ටෙස්ට් ලකුණු වාර්තා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය මංමුලා වෙයි ද? | සිළුමිණ

ටෙස්ට් ලකුණු වාර්තා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය මංමුලා වෙයි ද?

 

පිතිකරුවාගේ ප්‍රධාන කාර්ය කුමක් ද? එය හුදෙක් ලකුණු රැස්කිරීම පමණක් ද? එසේ නැතහොත් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු රැස්කිරීම ද? කඩුල්ලට පැමිණි මොහොතේ සිට ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ පන්දුවලට රිදෙන්නට පහර දෙමින් ලකුණු අතරට පිවිසීම ද? පිතිහරඹයේදී අවසානයේ ක්‍රීඩකයාගේ නම ඉදිරියේ සනිටුහන්වන ලකුණු ප්‍රමාණය ඉතිහාසයේ ඔහු සම්බන්ධයෙන් තක්සේරුවක් ඇතිකර ගැනීමට ඇති එකම සාක්ෂිය වන්නේ ද? මෙම ලිපියෙන් සලකා බැලෙන්නේ ඒ පිළිබඳව ය.'

පිතිකරුවාගේ ප්‍රධාන කාර්යය ලකුණු රැස් කිරීමයි. බොහෝ පිතිකරුවන් සාර්ථක වන්නේ ලකුණු අතර රැදී සිටීම නිසා ය. මෙවැනි පිතිකරුවන් වාර්තාගත කොටසක් සේම ක්‍රිකට් ලෝලයින් අතර නමක් දිනූ ජනප්‍රිය පිරිසක් ද වෙති.

අදටත් ලොව බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා සේ සැලකෙන්නේ ඹ්ස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ය. 1930 සහ 1948 සමයේ ටෙස්ට් තරග වලට සහභාගී වූ බ්‍රැඩ්මන් ටෙස්ට් තරග 52ක ඉනිම් 80කදී රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 6996කි.එහි සාමාන්‍යය අසමසම 99.9කි. බ්‍රැඩ්මන් සිය අවසන් ඉනිමේදී තවත් ලකුණු හතරක් රැස් කළානම් ඔහුගේ සාමාන්‍ය 100.00ක් වන්නට තිබුණි.නමුත් තමාගේ අවසාන ටෙස්ට් ඉනිමේ දී ඔහු දැවී ගියේ ලකුණු බින්දුවකට (0) කටය. බ්‍රැඩ්මන් තැබූ මේ අසාමාන්‍ය වාර්තාවට අවුරුදු 72ක් ගතවී ඇතත් කිසිදු පිතිකරුවකු එහි ආසන්නයටවත් පැමිණ නැත.

සුප්‍රකට “විස්ඩන් ” ක්‍රිකට් සඟරාව සටහන් කොට තිබෙන අන්දමට ටෙස්ට් පිටියේ ලකුණු සාමාන්‍යය 60.00 වාර්තා කොට ඇත්තේ පිතිකරුවන් තිදෙනෙකු පමණි.පළමු වැන්නා දකුණු අප්‍රිකාවට ක්‍රීඩාකළ ග්‍රැහැම් පොලොක් ය. ඔහු ටෙස්ට් තරඟ 23ක ඉනිම් 41කදී ලකුණු 2256ක් රැස් කළේ සාමාන්‍යය 60.97ක් සමඟය.මෙහි දෙවැන්නා බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ජෝර්ජ් හෙඩ්ලිය. ඔහුගේ වාර්තාව ටෙස්ට් තරඟ 23ක ඉනිම් 41කදී 2256ක් රැස් කළේ සාමාන්‍ය 60.97ක් සමගය. මෙහි දෙවැන්නා බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ජෝර්ජ් හෙඩ්ලි ය.ඔහුගේ වාර්තාව ටෙස්ට් තරඟ 22ක ඉනිම් 40කදී ලකුණු 2190ක් වන අතර සාමාන්‍යය 60.93කි.තුන්වැන්නා එංගලන්ත පිතිකරු හර්බට් සක්ට්ලිනේ වන අතර ඔහු ටෙස්ට් තරඟ 54ක ඉනිම් 84කදී ලකුණු 4555ක් රැස්කොට ඇත්තේ සාමාන්‍යය 60.73ක් වශයෙනි.

