
පසුගියදා නිමාව දුටු පළමුවැනි ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) ශූරයින්වූ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් පිල නියෝජනය කළ උතුරුකරයෙන් ක්‍රිකට් පිටියට පිවිසි යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් වූ විජයකාන්ත් වියස්කාන්ත්, තේවේන්ද්‍රම් ඩිනෝෂන්, කනරගත්නම් කබිල්රාජ්, සෙබස්තියම්පිල්ලේ විජයරාජ් සහ කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කළ උතුරු පළාත් ක්‍රිකට් සංගමයේ සභාපති යෝහේන්ද්‍රන් රතීපන් වෙනුවෙන් පසුගියදා උපහාර උළෙලක් පැවැත්විණි.
මෙම තරගාවලියේදී ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ සම අනුග්‍රාහකයෙක් වූ මහා එංගලන්තයේ සම්භවයක් ඇති ජුරා JURA සමාගමේ අනුග්‍රහය ඇතිව යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාවට හිතැති සියලු පාර්ශ්වයන් එක්ව සංවිධානය කළ මෙම උත්සවයට විශේෂ ආරාධිතයින් ලෙස යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්.කේ. එලිල්වේන්ද්‍රන් මහතා මෙන්ම, යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පති වී.එස්.බී. තුෂීදරන් මහතා එක්ව සිටියහ.
ජැෆ්නා ස්ටැලියන්ස් පිල නියෝජනය කරමින් තරග සහභාගිවූ පළමු තරගයේ පළමු පන්දුවාරයේදීම ඇන්ජෙලෝ මැතිව්ස්ගේ කඩුල්ල දවාලමින් දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන් අතර බෙහෙවින් ජනප්‍රිය ක්‍රීඩකයකු බවට දකුණත් පිට දඟ පන්දු යවන 19 හැවිරිදි විජයකාන්ත් වියස්කාන්ත් තවමත් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු වේ.
19 හැවිරිදි තේවේන්ද්‍රම් ඩිනෝෂන් තවමත් යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ශිෂ්‍යයකු වන අතර, 21 හැවිරිදි කනගරත්නම් කබිල්රාජ් යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
පාසල් මට්ටමේදී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට අවස්ථාවක් නොලැබුණ ද ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වෙන් පැයට කිලෝමීටර 135ක පමණ වේගයෙන් පන්දු යැවීමේ හැකියාවක් ඇති 27 හැවිරිදි සෙබස්තියම්පිල්ලේ විජයරාජ් කිලිනොච්චි පලෙයි මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. “කිලිනොච්චි එක්ස්ප්‍රස්” ලෙසින් උතුරේ බෙහෙවින් ජනප්‍රිය වී සිටියි.
උතුරු පළාත් ක්‍රිකට් සංගමයේ සභාපති යෝගේන්ද්‍රන් රතීපන් ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කළේය.
යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ඒ.එස්. නිශාන්තන් මහතා, ලේකම් කේ. ශෂීකරන් මහතා, භාණ්ඩාගාරික එල්. ශිවශංකර් මහතා, යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරු සංගමයේ සභාපති ජී. ගෝපික්‍රිෂ්ණ මහතා, ලේකම් ටී. කිරුබාහරන් මහතා, යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරුවන් වන එස්. සුරේෂ් මොහාන් මහතා මෙන්ම කේ. ෂෙල්ටන් මහතා ද යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු පී. ලවේන්ද්‍ර මහතා ද මෙම අවස්එක්ව සිටියහ.











