යෝධයෝ හැලෙති | සිළුමිණ

යෝධයෝ හැලෙති

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්, දකුණු අප්‍රිකාවේ ෆැෆ් ඩු ප්ලෙසිස් සහ ශ්‍රී ලංකාවේ විස්සයි 20 නායක ලසිත් මාලිංග හා පාකිස්තානයේ සෆ්රාස් අහ්මඩ් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වී ඇති ප්‍රධාන ක්‍රීඩකයන් අතරට එක්ව තිබේ.

මෙකි විස්සයි 20 ලීග් තරගාවලියේ ඉහළම ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව සිටින ගේල්, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට පවසා ඇත්තේ ආබාධයක් හේතුවෙන් තමා මෙලෙස තරගාවලියෙන් ඉවත්ව යන බවයි. සෆ්රාස් තරගාවලියෙන් ඉවත්වී ඇත්තේ කෝවිඩ් වයිරසය ශරීරගතවීම හේතුවෙනි.

මේ අතර ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පන්දුවාර විස්සයි විස්ස ක්‍රීඩකයා සේ සැලකෙන ලසිත් මාලිංග ඉන් ඉවත්ව ඇත්තේ පුහුණුව ප්‍රමාණවත් නැතැයි පවසමිනි. පසුගිය මාස අටක කාලය තුළ ඔහු කිසිදු පුහුණුවක් නොලැබූ බවත් නිසි පුහුණුවක් නොමැතිව එල්පීඑල් සඳහා සහභාගී වීමට නොහැකි බවත් මාලිංග පවසා ඇත. එසේම ලසිත් මාලිංග මෙවර ඉන්දීයන් ප්‍රිමියර් ලිග් තරගාවලියට ද එක් නොවිය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ඩු ප්ලෙසිස් පවසන්නේ තමාට ජාතික කණ්ඩායමේ රාජකාරි ඇති බැවින් මෙකි ලීගයට ක්‍රීඩා කළ නොහැකි බවය.

එංගලන්ත ක්‍රීඩක රවී බොපාරා මූලම්‍ය හේතු දක්වමින් තරගාවලියෙන් ඉවත්ව තිබේ. මේ අතර කබීර් අලිද ඉන් ඉවත්ව ඇත්තේ සෞඛ්‍යමය හේතූ මූලික කරගනිමිනි. ඔහුද කෝවිඩ් රෝගයෙන් පීඩා විඳින බව මෑතකදී අනාවරණය විණි. මේ අනුව හර්ෂල් ගිබ්ස් ඒ වෙනුවෙන් පත් කරනු ලැබ ඇත.

Comments