මහින්දගේ කොන්ද... | Page 2 | සිළුමිණ

මහින්දගේ කොන්ද...

හින්දට කොන්දේ අමාරුව, ටිකක් වෙලා හිටගෙන ඉන්නවත් බැහැ. වයසට ගිහිල්ලත් තාම තණ්හාව” යනුවෙන් විරුද්ධ පක්ෂයේ මඩ සමාජ මාධ්‍ය ජාලවල එක් මාතෘකාවක් බවට පත්වූයේ 17 වැනිදා සවස් කාලයේදී ය.අය - වැය වෙනුවට “මහින්දගේ කොන්ද” සමඟි ජන බලවේගයේ, ජාතික ජන බලවේගයේ, බෙදුම්වාදී කණ්ඩායම්වල, අන්තවාදී කණ්ඩායම්වල, කොටි හිතවාදී කණ්ඩායම්වල, සමාජ ජාලවල ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබුණි. 

2021 අය - වැය වෙනුවට ඔවුන් මහින්දගේ කොන්ද ගැන කතා කරන්නේ ඇයි? ඔවුන් මහින්දගේ කොන්ද ගැන කතා කරන්නේ අය - වැය ගැන ඔවුන්ට බයිට් එකට ගන්නට මුකුත්ම නැති නිසාද? නොඑසේනම් අය - වැය ගැන කතා කරන්නටම දෙයක් නැති නිසාද? වයස අවුරුදු 75 ක් වන මහින්දගේ කොන්ද ගැන කතාකරන ෆේස්බුක් චූටි මල්ලිලාට උඩ එල්ලී යෝග අභ්‍යාස කරන්නට පුළුවන් ද කියා ඔවුන්ගේ හෘදය සාක්ෂිය හොඳාකාරයටම දනවා ඇත.

අය - වැය කතාව පැය 1 1/2 ක් පමණ එක දිගට කියවා කෙටි විවේකයක් ලබා ගෙන යළි සිටගෙන එක දිගට කියවා ඉන්පසුව අසුන්ගෙන නමුත් ඉතා නිරවුල්ව අය - වැය කතාව මහින්ද විසින් ඉදිරිපත් කරන ලදී.

අය - වැය කතාව හිටගෙන ඉදිරිපත් කළද අසුන්ගෙන ඉදිරිපත් කළද වැදගත් වන්නේ එය ඉදිරිපත් කරන විලාසය නොව එහි තිබෙන අන්තර්ගතයයි.

සඳ දෙසට ඇඟිල්ල දිගු කළ විට සඳ දෙස නොබලා ඇඟිල්ලේ තුඩ දෙස බලන්නේ දැන හෝ නොදැන අන්තවාදීන්ට, බෙදුම්වාදීන්ට කඩේ යන ෆේස්බුක් නංගිලා, මල්ලිලා බව ඕනෑම කුඩා දරුවකුට වුවද වටහා ගැනීමට එතරම් අපහසු නොවේ.

මහින්දගේ කොන්ද ගැන ප්‍රශ්න කරන උදවියට දිය හැකි හොඳම පිළිතුර මහින්දගේ කොන්ද කෙළින්ය. මහින්දගේ කශේරුවට පින්සිදු වෙන්නට නිදහසේ ජිවත්වීමට රටක් ඉතිරි වී තිබේ.

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව ලොවපුරා සිටින ශ්‍රී ලාංකිකයන් යළි මවුරටට ගෙන්වා ගන්නා ලෙසට පින්සෙණ්ඩු වන්නේ ඇයි?

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් උතුරු නැගෙනහිර පළාත් එක්කර ඊළාම් රාජ්‍යයක් ගොඩනැගුවේ නම් කොරෝනාවෙන් ලොව පුරා පීඩාවට පත් වී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට රටක් ඉතිරි වේද?

කොන්ද කෙළින් තිබෙන බවට වහසි බස් දෙඩු විධායක ජනාධිපතිවරුන් සිවුදෙනකුට කිරීමට නොහැකි වූ වික්‍රමය මේ රටේ පස්වැනි විධායක ජනාධිපතිවරයා කළේ කොහොම ද? ඒ මහින්දගේ කොන්ද නිසා ය. එදා මහින්දගේ කොන්ද නැවුනා නම් 2009 මැයි 18 වැනිදා විජයග්‍රහණයේ දවස වශයෙන් ඉතිහාස පොතේ ලියැවෙන්නේ නැත.