බ්‍රැඩ්මන්, පොලොක්, හෙඩ්ලි සහ සක්ට්ලිනේට පසුව ලකුණු සාමාන්‍යය 59 න් 57 අතර වාර්තා කරන්නට සමත් වූ පිතිකරුවන් කීප දෙනෙකු වෙති.

ඒ, එඩී පේන්ටර්,කෙන් බැරිංටන්,වොලී හැමන්ඩ් සහ ජැක් හොබ්ස් (එංගලන්තය) එවර්ටන් වීක්ස් සහ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබස් (බටහිර ඉන්දීය කොදෙව්) යන ක්‍රීඩකයෝය.

ටෙස්ට් පිතිකරුවන්ගේ සාමාන්‍ය අනුව ශ්‍රී ලංකාව රැඳී ඇත්තේ කොහේ ද?

වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ අස්ථාවර වූ දුර්වල පිතිහරඹය මේ වනවිට සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. විශේෂයෙන් ටෙස්ට් තරග පරාජයන්ට හේතුව මෙලෙස ස්ථාවර නොවූ පිතිහරඹ යි. මේ විමසා බැලෙන්නේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු රැස් කිරීම් සහ සන්ධිස්ථාන ගැනය.

ටෙස්ට් තරගවල ලකුණු 1000 ක් රැස්කළ ප්‍රථම ශ්‍රී ලංකා පිතිකරුවා දුලිප් මෙන්ඩිස්ය. 1985 දී ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරග මාලාවකදී ඔහු මෙම සන්ධිස්ථානය කරා ළඟාවුණේ ටෙස්ට් තරග 13 ක ඉනිම් 26කදීය. ශතක 4 ක් සහ අර්ධ 6 ක් ඇතුළත් වූ ලකුණු දහසේ සාමාන්‍යය 41.44 කි. ටෙස්ට් ලකුණු 1000 ක් රැස් කිරීමේ අපේ දෙවැන්නා කීර්තිමත් පිතිකරුවකු වූ රෝයි ඩයස් ය. රෝයිගේ වාර්තාව ටෙස්ට් තරග 12 ක ඉනිම් 23 කදී ය.ශතක 3 ක් සහ අර්ධ ශතක 7ක් ඇතුළත් විණි.

දුලිප්, රෝයි සමඟ ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ සිදත් වෙත්තමුණි ද මෙරට ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ට ඉනිම් වාර්තා කළ පිතිකරුවන් බැව් කිව යුතුය.

ශ්‍රී ලංකාවට ලෝක ක්‍රිකට් කුසලාන දිනා දීමට විශිෂ්ට නායකත්වයක් දුන් අර්ජුන රණතුංග ටෙස්ට් තරගවල ලකුණු 2000ක් සම්පූර්ණ කළ මෙරට පළමුවන පිතිකරුවාය.1992 ඔස්ට්‍රේලියාව සමඟ පැවැති ටෙස්ට් තරග මාලාවේදී අර්ජුන මෙම සන්ධිස්ථානය කරා ළඟාවුණේ ටෙස්ට් තරඟ 36ක ඉනිම් 61කදීය. ශතක 3ක් සහ අර්ධ ශතක 13ක් ඇතුළත් වූ එහි සාමාන්‍යය 34.43 කි. මේ මෙරට ටෙස්ට් තරගවල තවත් සන්ධිස්ථාන කීපයක් ගැන සැකෙවින් දැක්විය හැකි තොරතුරු ය.

