"අසත්‍ය ප්‍රචාරණ සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පැහැදිළි කිරීම" යන ශීර්ෂය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 'බෝන් අගේන්' (Born Again) නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරමින් පසුගියදා නිල නිවේදනයන් නිකුත් කරනු ලැබුවේය.
මෙම නිවේදනයට අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම පුද්ගලයකුටම තමන් කැමැති ආගමක් ඇදහීම සඳහා ලබා දී ඇති නිදහසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෞරව කරන බව ප්‍රකාශ කරන බව පෙන්වා ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු කටයුත්තක් සඳහා පුද්ගලයකුගේ
ආගමික ලබ්ධිය සැලකිල්ලට නොගනු ලබන බව සඳහන් කර සිටියි. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු කිසිදු ආගමික කණ්ඩායමක න්‍යාය පත්‍රයකට අනුව කටයුතු නොකරන ආයතනයක් බව ද එම නිල නිවේදනය මගින් අවධාරණය කර තිබුණේය.
එය සත්‍යයක් වන්නේ ද?
මෙම චෝදනා පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස ප්‍රතිචාර දැක්වුව ද මේ වනවිට "බෝන් අගේන්" (Born Again) වැනි මුලධර්මවාදී බයිබලීය නිකායන් ලෝකය පුරා තමන්ටම සුවිශේෂ වූ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරමින් තිබේ. එම තත්ත්වයට අනුව එවැනි මූලධර්මවාදී නිකායන් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ පමණක් නොව ඕනෑම ආයතනයක් තුළ හෝ කණ්ඩායමක් තුළ සිටිය හැකි බවට සාධාරණ සැකයක් කෙනෙකු තුළ ඇතිවීම ද වැළැක්විය නොහැක.
එක්තරා ආකාරයකට ආගමික වියරුවක් ලෙස හැඳින්විය හැකි මෙය අද ඊයේ ආරම්භ වූ ක්‍රියාදාමයක් හෝ ශ්‍රී ලංකාව තුළ පමණක් ගොඩනැඟුණු තත්ත්වයක් නොවේ. එය මේ වනවිට ලෝකය පුරා ආරම්භ වී වසර දෙසියයකට ආසන්න කාලයක් ගතවී ඇති කිතුණු මූලධර්මවාදී ව්‍යාපාරයකි. එවැනි මූලධර්මවාදී සභාවන් වල තිඹිරිගෙය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය බව සඳහන් කළ යුතුය.
ඇමෙරිකානු දේශපාලනය සමග වර්ධනයවූ මෙම "බෝන් අගේන්" (Born Again) මුලධර්මය යුග තුනක් තුළ විකාශනය වී ඇති බව කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රිස්තියානි සංස්කෘතික අංශයේ කථිකාචාර්ය විජිත් රෝහණ ප්‍රනාන්දු තම "ලාංකීය දේශපාලනයේ කිතුනු දැක්ම" ග්‍රන්ථයේ දක්වා තිබීම මගින් එය තවත් තහවුරු වෙයි. එහි තුන්වන යුගය ලෙස 1970 - 2000 කාලය සැලකෙයි. එහි මූලිකයා බවට පත්ව ඇත්තේ 1980 ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වන රොනල්ඩ් රේගන් ය. එය ඔහු යොදාගත්තේ ඇමරිකානු ආධිපත්‍ය ලොව පුරා පැතිරවීමට බව විශ්වාස කෙරේ.
“බෝන් අගේන්” (Born Again) යනුවෙන් අදහස් කරන මෙම “යළි ඉපදීම” සංවිධානය සදහා බොහෝවිට ඔවුන් පොළඹවා ගනු ලබන්නේ කිසියම් කිතුණු සභාවකට අයත් වන සාමාජික සමාජිකාවන් හෝ කිසියම් හෝ දේව ඇදහිල්ලකට යොමුව ඇති ප්‍රජාවන් සහ පුද්ගලයින්ය. තමන්ගේ වත්පිළිවෙත් සම්බන්ධයෙන් පුද්ගලයන් තුළ දැඩි විශ්වාසයක් ගොඩනංවා ඔවුන්ගේ ගැලවීම තනිවම ළඟා කරගත හැකි බව සහ දෙවියන් වෙත ඔවුනට ළංවිය හැකි බව ඒත්තු ගැන්වීමේ මෙම ව්‍යාපාරයේ සැලසුමකි.
මෙම මුලධර්මවාදී ඉගැන්වීම් සහ අභ්‍යාසයන් හරහා ලතින් ඇමෙරිකානු රටවල 1970 කාලයේදී බලයට පැමිණ සිටි වාමාංශික දේශපාලන බලවේග සහ ඒ සදහා සහය දක්වන ලද විමුක්ති දේවධාර්මික කිතුනු සභාවන් සහ කණ්ඩායම් විනාශ කිරීම ඇමෙරිකාවේ අරමුණ විය. ඒ වෙනුවෙන් ඔවුන් විශාල ධනස්කන්ධයක් වැය කරනු ලැබුනේය.
