
එල්පීඑල් තරගාවලි අධ්‍යක්ෂ
රවින් වික්‍රමරත්න
අයි.පී.එල්. නැතහොත් ඉන්දීය ප්‍රිමියර් ලීගය ලෝකයේ ඇති ප්‍රධානතම විස්සයි විස්ස තරගාවලියය. එහි පාලන කටයුතු සිදුකරනුයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩය විසින් පත්කරගත් අයි.පී.එල්. පාලන කවුන්සිලයක් විසිනි. එහි ප්‍රධානියා බ්‍රිජේෂ් පටෙල්ය. සුහුඹුලේ පසුගියදා ශ්‍රී ලංකාවේ ආරම්භ වූ එල්.පී.එල්. හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් පිහිටවූ පාලන කමිටුවේ අධ්‍යක්ෂ ධුරය පැවරී ඇත්තේ රවීන් වික්‍රමරත්නටය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙකි. 'ක්‍රීඩා' හි පළකෙරෙන 'ඩිරෙක්ට් හිට්' සාකච්ඡාව වෙනුවෙන් පළමු වරට මෙවර පෙනී සිටින්නේ ඔහුය.
ඇයි මේ කොරෝනා අස්සේ එල්.පී.එල්. ?
කොරෝනා ආවෙ මාර්තු මාසයේනේ ඒක දිගටම තිබුණනේ. එතකොට ලංකාවට එන්න තිබුණු ක්‍රිකට් සංචාර 7ක් අපිට අහිමිවුණා. ජනතාවත් ගෙවල්වලට කොටුවෙලා හිටියේ. මේ කාලේ තමයි තරගාවලිය පවත්වන්න සුදුසුම කාලේ.
ඒ කියන්නේ කොරෝනා දෙවැනි රැල්ලත් එක්ක ?
මෙහෙමයි. ජූලි මාසේ වෙනකොට ලංකාව කොරෝනා අවදාමකින් ගැලවිලානේ හිටියේ. ඉතින් ඒක නිසයි එදා ඉඳලා මේ තරගාවලිය සූදානම් කළා. ඒ සූදානම අනුව අපි දිගටම වැඩ කරගෙන ආවා. අතරමගදි අපිට නවත්තන්න බෑ. මොකද ඒ වෙනකොට අපි අන්තර්ජාතිකව ටෙන්ඩර් කැඳවලා මේ සියලුම දේවල් තීරණයක් අරගෙනයි තිබුණේ.
ඒ නිසා අවදානම ගත්තා කියලද කියන්නේ ?
අපිට සාමාන්‍ය ජීවිතය ගෙනියනවද එහෙම නැත්තම් ගෙවල්වලට කොටුවෙලා සියලු දේවල් නවත්තලා ඉන්නවද කියලා තීරණයක් ගන්න වෙනවා. ජනසමාජයකටවත් මොනම රටකටවත් එහෙම ඉන්න බෑ. මේකට හොඳම උදාහරණය තමයි අමෙරිකාව, එංගලන්තය වගේ රටවල්. එංගලන්තය තමයි මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ. කොවිඩ් වසංගතය ඔච්චර තිබිලා මිනිස්සු මැරෙද්දි ඔවුන් ජෛව ආරක්ෂිත බුබුලු ක්‍රමවේදය කියන එක ක්‍රියාත්මක කරමින් ඔවුන් ඔවුන්ගේ ක්‍රිකට් තරග පැවැත්වුවා. අපිත් සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව තමයි මේ තරගාවලිය පවත්වන්නේ.
පී.සී.ආර්.පරීක්ෂණ කොහොමද කෙරෙන්නේ?
හැමෝම පී.සී.ආර්. පරීක්ෂණ දෙකක් කරන්න ඕන. තරාවලියට ඇතුළත් වුණාට පස්සේ තුන්වැනි දවසේ දි නැවත වතාවක් එකක් සිදුකරනවා. හයවෙනි දවසේදි ආපහු ගන්නවා. ආපහු 9 වැනි දවසේදිත් ගන්නවා. ඉන් පස්සේ හැම පස්වෙනි දවසකම මේ තරගාවලිය ඉවර වෙනකල් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් ක්‍රීඩකයකුට පී.සී.ආර්. 9ක් වගේ ප්‍රමාණයක් කෙරෙනවා.
විදෙස් ක්‍රීඩකයන් ගෙන්වීමෙන් අපේ ක්‍රීඩකයන්ට අවදානමක් නැද්ද.?
