
මේ ලෝක පූජිත කණ්ඩායමේ දස්කම් දැක බලා ගන්නට අපේ ක්‍රිකට් ලෝලීන් තුළ තිබුණේ විශාල උනන්දුවකි. ඊට කේන්ද්‍රීය හේතුව වූයේ ශ්‍රීමත් සෝබර්ස් ය.
ශ්‍රීමත් සෝර්බස් පළමු වතාවට ලංකාවට පැමිණි ක්‍රීඩා කළේ 1961 පෙබරවාරි 28 වැනි දා ය. ඒ ක්‍රීඩකයන් හයදෙනකු සමඟ මෙරටට පැමිණ එක්දින තරගයකට සහභාගි වෙමිනි.
දිනයන් - 1967 ජනවාරි 21/22 සහ 23 ස්ථානය - කොළඹ ඕවල් ක්‍රීඩාංගණය
(අද පී. සරා ක්‍රීඩාංගණය)
කොවිඩ් අර්බුදය සමඟ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරය දින නියමයකින් තොරව කල් දැමිණි. එහෙත් කොදෙව් - ශ්‍රී ලංකා ක්‍රිකට් මතකය අතර සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගෙන් පසු ලොව බිහි වූ විශිෂ්ට පිතිකරුවකු සේ අවිවාදයෙන් සැලකෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් ඉදිරියෙන්ම සිටින්නෙකි. මේ ඒ සම්බන්ධව ය.
කොදෙව්වො මුල් වරට මෙරටට පැමිණියේ ඉන්දියාවේ ටෙස්ට් තරග සංචාරයක් නිමකිරීමෙන් පසුවය. එසේ මෙරටට පැමිණි ඔවුහු තුන් දින තරගයකට සහභාගි වූහ. සංචාරක කණ්ඩායමේ නායකත්වය දැරූයේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ගාෆීල්ඩ් සෝබර්ස් (කොදෙව්වෝ එදා නිල නොවන ලෝක ක්‍රිකට් ශූරයින් ලෙස නම් දරා සිටියහ.) ඔහු හා නමක් දිනූ ක්‍රීඩකයින් කීපදෙනෙකු වූ අතර එයින් ලොව වේගවත්ම පන්දු යවන්නා වූ වෙස්ලි හෝල්, හොඳම දඟ පන්දු යවන්නා ලාන්ස් ගිබ්ස්, හොඳම කඩුලු රකින්නා ඩෙරික් මරේ සමඟ ක්ලයිව් ලොයිඩ්, රොහාන් කනායි, කොන් රඩ් හන්ට්, චාලී ග්‍රිෆිත්, බැසිල් බුචර්, සෙමෝ නර්ස්, ලෙස්ටර් කින්ග් එම කණ්ඩායමට ඇතුළත්ව සිටියහ.
මේ ලෝක පූජිත කණ්ඩායමේ දස්කම් දැක බලා ගන්නට අපේ ක්‍රිකට් ලෝලීන් තුළ තිබුණේ විශාල උනන්දුවකි. ඊට කේන්ද්‍රීය හේතුව වූයේ ශ්‍රීමත් සෝබර්ස් ය. තරග ය පැවැති දින තුනේම ඕවල් පිටිය වටා අතුරු සිදුරු නැතිව ක්‍රිකට් ලෝලීහු පිරී උන්හ. ප්‍රවේශ පත්‍ර අහිමි වූ බොහෝ දෙනා නවාතැන් ගත්තේ අවට ගස්වල අතු පතරය. මේ සියලු දසුන් හි අත්දුටු සාක්ෂිකාරයකු වන්නට මට අවස්ථාව හිමිවිය. ඒ එදා පියාත් සමඟ ඕවල් පිටියට ගොස් කිසිදාක අමතක නොවන මෙම අසිරිමත් තරඟය නැරඹූ නිසා ය.
ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නේ අපට සිටි අසිරිමත් පිරිපුන් ක්‍රිඩකයකු වූ මයිකල් තිසේරා ය. මෙරට අන්තර් සමාජයීය ක්‍රිකට් තරගවලදී දස්කම් පෙන් වූ අනුර තෙන්නකෝන්. එච්.අයි.කේ. ප්‍රනාන්දු, ඩෙවිඩ් හයින්, පී.අයි. පිරීස්, නීල් චන්මුගම්, ලයනල් ප්‍රනාන්දු, ඩී.පී. ද සිල්වා, සරත් විමලරත්න, නිහාල් කොඩිතුවක්කු සහ ෆිට් රෝයි කෝසියර් යන ක්‍රීඩකයෝ තිසේරාගේ නායකත්වය යටතේ ස්වදේශික කණ්ඩායමට ක්‍රීඩා කළහ.
