ලොව කළඹා - පිටිය යළි සරසන LPL වසන්තයේ නිල ගීතය | Page 2 | සිළුමිණ

ලොව කළඹා - පිටිය යළි සරසන LPL වසන්තයේ නිල ගීතය

ක්‍රිකට් වසන්තය නැවතත් කරළියට ගෙන එමින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හම්බන්තොට, සුරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙයි. ගෝලීය වසංගතයක් වන කොවිඩ් 19 හමුවේ හුදකලා තරගාවලියක් ලෙස දින 15ක් පුරා තරග 23ක් එකම ක්‍රීඩාංගනයකදීයි.

මෙම තරගාවලිය ස්වාධීන රුපවාහිනය ඹස්සේ ක්‍රීඩාලෝලීන්ට සජීවිව නිවසේ සිට නැරඹීමේ භාග්‍ය මේ අනුව උදාවී තිබේ. පිිටියේ ප්‍රේක්ෂකයන් නොමැති වුවත් නිවසේ සිට ක්‍රිකට් තරග නරඹන ක්‍රීඩා ලෝලීන්ගේ තරග උණුසුම ත්‍රීව කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ඉදිරිපෙළේ සිටින තරුණ සංගීතඥයින් දෙදෙනෙකු වන භාතිය ජයකොඩි හා සංතුෂ් විරමන්ගේ දායකත්වය ලබාගෙන ඇත. ඒ අනුව මොවුන් දෙපල එක්ව එල්.පී.එල්. වෙනුවෙන්ම නවතම ගීතයක් නිර්මාණය කර තිබේ. ඒ රැප් සංගීත ශෛලිය පාදක කොට ගෙන හිපෝප් සංගීතයේ මුසුවත් සමග නිර්මාණය කළ 'ක්‍රිකට් ලොව කළඹා - පිටිය යළි සරසා' ගීතය මගිනි. වේග රිද්මයේ ගීයක් වන මෙම ගීතය මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම ක්‍රීඩකයන් තුළද නිසැක උත්තේජනයක් නිර්මාණය කරනවාට කිසිදු සැකයක් නැත.

භාතිය හා සංතුෂ් (B&S) සංගීත කණ්ඩායම LPL තරගාවලිය වෙනුවෙන්ම නිරිමාණය කරන ලද මෙම ගීතයට සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම හඩ මුසු කර තිබීමද විශේෂත්වයකි. එම ගීතය ගායනයෙන් භාතිය හා සංතුෂ් (සිංහල) ඒ.ඩී. කේ. හා රෝයි ජැක්සන් (දෙමළ) ශීයාම් ඩීන් (ඉංග්‍රීසි) ප්‍රමුඛ B&S සංගීත කණ්ඩායමේ දායකත්වය දක්වා තිබේ. ගීතයේ නිර්මාණදායකත්වය ක්‍රිෂාන් ප්‍රනාන්දු හා සන්තුෂ් විරමන් ගෙනී. සංගීතය නිර්මාණය හා සංයෝජනය ක්‍රිෂාන් ප්‍රනාන්දු, ශබ්ද පරිපාන ඉංජිනේරු මහේෂ් කංකාණීගෙනී. යොහාන් අබේකෝන් (සිංහල) රන්දීර් විතාන (ඉංග්‍රීසි) කේ. සී. ප්‍රගෂ් හා ඒ.ඩී.කේ.(දෙමල) ගේය පද රචනයෙන් දායක වී ඇත.

Comments