
පාප් වහන්සේ නීති වෙනස් කරයි
පල්ලියේ ඉපැරණි නීති වෙනස් කරමින් පූජාව අවස්ථාවේදී එයට සහය දැක්වීමේ භූමිකාවන් සඳහා කාන්තාවන්ට සහභාගී වීමට අවසර ලබා දීමට වත්මන් ෆැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී කාන්තාවන්ට අල්තාරයේ කටයුතු සඳහා සහය වීමට අවස්ථාව හිමිවීමට නියමිතය. පූජාව අවස්ථාවේදී බයිබල් පාඨ කියවීම වැනි අවස්ථාවන්ට සහය වීමට මින් පසු කාන්තාවන්ට අවස්ථාව හිමි වනු ඇති නමුදු පූජකයන් ලෙස පූජාව පැවැත්වීමට නම් තවමත් කතෝලික කාන්තාවන්ට අවස්ථාවක් හිමි නොවනු ඇත. පසුගියදා ලිපියක් නිකුත් කරමින් මෙලෙස වෙනස් කරනුු ලැබූ නීති සම්බන්ධව අදහස් දැක්වූ පාප් වහන්සේ වැඩි දුරටත් දක්වා ඇත්තේ තම මතය අනුමත කළ බිෂොප්වරුන් එය ‘කාලයේ අවශ්‍යතාවක්’ බව පෙන්වා දුන් බවයි.
තායි රජු හිරගෙදර සැපදුක් බලයි
විශ්වවිද්‍යාල සිසුන්ගේ මූලිකත්වයෙන් රටපුරා රජපවුලට එරෙහි උද්ඝෝෂණ පැවැත්වෙද්දී මාස කිහිපයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි තායිලන්ත රජු පසුගියදා එරට බන්ධනාගාරවල සංචාරයක නිරත විය. එහිදී තම අගමෙහෙසිය සිනීනත් ද සමඟ එරට බන්ධනාගාර කිහිපයකම සංචාරය කළ රජු ඇතැම් අවස්ථාවල එම සිර මැදිරි අතුගාමින් පිරිසිදු කරමින් සිටින ඡායාරූපද මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.
බන්ධනාගාරවල සැපපහසුකම් මෙන්ම සෞඛ්‍ය තත්ත්වය යනාදිය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ තායි රජු ඉදිරියේදී ඒවායේ අඩුපාඩු සම්බන්ධව සොයා බලා තමා දැනුම්වත් කිරීමේ නිලධාරියා ලෙස තම අගමෙහෙසියද පත් කර තිබේ. තායි රජපවුල සුදු අලියෙක් ලෙස දක්වමින් විශාල ලෙස පැවැත්වෙන උද්ඝෝෂණ මේ වන විටද තායිලන්තයේ අඩුවක් නොමැතිව පැවැත්වෙන වටාපිටාවක රජු බන්ධනාගාරවල පහසුකම් සොයා බැලීම උපහාසාත්මක බවද පැවසිය යුතුමය.
ඇමරිකාව වසර 67 පසු දුන් මරණ දණ්ඩනය අත්හිටුවයි
පසුගියදා මිනී මැරීමේ චෝදනාවට වරදකරු වූ කාන්තාවක් මරා දැමීමට ලබා දුන් නඩු තීන්දුව අත්හිටුවීමට ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ අධිකරණය කටයුතු කර තිබේ. ඉතා ම්ලේච්ඡ ලෙස කාන්තාවක් මරා දැමීමේ වරදට ඇයට මෙම මරණ දඬුවම නියම විය.
ඒ අනුව ඇමරිකාවේ වසර 67කට පසුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වීමට නියමිත වූ නමුත් දැන් එය අත්හිටුවීමට තීරණය කර තිබේ.
කෙසේ වුවද මෙලෙස මරණීය දණ්ඩනය නියම වූ කාන්තාවගේ නීතිඥයන් දිගින් දිගටම තර්ක කර සිටියේ ඇය කුඩා කාලයේ අපයෝජනයට ලක් වූ බැවින් මානසික ආබාධයන්ටද ලක්ව සිටි බවයි.
ඔලිම්පික් ගැන බොරු එපා ජපානය කියයි
මේ වසරේ දී කෙසේ හෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට අදහස් කරන බවත්, එය නැවතත් කල් දමා ඇතැයි අසත්‍ය ප්‍රචාර නොකරන ලෙසත් ජපාන ඔලිම්පික් බලධාරීහු පවසා තිබේ. 2020 ඔලිම්පික් උළෙල පසුගිය වසරේ ජූලි මාසයේදී ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව තිබූ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් එය 2021 වසර දක්වා කල් දැමීමට තීරණය විය. මේ වන විට ඒ සඳහා කටයුතු සූදානම් කරමින් පවතින අතර එය කල් දැමීම සම්බන්ධව කිසිඳු අදහසක් නැති බවද ජපාන ඔලිම්පික් බලධාරීහු පවසා තිබේ.
කෙසේ වුවද 2020 ඔලිම්පික් උළෙල 2024 දක්වා කල් දැමීමටත්, ඒ අනුව 2024 පැරිස් හිදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල 2028දී පැවැත්වීමටත් 2028 ලොස් ඇන්ජලිස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල 2032 දක්වා කල් දැමීමටත් තීරණය කර ඇති බව ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩිව පැතිර යන පුවතක් බවට පත්ව තිබේ.
නෙතන්යාහු ට්‍රම්ප් ඉවත් කරයි
ට්‍රම්ප් ජනාධිපතිවරයාට ඍජුවම චෝදනා එල්ල වුණු වොෂිංටන් නගරයේ විරෝධතාවලින් පසු බොහෝ රටවල රාජ්‍ය නායකයන්ගෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයාට විවේචන එල්ල කෙරුණු අතර ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුද ඒ අතරට එක්ව තිබේ.
ඔහු ට්‍රම්ප්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීමට තම අප්‍රසාදය පළ කර ඇත්තේ තම ට්වීටර් ගිණුමේ පැවති ට්‍රම්ප් සහ තමා පෙනී සිටින ඡායාරූපය ඉවත් කර දමමිනි. මෙතෙක් දිනක් ඔහු එම ඡායාරූපය ට්වීටර් ගිණුමේ ප්‍රධාන ඡායාරූපය ලෙස යොදා තිබූ අතර මෙසේ එය ඉවත් කිරීමෙන් මේ වන විට තම ධූරයේ අවසන් කාලයේදී දෝෂාභියෝගයකට මුහුණ දීමේ අවදානමට ලක්ව සිටින ට්‍රම්ප් ජනාධිපතිවරයාට දැක්වූ පැහැදිලි විරෝධයක් බවට මත පළවී තිබේ.