තුන් දින තරගය ඇරැඹීමට පෙර මයිකල් තිසේරා සමඟ ශ්‍රීමත් සෝබර්ස් කාසියේ වාසිය උරගා බලන්නට ක්‍රීඩා පිටියට පිවිසුණු මොහොතේ පිටිය හතර වටින් නැඟුණ ඔල්වරසන් හඬ සහ උණුසුම් ප්‍රතිචාරය කිසිදා අමතක නොවන තරම්ය. අපේ ක්‍රිකට් ලෝලීන් ‘සෝබර්ස් රජා’ කියා කෑ ගැසුවේ ඕවල් ක්‍රීඩාංගණය දෙවනත් කරමිනි. නැවත නායකයින් දෙදෙනා ක්‍රීඩාගාරයට නික්ම යන විටත් මේ ප්‍රතිචාරය පිරිනැමිණි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුලු 9 කට ලකුණු 290 ක් ලබා සිටියේය. දෙවැනි දිනයේ ලංකා කණ්ඩායම ලකුණු 400 කට තම ඉනිම ගොඩනැංවූයේය. ඊට 10 වැනි කඩුල්ලේ වාර්තාගත සම්බන්ධතාවයක් පැවැත්-වූයේ නීල් චන්වුගම් සහ පී.අයි. පීරිස් දෙදෙනාය. අන්තිම කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 110 කි.
ලංකා කණ්ඩායම ලකුණු 400, නිල් චන්මූගම් 72, ඩේවිඩ් හයින් 69, මයිකල් තිසේරා 52, ලයනල් ප්‍රනාන්දු 48, පී.අයි. පීරිස් නොදැවී 46, එච් අයි කේ ප්‍රනාන්දු 42, නිහාල් කොඩිතුවක්කු 33, සෙමෝ නරේස් ලකුණු 36 කට කඩුලු තුනයි. මෙහිදී නායක සෝබර්ස් තමා ඇතුළුව පන්දු යවන්නන් අට දෙනෙකු යොදා ගැනීම විශේෂත්වයකි. ශ්‍රීමත් සෝබර්ස් පන්දු වාර 13ක් යවා ලකුණු 34ක් දුන්න ද කඩුලු දවා ගත්තේ නැත.
තරගයේ දෙවැනි දිනය නිමාව දකින විට කොදෙව් කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 300 ක් රැස්කර තිබුණේය. බැසිල් බුචර් සහ ක්ලයිව් ලොයිඩ් දෙදෙනා දැවන්ත පිති හරඹයක් දියත් කළ හ. තුන්වැනි දිනයේ දිවා ආහාරයට පෙර මුලින්ම දැවී ගියේ බැසිල් බුචර් ය.
ඔහුගේ ලකුණු 152 ඉනිම ටෙස්ට් පිතිකරුවකු තුළ පැවැතිය යුතු සංයමය අපූරුවට පෙන්නුම් කළේය. ඊළඟට දැවී ගිය ක්ලයිව් ලොයිඩ් ලකුණු 138ක් රැස් කළේ දැවැන්ත හයේ පහරවල් කීපයක් සමඟ තරමක වේගයකිනි. ඔහු එල්ල කළ හයේ පහරවල් හතරක් ක්‍රීඩාංගණයෙන් පිටතට පියඹා ගියේය.. බුචර් සහ ලොයිඩ් දෙදෙනා ගේ සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතා ව ලකුණු 202 කි.
ඕවල් ක්‍රීඩාංගණය හතර වටින්ම කවරදාවත් නො දුටු ප්‍රතිචාරයක් සමග අංක 6 පිතිකරුවා වශයෙන් ශ්‍රීමත් සෝබර්ස් තණතිල්ල මැදට ආවේය. වමත් පිතිකරුවකු වූ ඔහු ඉනිම ආරම්භයේ දී ම පිතිහරඹය ආරක්ෂාකාරී ලෙස මෙහෙය වූයේ තාක්ෂණානුකූලව ය. එහෙත් ඔහු තමාගේ ඉනිම ඇරැඹුවේ හයේ පහරකිනි. එතැන් සිට වේගවත්ව ගලාගිය සෝබර්ස් ගේ ඉනිම වාර්තා වුණේ මෙසේය. මුල් ලකුණු 50 මිනිත්තු 57 කින්. ලකුණු 100 මිනිත්තු 138 කින්. දැවී යන විට ලබා සිටි ලකුණු 115 ට හතරේ පහරවල් 15ක් සහ හයේ පහරවල් 3 ක් ඇතුලත් වූ අතර එල්ල කරන ලද හයේ පහරවල් දෙකක් ඕවල් ක්‍රීඩාංගණයේ වහල මත පතිත විණි.
සෝබර්ස්ගේ දැවී යාමත් සමඟම කොදෙව් ඉනිම 549/8 ක් ලෙස අවසන් කෙරුණා. ඊට පිතිහරඹයෙන් බැසිල් බුචර් 152, ක්ලයිව් ලෝයිඩ් 138, ගාෆීල්ඩ් සෝබර්ස් 115 සහ රොබින් බයිනෝ 43 ක් වශයෙන් දායකත්වය ලබාදුන්නා. පන්දු යැවීමේදී ලංකා පිල වෙනුවෙන් සරත් විමලරත්න පන්දුවාර 32 ක් යවා ලකුණු 141 කට කඩුලු 4 ක් දවා ගත්තා.