විශාල බෞද්ධ ජනතාවක් ජීවත්වූ දකුණු කොරියාවේ බහුතර ආගම බවට ක්‍රිස්තියානි ආගම පත්කිරීමට “බෝන් අගේන්” ව්‍යාපෘතියට හැකිවීම මෙම සංවිධානයේ ප්‍රබලත්වය තේරුම් ගැනීමට එක් නිදර්ශනයකි. එසේම ඇමෙරිකාවේ සහාය ඇතිව දකුණු කොරියාවේ මෙලෙස ස්ථාපනය කළ “බෝන් අගේන්” කණ්ඩායම් ලෝකය පුරා තම ආධිපත්‍ය පැතිරවීමේ කොන්ත්‍රාත්තුව භාරගන්නේ ඒ අනුවය. මෙය වර්තමානය වනවිට ඉතාමත් සංවිධාත්මකව මෙහෙයවනු ලබන ගෝලීය ජාලයකි. මේ වනවිට ලෝකය පුරා මෙම බොන් අගේන් මුලධර්මය ප්‍රචලිත කරවන බයිබලීය සභාවන් දහස් ගණනක්ය.
බයිබලයේ විමුක්තීය හරය පිළිබඳ තබදොයිතුවකටවත් මායිම් නොකරන මෙම කණ්ඩායම් විවිධ ජනප්‍රිය ක්‍රම භාවිත කරමින් තමන් වෙත එන බැතිමතුන් මෝහනයට පත් කරන අතර ඒ සදහා මසුරු කමකින් තොරව මුදල් විසිකරති.
පසුගිය කාලයේ මේ මුලධර්මවාදී වැඩ පිළිවෙල ගම් මට්ටමින් කිසියම් පසුබෑමකට ලක්වූ අතර ඒ අනුව රටේ ජනප්‍රිය කොටස් සහ පුද්ගලයින් සමබන්ධ කර ගනිමින් එම ප්‍ර්‍යත්නය ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන බවට කිසියම් සැකයක් මතුව තිබේ.
පසුගියදා වාර්තා වූ ආකාරයට එක්තරා ජනප්‍රිය ගායකයකු සුව කිරීම මේ “බෝන් අගේන්” මුලධර්මවාදී කණ්ඩායම් වල සැලසුම් සහගත ක්‍රියාවකි.
ක්‍රිකට් වැනි ක්‍රීඩාවකදී දක්ෂකම සහ වාසනාව එක ලෙස බලපානු ලබයි. අතිශයින්ම දක්ෂ ක්‍රීඩකයින් අතින් ඉතා ලෙහෙසි උඩපන්දු ගිලිහී යන අවස්ථා, පෙරදින ශතකයක් ලබා ගන්නා ක්‍රීඩකයකු බින්දුවට දැවී යාම එසේම අතිදක්ෂ පන්දු යවන්නෙකුට එරෙහිව ප්‍රතිවාදී පිතිකරුවෙකු දිගින් දිගටම හතරේ පහරවල්
එල්ල කිරීම අපි දැක ඇත්තෙමු. ජාතික කණ්ඩායමට එකතුවීම සහ එහි තම ස්ථානය රැකගැනීම සැම ක්‍රිකට් ක්‍රීඩකයකුටම අති මහත්වූ අභියෝගයක් බවට පත්ව ඇත.
එක්තරා ආකාරයකට ක්‍රිකට් ක්‍රීඩකයකුගේ පැවැත්ම තණ තිල්ල මත දෝලනය වන පන්දුවක් වැනිය .මෙවැනි සන්දර්භයක් තුළ තම හැකියාවට අමතරව වාසනාව උදා කරගැනීමට නොපෙනෙන බලවේග වෙත ක්‍රීඩකයින් යොමු කරවීම එතරම් ම අපහසු වන්නේ නැත.
ඒ අනුව ‘බෝන් අගේන්’ මූලධර්මවාදීන් ක්‍රිකට් තුළට රිංගා ගැනීම අරුමයක් නොවේ. එහෙත් මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර ඇති නිවේදනයේ ඇති කරුණු අප ප්‍රශ්න කරන්නේ නැත. එහෙත් කිසියම් ආකාරයකට මෙම “බෝන් අගේන්” ක්‍රමවේදයන්ට අනුකුල යැදුම් ක්‍රීඩකයින් අතර සිදුව ඇති බව නිල නොවන ආරංචි ජනතාවට සන්නිවේදනය වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයට එම චෝදනා එල්ල වන්නේ ඒ නිසා විය යුතුය.
අරුණ ශාන්ත නෝනිස්