1987 දී වඩමාරච්චි මෙහෙයුම නිසා ප්‍රභාකරන් අන්තිම වර්ග කිලෝමීටරයට කොටුවී තිබෙන විට යුද්ධය නතර කිරීම සඳහා ඉන්දියාව මැදිහත්වුයේ බලහත්කාරයෙන් ය.

ඉන්දියාව මෙරට ගුවන් සීමාව බලහත්කාරයෙන් ආක්‍රමණය කරන්නේ උතුරු - නැගෙනහිර පළාත්වලට මයිසූර් පරිප්පු බලහත්කාරයෙන් හෙළමින් ය. එවකට ජනාධිපති ජේ. ආර්. ගේ පමණක් නොව එවකට අගමැති ප්‍රේමදාසගේ ද කොන්ද නැවුණේ ය. එදා සිට මහින්ද දක්වා සිටි සියලුම අතරමැදි නායක නායිකාවන් අඩු වැඩි වශයෙන් කොන්ද නැමූ බව රහසක් නොවේ.

නමුත් මහින්ද කොන්ද නැවුවේ නැත. මහින්ද එසේ කොන්ද නැව්වේ නැත්තේ මහින්දට තිබුණු බය නැති ගුණය නිසා ය. ඒ ගුණය මහින්දට ආවේ ගමෙන් ය.

2009 මැයි මස 10 වැනිදා හෝ ආසන්න දිනයකදී බ්‍රිතාන්‍ය විදේශ ඇමති ඩේවිඩ් මිලිබෑන්, ප්‍රංශයේ විදේශ ඇමති ජෝන් කුෂ්නැහැන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති සමඟ එවකට ජනාධිපති මහින්ද හමුවීමට පැමිණෙන්නේ කොටි නායක ප්‍රභාකරන් අවසන් මොහොතේ දී හෝ බේරා ගැනීමට ය. ඔවුන් තිදෙනා මහින්ද ගෙන්වා ගනු ලබන්නේ ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව ඉස්මත්තට ය.

ඇඹිලිපිටියේ නිල උත්සව කිහිපයකට පැමිණ සිටි ජනාධිපති මහින්ද ලෝකයේ කුමන බලවතකු පැමිණිය ද තමන් ඉන්නා ප්‍රදේශයට කැඳවා ගත්තේ එම රාජකාරී කටයුතු ද අතපසු කිරීමට නොහැකි නිසාවෙනි. ඒ මහින්දගේ හැටි ය. ඒ මහින්දගේ කොන්දේ හැටි ය.

ඒකාලයේ සිටි වෙනත් නායකයන් නම් බොහෝ විට කරන්නේ තමන්ගේ සියලුම රාජකාරී පසෙකලා කුමන හෝ හම සුදු මිනිසකු පැමිණෙන්නේ නම් කොන්ද නවාගෙන පණ කඩාගෙන කටුනායක ගුවන් තොටුපළට ගොස් දෙපතුල් ලෙව කෑමයි.

නමුත් මහින්ද ඉන් වෙනස් වන්නේ ප්‍රමුඛවම මහින්දගේ කොන්ද කෙළින් නිසා ය.

මිලිබෑන්ලාට එදා චන්ද්‍රිකා වැව ඉස්මත්තේදී මහින්ද කීවේ මොනවා ද?

“මේක මගේ රටේ ප්‍රශ්නයක්. මං වගකියන්නේ මගේ ජනතාවට. කරුණාකරලා මට මේක ඉවර කරන්න ඉඩ දෙන්න. තවදුරටත් අපේ රට ඔයගොල්ලන්ගේ කොලනියක් නොවෙයි. රටවල්වල මිත්‍රත්වය ගැන කතා කරනවා නම් අපි තවදුරටත් කතා කරමු. නමුත් යුද්ධෙ නතර කරන්න කියලා කතා කරනවා නම් ඒ ගැන කතානොකර මේ කතාව නවත්තමු.” යනුවෙන් මහින්ද ප්‍රකාශ කළේ කොන්ද කෙළින් තබාගෙනය. මහින්ද එදා අසුන්ගෙන සිටිය ද කියන්නේ ඔය කතාවම ය.