යළිත් දෙවැනි ඉනිම ක්‍රිඩා කළ ලංකා කණ්ඩායම තුන්වැනි දින තරගය ජය පරාජයකින් තොරව නිමාව දකින විට කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් රැස්කර සිටියා. ඒ ලයනල් ප්‍රනාන්දු සහ අනුර තෙන්නකෝන් නොදැවී පිළිවෙලින් ලබාගත් 72ක් සහ 54ක් සමඟ ය.
එම තරගයේ දුටු අමතක නොවන දස්කම් කිහිපයක් මෙසේය.
ස්ලිප්හි සිට ශ්‍රිමත් සෝබර්ස් රැක ගත් විශිෂ්ට උඩ පන්දුව- ඉනිම ආරම්භයේ නිපන්දුවකට දැවී ගිය ද ලකුණු 69 ක් ලබාගත් ඩේවිඩ් හයින්ගේ ඉනිම වේග පන්දු යැවූ වෙස්ලි හෝල් ලංකා දෙවැනි ඉනිමේ දී කඩුලු රැකීම, කොදෙව් පිලේ නිත්‍ය කඩුලු රකින්නා වූ ඩෙරික් මරේ ලංකා දෙවැනි ඉනිමේදී පන්දුවාර 6 ක් යැවීම, නීල් චන්මුගම් සහ පී.අයි. පීරිස් එක්ව 10 වැනි කඩුල්ලට තැබූ වාර්තාගත සම්බන්ධතාවය. ශ්‍රීමත් සෝබර්ස්ගේ මඳ වේගී දඟපන්දු යැවීම දැක්විය හැකිය.
සෝබර්ස්ගේ පළමු ශ්‍රී ලංකා ගමන එය නොවේ ශ්‍රීමත් සෝර්බස් පළමු වතාවට ලංකාවට පැමිණි ක්‍රීඩා කළේ 1961 පෙබරවාරි 28 වැනි දා ය. ඒ ක්‍රීඩකයන් හයදෙනකු සමඟ මෙරටට පැමිණ එක්දින තරගයකට සහභාගි වෙමිනි. කොන්රඩ් හන්ට්, රොහාන් කන්හායි, වෙස්ලි හෝල්, සෙමෝර් නර්ස, චෙස්ටර් වොට්සන් සමඟ ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝර්බස් එදා ක්‍රීඩා කළ ඒකාබද්ධ කණ්ඩායමට ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙකු ද ක්‍රීඩා කළහ.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව ඔවුහු තරග කළහ. එවකට ලංකා පිලේ කඩුලු රකින්නා වූ එච්.අයි.කේ. ප්‍රනාන්දු එම කණ්ඩායමට ක්‍රීඩා කිරීම විශේෂ සිහිවටනයකි. එම තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය.
‘මිරර්’ කණ්ඩායමට ලකුණු 305 / 6 (රොහාන් කනායි 60, ගාෆීල්ඩ් සෝබර්ස් 58, වෙස්ලි හෝල් 54, කොන්රඩ් හන්ට් 50, සෙමෝර් නර්ස් 31, චෙස්ටර් වොට්සන් 22, සනී යටවර ලකුණු 2/41
සභාපතිගේ කණ්ඩායම ලකුණු 180/7 මයිකල් තිසේරා (නොදැවී) 102, වෙස්ලි හෝල් 3/37
(මිරර් පිල ලකුණු 300 වාර්තා කළේ මිනිත්තු 180 කිනි.)
1981 වසරේ දී ශ්‍රීමත් සෝබර්ස් තවත් වතාවක් ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඒ ක්‍රිකට් උපදේශකවරයකු ලෙසිනි. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි අමාත්‍ය ගාමිණි දිසානායක මහතාගේ ඇරැයුමින් ඔහු මෙලෙස මෙරටට පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැනුවත් කොට උපදෙස් ලබා දෙන්නටය. ඔහු එදා පැවැති 25න් පහළ ‘හොන්ඩා ක්‍රිකට් තරගාවලියේ’ තරග කිහිපයක් නැරඹීය. එහිදී ගාලු ක්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. කණ්ඩායම් අතර පැවැති තරගයේ අර්ජුන රණතුංග රැස්කළ ලකුනු 52 ඉනිම ශ්‍රීමත් සෝබර්ස්ගේ පැසසුමට ලක් විය. ඔහු එදා කීවේ අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බෙහෙවින් වැඩදායක ක්‍රීඩකයකු වන බවයි.
ක්‍රිස්ටෝපර් රණසිංහ










