්‍රීඩා’ ඇස ගිය තැන් කීපයකි.

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments