මියන්මාරයේ පාලනය හමුදාව විසින් අත්පත් කර ගැනීමෙන් මේ වන විට සති දෙකක් ඉක්ම ගොස් තිබේ. දක්නට ලැබෙන අති සුවිශේෂී කරුණ වන්නේ එරට ජනතාව ඉතා ධෛර්යමත්ව හමුදා පාලනයට එරෙහිව විරෝධතා පැවැත්වීමට එක්වීමය.
රටේ පාලනය හමුදාව විසින් අත්පත් කර ගැනීමත් සමඟ රටින් පිට, විශේෂයෙන්ම ගිණිකොන ආසියානු රටවල ජනතාව සමඟ එක්වූ මියන්මාර් දයස්පෝරාව හමුදා පාලනයට එරෙහිව විරෝධතා පැවැත්වූවද එය රට තුළ ව්‍යප්ත වීමට සතියක පමණ කාලයක් ගත විය.
මේ වන විට එරට ජනතාව හමුදා පාලනයට එරෙහිව විරෝධතා පැවැත්වීමට තරම් ධෛර්යමත් වී තිබේ. රැන්ගුන් ඇතුළු ප්‍රධාන නගරවලට එක්වූ ජනතාව මේ වන විට අඛණ්ඩව සතියක පමණ කාලයක් පුරා විරෝධතා පවත්වමින් සිටිති.
විරෝධතා පාලනය කිරීමට හමුදා පාලනය සිදු කළ ප්‍රථම ක්‍රියාව වූයේ රට තුළ සමාජ මාධ්‍ය තහනම් කිරීමයි. එහෙත් එසේ කිරීමෙන් විරෝධතා මර්දනය කිරීමට උත්සාහ කළද තවමත් ඔවුන් ප්‍රගතියක් අත් කර ගැනීමට සමත්ව නැත.
එමෙන්ම අවුන් සාන් සුකීගේ දේශපාලන පක්ෂ කාර්යාලය බිමට සමතලා කර දැමීමටද හමුදා පාලනය පසුගියදා කටයුතු යෙදීය.
ගොඩනැගිලි බිමට සමතලා කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය අතුගා දැමිය හැකි යැයි සිතන හමුදා පාලන චින්තනය සම්බන්ධව එරට ජනතාවට පැහැදිලි අවබෝධයක් ඇතැයි සිතෙන්නේ අඛණ්ඩ ජනතා උද්ඝෝෂණ දෙස බැලු විටය.
මේ වන විට ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයෝ මියන්මාරයේ බල පෙරැළිය විවේචනයට ලක් කර ඇති අතර චීනයද ඒ අතර සිටීම ඉතා සුවිශේෂ කරුණක්ව තිබේ.