දැන් මේ රටේ මේ වගේ තත්ත්වයක් තියෙන්නේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් ගෙන්වලා නෙවෙයිනේ. අද වෙනකොට මේක නව කොරෝනාව හැටියට තැනින් තැන මතුවෙනවානේ. අනිත් එක ජාත්‍යන්තර ක්‍රීඩකයන්ව අපි නිකම් ගෙන්වන්නේත් නෑ. ඔවුන් ලංකාවට එන්න පැය 72කට පෙර පී.සී.ආර්. පරීක්ෂණ දෙකකට පෙනී සිටිය යුතුයි. ඊට පස්සේ කටුනායක ගුවන්තොටුපලේදි තව එකකට පෙනී සිටිනවා. ඊට පස්සේ ඉතිරි නවයම ගන්න ඕනෑ.
මාලිංගලා, ගේල් ලා නෑ..තරගාවලියේ වර්ණවත්භාවය අඩුවෙලා නේද ?
මෙහෙමයි සමහර ක්‍රීඩකයන්ගේ නොපැමිණීම් තුළින් ඒ ගතිය අඩුවෙන්න පුළුවන්. ඒක මම නෑ කියන්නේ නෑ. මොකද ඔවුන් දැනටමත් ලෝකේ පුරා ලීග් ක්‍රීඩා කරමින් ඉන්න නිසා. හැබැයි

එක් තරගාවලියට කොයි ආකාරයෙන් බලපානවද නැද්ද කියන එක නම් මට හිතාගන්න බෑ. මොකද වර්ණවත් කියන එකයි තරගකාරීත්වය කියන එකයි දෙකක්. වර්ණවත් වෙන්න පුළුවන් දැන් ගේල්ලා ආවාම වර්ණවත්. ඒත් ගේල්ලා දස්කම් නොදක්වන වෙලාවලට අනික් ක්‍රීඩකයන් දස්කම් දක්වනවානේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් නේ ඉතින්. ඕන වෙලාවක.
අයි.පී.ජී. සමාගමේ ගිවිසුම අවුරුදු 5ක් ද?
අනිවාර්යයෙන්ම මේක අවුරුදු 5ක් වාර්ෂිකව පවත්වාගෙන යන්න තමයි අයි.පී.ජී. එකත් එක්ක ගිවිසුම්ගතවෙලා ඉන්නේ. ඊට පස්සේ යම්කිසි වෙනස්වීමක් වෙන්න පුළුවන්.
හැම තීරණයක්ම ගන්නේ අයි.පී.ජී. සමාගම ද ?
එල්.පී.එල් එකේ පරිපාලන කවුන්සිලයක් තියෙනවා. එල්.පී.එල්. අපේ එකක්නේ. ඒකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට. හෙට අයි.පී.ජී. එක වරදක් කළොත් අපිට එගොල්ලන්ව එළියට දාන්න පුළුවන්. විකාශන අයිතිය ගත්තු සෝනි වුණත් එහෙමයි. කණ්ඩායම් අයිතිය ගත්තු සමාගම් වුණත් එකක් අපිට ඒක කරන්න පුළුවනි. අපි ඒ අයිතිය තියාගෙන තමයි ඉන්නේ.
තරගාවලියට කණ්ඩායම් 5ක් මදි නැද්ද ?
අපි බලාපොරෙත්තු වෙනවා තුන්වැනි අවුරුද්දේදි විතර තවත් කණ්ඩායම් වැඩි කරන්න.
මේ තරගාවලිය අපේ ක්‍රීඩකයන්ට බලපාන්නේ කොහොමද ?
ලංකාවේ ක්‍රීඩකයන්ට ලොකු බලපෑමක් තියෙනවා. මොකද අවුරුදු 8ක් තිස්සේ මොනවවත් කරගන්න බැරිවුණා. ලීගයක් කරන්න බැරිවුණා. ඒක නිසා ලංකාවේ ඉන්න යොවුන් ක්‍රීඩකයන්ට එල්පීඑල් එක තෝතැන්නක් වෙයි ඉදිරියට ඔවුන් කොහොමද මේ ක්‍රිකට් එකේ සිටුවේෂන් එක (ඒ මොහොතේ පවතින තත්ත්වය) අද වෙනකොට විරාත් කෝලිලා රෝහිත් ෂර්මලා අද ඔවුන් ක්‍රීඩා කරන විලාශයයි අපේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විලාශයයි අතර මේ සිටුවේෂන්වලදී ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මං හිතනවා මේ තරගාවලිය තුළින් ඒක අපේ ක්‍රීඩකයන් හඳුනා ගනීවි. ඔවුන්ට පන්නරයක් ලැබේවි.
ඡායාරූප - වාසිත පටබැඳිගේ










