
සාර්කෝසි කාර්ලා බෲනි විවාහ කර ගත්තේ ස්වකීය තුන්වැනි විවාහක බිරිය වශයෙනි. ඇය විවාහ කර ගන්නා විට ඔහු ප්‍රංශයේ ජනාධිපති පදවිය උසුලමින් සිටියේය. ඒ වන විට ඇය ප්‍රසිද්ධ වැඩිහිටියන්ගේ සඟරාවක් වන ‘ප්ලේ බෝයි’ සඟරාවේ කවරයේ ඡායාරූපයටද පෙනී සිටි තිබීණි.
වයස තිස් හතේදී එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රංශයේ ජනාධිපති ධූරයට පත්වූ විට සැවොම සිතුවේ ප්‍රංශය වැනි ලොව බලවත්ම රටක් මේ අත්දැකීම් විරහිත හිරිමල් තරුණයා කෙසේ පාලනය කරණු ඇතිද යන්නයි. දැන් මේ වන විට මැක්‍රෝන් ප්‍රංශය පමණක් නොව අවශ්‍ය නම් මුළු ලොවම පාලනය කර පෙන්විය හැකි බවට උදාහරණ සපයමින් සිටින්නේය.
මේ වන විට සිවු වසරක ධූර කාලයක් සාර්ථකව නිම කරමින් සිටින මැක්‍රෝන් වසංගතයක් මධ්‍යයේ වුවද ප්‍රංශයේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමටත්, දේශපාලනිකව ශක්තිමත් පාලකයකු ලෙස ජනතාව තුළ විශ්වාසය තහවුරු කිරීමටත් සමත්ව සිටින්නේය.
මේ වන විට මැක්‍රෝන්ගේ නවතම දස්කම ලෙස තම දේශපාලන විරුද්ධවාදීන් නැත්තටම නැති කිරීම ලෙස දැක්විය හැකිය.
ප්‍රංශයේ අධිකරණ කටයුතුවලට දේශපාලන ඇඟිලි ගැසීම් නැති බවට තහවුරු කළ හැකි නමුදු ලබා දෙන අධිකරණ තීන්දුවල වක්‍රාකාර වාසියක් මැක්‍රෝන්ට නැතැයි පැවසිය නොහැකියි.
එරට අධිකරණය පසුගියදා හිටපු ජනාධිපති නිකොලස් සාර්කෝසිට විරුද්ධව ලබා දුන් නඩු තීන්දුව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ වාසියටම හේතුවනු ඇතැයි පැවසිය හැකි වන්නේ එබැවිනි.
නිකලස් සාර්කෝසි යනු 2007 සිට 2012 දක්වා ප්‍රංශය සාර්ථක ලෙස පාලනය කළ ජනාධිපතිවරයෙකි.
එරට අති කීර්තිමත් හිටපු ජනාධිපතිවරයකු වන ජාක් ශිරාක්ගෙ අනුප්‍රාප්තිකයා වූ සාර්කෝසිට දේශපාලන රැළිවලට මුහුණ දෙමින් පාලනය ගෙන යෑමට සිදුවිය.
කෙසේ වුවද ඔහුට එල්ල වූ දූෂණ චෝදනා මත තුන් වසරක සිර දඬුවමක් පසුගියදා එරට අධිකරණයක් මඟින් නියම කරනු ලැබීය. ඔහුට වංචා දූෂණ චෝදනාවලට අමතරව අධිකරණයට අල්ලස් ලබා දීමට උත්සාහ දැරීමේ චෝදනාවක්ද එල්ල වී තිබුණු අතර ඒ සියල්ලට ඔහු වැරදිකරු බව උසාවියේ තීන්දුව විය.
සාර්කෝසිට ප්‍රථමයෙන් චෝදනා එල්ල වී ඇත්තේ 2007 වසරේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ‘ලොයිරල් හෙයිරස් ලිලියන්ස්’ නම් වන ආයතනයකින් අයථා ලෙස මුදල් ලබා ගත් බවටය.
පසුව ඔහු මහේස්ත්‍රාත්වරයකුට අල්ලස් ලබා දීමට උත්සාහ ගත් බවටද චෝදනා එල්ල විය.
මේ චෝදනාවන්ට වරදකරු ලෙස ප්‍රකාශයට පත් වුවද වසර තුනක සිර දඬුවම් නියම වුවද තමා ඇපෑලක් උසාවියට ඉදිරිපත් කරන බවද සාර්කෝසි ප්‍රකාශ කර තිබේ. ඔහුගෙ තෙවැනි බිරිය වූ ප්‍රංශයේ ඉතා ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක සහ ගායිකාවක වූ කාර්ලා බෲනි ද ට්වීටර් පණිවිඩයක් මඟින් සාර්කෝසි නිවැරදි බවත්, එය ඉදිරියේදී තහවුරු වනු ඇති බවත් ප්‍රකාශ කර තිබේ.
සාර්කෝසි කාර්ලා බෲනි විවාහ කර ගත්තේ ස්වකීය තුන්වැනි විවාහක බිරිය වශයෙනි.
ඇය විවාහ කර ගන්නා විට ඔහු ප්‍රංශයේ ජනාධිපති පදවිය උසුලමින් සිටියේය. ඒ වන විට ඇය ප්‍රසිද්ධ වැඩිහිටියන්ගේ සඟරාවක් වන ‘ප්ලේ බෝයි’ සඟරාවේ කවරයේ ඡායාරූපයටද පෙනී සිටි තිබීණි. එහෙත් ප්‍රංශය යනු ඉතා නිදහස් අදහස් සහිත පුද්ගලයන් වෙසෙන රටක් වන බැවින් ජනාධිපති ආර්යාවගේ නිරුවත් ඡායාරූප රට පුරා ප්‍රසිද්ධ වී තිබීම කිසිඳු ගැටලුවක් වූයේ නැත.
සාර්කෝසි එයට වඩා බියපත් වූයේ කාර්ලා බෲනි මීට පෙර අනියම් සබඳතාවක් පැවැත්වූ මයික් ජගර් සමඟ යළි සබඳතාවක පැටලේද යන්න සම්බන්ධවය.
වරක් ඔහු තමන් දෙදෙනා වෙනුවෙන් කුඩා මහල් නිවසක් මිලදී ගත් අතර පසුව දැනගත්තේ එම නිවෙසේ කෙළවරේ නිවසේ මයික් ජගර් වෙසෙන බවයි.
පසුව ඔහු වහාම එම අලුත මිලදී ගත් නිවෙස හැර පියා ගියේ තමා ජනාධිපති වුවද මයික් ජගර් යනු ඉතා ආකර්ෂණීය පුද්ගලයකු බව හොඳින් වටහාගෙන සිටි නිසාවෙනි.
කෙසේ වුවද සිරගත වීමට සිදුවුවද ඒ සියල්ල අතර කාර්ලා බෲනි තමා සමඟ සිටීම නිසැකවම සාර්කෝසිට ප්‍රීතියක් වනු ඇත.