• අරවින්ද ද සිල්වා - ටෙස්ට් ලකුණු 5000ක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවාය. ඔහු මෙම සන්ධිස්ථානය කරා ළඟා වුණේ 1998 දී ය. එය වාර්තා වුණේ ටෙස්ට් තරග 74 ක ඉනිම් 128 ක දී ය. අරවින්දගේ ලකුණු වාර්තාව තරග 93, ඉනිම 159 , ලකුණු 6361, ශතක 20, අර්ධ ශතක 22, සාමාන්‍ය 42.97 (1997 දී ටෙස්ට් තරග 11 කදී ලකුණු 1220 (සාමාන්‍ය 76.25) ක් රැස්කිරීමය.)

මහේල ජයවර්ධන ටෙස්ට් ලකුණු දස දහසක් රැස්කළ පළමු ශ්‍රී ලාංකා පිතිකරුවාය. ඔහු එස්.එස්.සී පිටියේදී ටෙස්ට් තරග 19කදී ලෝක වාර්තාගත ලකුණු 2034ක් රැස් කළේ සාමාන්‍යය 81.36 ක් පවත්වා ගනිමිනි.

තරග 149, ඉනිම 252, ලකුණු 11814, ශතක 34, අර්ධ ශතක 50, සාමාන්‍ය 49.84

කුමාර් සංගක්කාර මෙරට ටෙස්ට් ලකුණු 8000, 90000, 10000 සහ 11000 සන්ධිස්ථාන වේගවත්ව රැස්කළ පිතිකරුවාය.

සනත් ජයසූරිය - අපේ ලෝක පූජිත පිතිකරුවාගේ ටෙස්ට් වාර්තා කීපයක් ගැන සඳහන්ය. ඒවා අතර 1997 ටෙස්ට් තරග 8කදී ලකුණු 1114 (74.26) 1997 දී ඉන්දියාව සමඟ ටෙස්ට් තරඟ 2කදී ලකුණු

571( 190.33) ඉහළ පිතිහරඹයක් පෙන්වූ අවස්ථාය.

ඉහත විශේෂ සන්ධිස්ථාන ගැන මතක සටහන් අවදි කරද්දී වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනක් සිය ක්‍රිකට් ජීවිතයේ පෞද්ගලික සන්ධිස්ථාන කීපයක් පසුකර ගියහ. ඒ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 6000 ක් ද දිනේෂ් චන්දිමාල් ලකුණු 4000 ක් ද සම්පූර්ණ කිරීමය.

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු 6000 පසු කොට ගියේ තමාගේ 88 වැනි ටෙස්ට් තරගයයේ දී ය.

එංගලන්තය සමග ටෙස්ට් තරග මාලාවේ දී දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ලකුණු 4000 පසු කළේ තමාගේ 59 වැනි තරගයේ 106වැනි ඉනිමේදී ය. එය සතුටට කරුණකි. එහෙත් එම වාර්තා සමස්ත කණ්ඩායමට බලපෑම් කළ සන්ධිස්ථාන වලට වඩා ඒක පුද්ගල ජයග්‍රහණ ගණයට වැටේයැයි කිවහැකිය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට වරම් ලබා සිටින තරුණ ක්‍රීඩකයින්ගේ මෙන්ම ටෙස්ට් වරම් පතන නවක ක්‍රීඩකයින්ද හිටපු ක්‍රීඩකයින්ගේ ද දස්කම් අධ්‍යයනය කළ යුතුය. සාර්ථක පිතිකරුවකු වීමට නම් හිටපු ක්‍රීඩකයින් පෙන්වූ කැපවීම සාර්ථක පුහුණුවීම, නිවැරැදි තාක්ෂණය, පන්දු යවන්නාට මුහුණ දෙන ආකාරය සහ අඩුපාඩු නිවැරදි කරගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එසේ නොවේනම් සිදුවන්නේ ටෙස්ට් වාර්තා අතර අතරමංවීමට ය.

ක්‍රිස්ටෝපර් රණසිංහ‍

Comments