එක් දිනක් රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටි ආබාධිත රණවිරුවකු මහින්දගෙන් ඇසුවේ මෙහෙම ප්‍රශ්නයකි.

“සර් යුද්ධය නවත්නවාද? මේ පත්තරේ අද කියලා තියෙනවලු” යනුවෙන් ඒ ආබාධිත රණවිරුවා විමසා සිටියේ මඳක් කණස්සල්ලෙනි. “මේ මමයි ඒක තීරණය කරන්නේ, වෙන කවුරුත් නෙමෙයි. මම ප්‍රභාකරන් මෙතනට ගෙන්වලා යුද්ධෙ නවත්තලා තමයි පස්ස බලන්නේ.” යනුවෙන් මහින්ද එදා ප්‍රකාශ කරන විට එම ආබාධිත රණවිරුවාගේ ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක් පිරී තිබෙනු දක්නට ලැබුණි.

ජාත්‍යන්තර බලවේගවලට අභීතව මුහුණ දෙමින් ආර්ථිකය ද කළමනාකරණය කරමින් යම් අවධානමක් ද ගෙන ත්‍රස්තවාදයට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමට තීන්දු ගැනීමට හොඳ දේශපාලන නායකත්වයක් වාගේම ඍජු කශේරුකාවක් ද තිබිය යුතුයි.

එහෙම කොන්ද තිබුණු මහින්ද වයස්ගත වී කොන්ද රිදෙන බව ප්‍රකාශ කරමින් අසුන්ගත් විට ඊට මඩ ප්‍රහාර එල්ල කරන නංගිලා, මල්ලිලාට අද ජීවත්වීමට රටක් ඉතිරිව තිබෙන්නේ මහින්දගේ කොන්ද නිසා බව සිහිපත් කර ගැනීම ඉතා වටින්නේ ය.

මහින්දට එදා සිට පැමිණියේ අභියෝග ය. රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට කටයුතු කළේ ය. ඒ සමඟ රටේ ආර්ථිකය නැංවීමට ද මහින්ද කටයුතු කළේ ය.

ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් මහින්දට ආර්ථිකයෙන් රට ශක්තිමත් කිරීමට හැකිවිය. මහින්ද පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නිදහසින් පසු මෙරට 75 වැනි අය - වැයයි. සිය 75 වැනි උපන්දිනය සමරන විට මෙරට 75 වැනි අය - වැයද මහින්ද ඉදිරිපත් කළ අතර ඔහු තවත් වාර්තාවක් සම කළේ ය. ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ සිටි හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මැල්ගේ වාර්තාවයි.

රොනී ද මැල් 11 වතාවක් අය - වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එම වාර්තාව සම කරමින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පසුගිය 17 වැනිදා අය - වැය ඉදිරිපත් කරමින් කියා සිටියේ කොවිඩ් - 19 ලෝක වසංගතයකට ද මුහුණ දෙමින් ලංකාවේ ආර්ථිකය කෙටි කාලයක් තුළ ඉහළ නැංවීමට කටයුතු කරන බව මහින්ද කීවේ ය.

මහින්ද රට යළි ගොඩනංවන ආකාරය කියන විට ඒ ගැන අවධානය යොමු නොකොට මහින්දගේ කොන්ද ගැන කතා කරන අයට තවත් කිව හැක්කේ මොනවාද? අභියෝග හමුවේ ඉදිරිපත් කළ සංවර්ධන අය - වැයක් යනුවෙන් මධ්‍යස්ථ මතධාරීන් සහ දේශපාලන විචාරකයන් 2021 අය - වැය ගැන කතාකරන්නේ එහි තිබෙන සුවිශේෂීභාවය නිසාම නොවේ ද?

