පෝෂණ උපදෙස් කමිටුවක් | සිළුමිණ

පෝෂණ උපදෙස් කමිටුවක්

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය විසින් නම්කළ ඉහළ දක්ෂතා ඇති ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ගේ සංචිතයේ පෝෂණ අවශ්‍යතා විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සොයාබැලීම, නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙන්ම පෝෂණ කටයුතු නියාමන කාර්යයන් වෙනුවෙන් විද්වත් කමිටුවක් නම්කර තිබේ. මහාචාර්යවරුන් වන රේනුක ද සිල්වා, චන්දිමා වික්‍රමරත්න, ටෙරන්ස් මධුජිත් හා ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර යන මහත්ම මහත්මීන්ගෙන් අදාළ කමිටුව සමන්විත වන අතර ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතා විසින් අදාළ කමිටු සාමාජිකයන්ට නිල වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා සිදුකරනු ලැබුණේය.

ශ්‍යාමලී නිශාන්ති

Comments