පෝක් සමුද්‍ර සන්ධියෙන් එහා විවාහයක් කරගත්තේ පුතාගේ කැමැත්තට | සිළුමිණ

පෝක් සමුද්‍ර සන්ධියෙන් එහා විවාහයක් කරගත්තේ පුතාගේ කැමැත්තට

 

Q: ඔය මුරලිගෙ තාත්තා ද?

A: ඔව්. කතාකරනවා.

Q: කාලෙකට පස්සේ අපි ‘ක්‍රීඩා’ පත්තරෙන්?

A: ආ. සතුටුයි.

Q: ඔබ මේ දවස්වල ක්‍රිකට් තරඟ නරඹනවා ද?

A: නෑ. දැන් නරඹන්නේ නැති තරම්.

Q: ඇයි ඒ?

A: කලින් ලංකාවේ ක්‍රිකට් හොඳින් තිබුණා. ඒ තරග නැරඹුවා. දැන් ක්‍රිකට් ගහන හැටි හොඳ නැති නිසා නැරඹීම නැවැත්තුවා.

Q: ඔබගේ පුතා සෙල්ලම් කරන කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ දැන් සෙල්ලම් කරන ක්‍රිකට් ගැන හිතන්නේ මොනව ද?

A: ඉස්සර තිබුණ තත්වය දැන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නෑ. දැන් අපි කණ්ඩායමක් වශයෙන් දුර්වලයි. බංග්ලාදේශය බලන්න. අලුත් කොල්ලො හොඳට සෙල්ලම් කරනවා.

Q: දැන් පුතාලා ක්‍රිකට් දියුණු කරන්න ඇමැතිතුමාගේ ආරාධනයෙන් වැඩ කරනවා නේද?

A: ඔව්, අරවින්ද, මුරලි, සංගා, මහේල ක්‍රිකට් දියුණු කිරීමට පත්කර තිබෙනවා. අපි ට ඒ ගැන බලාපොරොත්තුවක් තිබෙනවා

Q: ඔබගේ පුතා ට මුරලි කාලයක් ලංකාවේ කෙල්ලන්ගේ සිහින කුමාරයෙක්. ඒත් ඒ කුමාරයා කුමරියක් සොයාගත්තේ පෝක් සමුද්‍ර සන්ධියෙන් එහායින්. ඉන්දියාවේ කෙල්ලෙක් සරණ පාවා ගැනීමට ඉඩදුන්නේ ඇයි ?

A: ඒක මුරලිගේ කැමැත්තනෙ. අපි මුරලිගේ කැමැත්තට ඉඩදුන්නා. ඔවුන් සතුටින්. අපිත් සතුටින් ඉන්නවා.

 

උපනන්ද ජයසුන්දර

Comments