
කොවිඩ් පැතිරීමට මුල්වූ වයිරසය සමඟ සටන් කිරීමට සමත් එන්නත් නිපදවීමට මිනිසුන් සමත් වී ඇතද වෙනස් වෙමින් යන වයිරස් ප්‍ර භේදවලට එම එන්නත් සාර්ථකව ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට සමත්වේද යන්න ගැටලු මතු කර තිබේ.
මේ වන විට ලෝකයේ කොවිඩ් පැතිරීමේ වේගය සියයට 16කින් පහළ බැස ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියේය. මෙවැනි සුභ ආරංචියක් ලෝකයට අසන්නට ලැබුණේ වයිරසය ව්‍යප්තිය ඇරඹීමෙන් හරියටම වසරකට පසුව වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. වසරක් පුරා වයිරසය සමග සටන් වැදුනද කිසියම් හෝ ප්‍රගතියක් ලැබීමට මිනිස් වර්ගයාට වසරක කාලයක් ගෙවා දැමීමට සිදුවිය.
මේ වන විට ලොව පුරා සෑම රටකම අඩුවැඩි වශයෙන් කොවිඩ් සඳහා එන්නත් කිරීම් සිදුවන අතර, වයිරසයේ ව්‍යප්තිය අඩුවීමට ප්‍රධාන හේතුව එයම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී තිබේ. එහෙත් ව්‍යප්තිය අඩුවූ පමණින් වයිරසයේ ප්‍රබලතාව අඩුවී ඇතැයි කිසිසේත්ම පැවසිය නොහැකි බව ඔවුන් පෙන්වා දෙමින් තිබේ.
මිනිසා වයිරසය සමග සටන් කරන වේගයෙන්ම වයිරසයද පෙරළා මිනිසාට පහර දෙමින් සිටින අතර, කලාපීය වශයෙන්, රටවල් වශයෙන් තම ප්‍රභේද වෙනස් කර ගනිමින් වයිරසය තවමත් දැඩි ලෙස මිනිසාට පහර දෙමින් සිටී.
මේ වන විට වයිරසයේ විවිධ ප්‍රභේද ලොවපුරා රටවල් රැසකින් වාර්තා වෙමින් පවතින අතර, රෝගයේ රෝග ලක්ෂණද වෙනස් වෙමින් පවතින බව වාර්තා වේ.
වයිරසයේ පළමුවැනි ප්‍රභේදය බ්‍රිතාන්‍යයෙන් හඳුනාගනු ලැබූ අතර එය B1.1.7 යනුවෙන් නම් කරනු ලැබීය. එහි පැතිරීමේ වේගය වඩා වැඩි මෙන්ම මරණ අනුපාතයද වර්ධනය වී ඇති බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා නිවේදනයක් මගින් ලොවට දැනුම් දුන්නේය.
පසුගිය වසරේ අවසන් මාස කිහිපයේදී බ්‍රිතාන්‍යයට මේ වයිරස් ප්‍රබේදය හේතුවෙන් දැඩි සාමාජීය සහ ආර්ථික ගැටලුවලට මුහුණ දීමට සිදුවිය.
මේ අතර තවත් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ අතර එය B 1.35.1 යනුවෙන් නම් කරනු ලැබීය. බ්‍රසීලයෙන් සොයා ගත් තවත් ප්‍රභේදයක් p 1 යනුවෙන් නම් කර ඇති අතර එය ජපානයේ සිට පැතිරෙන්නට ඇති බවටද සැක පළ කෙරේ.
මේ අන්දමින් ලොව පුරා රටවල් රැසකින් වයිරස ප්‍රභේද වාර්තා වන අතර ඉන්දියාව පසුගියදා ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ ප්‍රදේශ රැසකින් එකිනෙක වෙනස් ලක්ෂණ පෙන්නුම් කරන වයිරස හඳුනාගෙන ඇති බැවින් ඒවා වයිරස් ප්‍රභේද ලෙස නිර්ණය කර ගත හැකි බවයි. ඒ අනුව ඉන්දියාවෙන් මේ වන විට වයිරස ප්‍රභේද 246ක් හඳුනාගෙන තිබේ.
මේ වන විට කොවිඩ් පැතිරීමට මුල්වූ වයිරසය සමග සටන් කිරීමට සමත් එන්නත් නිපදවීම මිනිසුන් සමත් වී ඇතද වෙනස් වෙමින් යන වයිරස් ප්‍රභේද ප්‍රභේදවලට එම එන්නත් සාර්ථකව ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට සමත්වේද යන්න ගැටලු මතු කර තිබේ.
උදාහරණයක් ලෙස බොහෝ ආසියානු රටවල බෙදාහරිමින් පවතින ඇස්ට්‍රාසෙනෙකා එන්නත දකුණු අප්‍රිකානු ප්‍රභේදය මර්දනය කිරීමට සමත් නොවන බවට තහවුරු වී තිබීම දැක්විය හැකිය. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී ඇත්තේ එන්නත් ලබා දීම අඛණ්ඩව සිදුවිය යුතු බවයි.
කෙසේ වුවද මේ වන විට ලොව පුරා යළි ගුවන් ගමන් සාමාන්‍ය අතට පත්වෙමින් පවතින අතර නම ගුමන්ගමන් බලපත්‍රයක් ලෙස කොවිඩ් එන්නත් කාඩ්පත් සලකමින් තිබේ.
එම කාඩ්පත සහිත නිසි එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට නිරෝධායන වීමකින් තොරව රටවලට ඇතුළු වීමේ පහසුකම් හිමිවේ.
බොහෝ විට මේ ඇරඹෙන්නේ කොවිඩ් වසංගතයේ අවසාන අදියර විය හැකිය. වසරක කාලයක් මුළු ලොවටම පෙර නුවූ විරූ අත්දැකීමක් එක් කළ, එමෙන්ම සමස්ත ලෝක ආර්ථිකය කුඩු පට්ටම් කළ, ආසාදිතයන් මිලියන සියය ඉක්මවූ තවදුරටත් වර්ධනය වෙමින් පවතින, එමෙන්ම මරණ මිලියන දෙක ඉක්මවා තවදුරටත් වර්ධනය වෙමින් පවතින මහා ලෝක ව්‍යසනයක අවසානයේ ආරම්භය මෙලෙස සිදුවුණු බව සටහන් කර තැබිය යුතුය.