යහපාලන ආණ්ඩුව පසුගිය වසර 4 1/2 තුළදී මහ බැංකු කොල්ලය ඇතුළු සිදු කළ සෙල්ලම් හේතුවෙන් රටේ ආර්ථිකය වළපල්ලටම ගිය බව රහසක් නොවේ.

2021 අය - වැය මාළුවෙක් වෙනුවට රජය විසින් ජනතාවට බිලි පිත්තක් ලාබ දුන් අය - වැයක් වශයෙන් ආර්ථික විශේෂඥයන් කිහිපදෙනෙකුම හඳුන්වා දීම අවධානයෙන් බැලිය යුතු කරුණකි.

රජයේ ආයෝජන වැඩි කිරීමට මෙරට අය - වැය මඟින් තීරණය කිරීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන කරුණකි.

2020 වසරේදී රාජ්‍ය ආයෝජන තිබුණේ ද දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් විදියට සලකන විට 2.1% කි. 2021 වසරේ දී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.1% ක් දක්වා වැඩිකිරීමට ගෙන තිබෙන රජයේ ප්‍රතිපත්තිමය තීරණය අගය කළ යුතු දෙයකි.

රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා වැඩිකිරීම ජනතාවගේ පැත්තෙන් ලබා දී තිබෙන සහනයකි. එපමණක් ද? නැත.

එවැනි ජනතාවට සහන සැලසෙන යෝජනා කිහිපයක්ම 2021 අය - වැය මඟින් ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය සේවකයන්ට රැකියා වේලාවෙන් පසුව වෙනත් රැකියාවල නිරතවීමට ඉඩලබා දීම ද රාජ්‍ය සේවකයන් වෙනුවන් ලබා දුන් තීරණයකි. විශේෂයෙන්ම තරගකාරී සමාජයක ආර්ථික වශයෙන් දියුණු වීමට රැකියාව බාධාවක් කර නොගෙන රැකියාව නිසි පරිදි කළමනාකරණය කරගෙන අමතර ආදායමක් ලබා ගැනීමට හැකිවන පරිදි අවස්ථාවක් ලබා දීම අගය කළ යුතු කරුණකි.

එදා සිට තම දහදිය කඳුළු රට වෙනුවෙන් වගුරුවන වතු කම්කරු ජනතාව වෙනුවෙන් අය - වැයකට ප්‍රධානතම යෝජනාවක් ඉදිරිපත් කළ පළමු අය - වැය වශයෙන් ද 2021 වසරේ අය - වැය ඉතිහාස ගත වේ.

දේශපාලඥයන් හැමදාම කතාවට පමණක් සීමා කරන වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප තවදුරටත් දේශපාලන ෆුට්බෝලයක් කර නොගැනීම සඳහා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් ගත් තීරණය මුළු වතුකරයේම පමණක් නොව මුළු රටේම ආශිර්වාදය හිමිවන තීරණයක් බවට පත්ව තිබේ. විපක්ෂ නායක සජිත්ගේ සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබන වඩිවේල් සුරේශ් මන්ත්‍රීවරයා එක් වරක් පාර්ලිමේන්තුවට පැමිණියේ පැට්‍රෝල් කෑන් දෙකක් අත් දෙකෙන්ම අරගෙන ය.

වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 800 දක්වා වැඩි කරන ලෙසට ඔහු යෝජනා කළ අතර එසේ නොවුණහොත් පාර්ලිමේන්තුවේදීම ගිනි තියාගන්නා බවට කෑගැසු වඩිවේල් සුරේශ් පැට්‍රෝල් කෑන් දෙක පොලිස් නිලධාරීන් උදුරාගන්නා තුරු බලා සිටියේ ය.

නමුත් එවකට පැවති යහපාලන ආණ්ඩුව වඩිවේල් සුරේශ්ගේ ඉල්ලීම සතපහකටවත් ගණන් නොගත් අතර සමහරුන් ඇසුවේ “මොකද වඩිවේල් ගිනි තියාගන්නේ නැද්ද” කියාය. එවැනි අවස්ථාවලදී වඩිවේල් සුරේශ් දැඩි අපහසුතාවකට පත් වූ අවස්ථා ද බොහෝ ය. යළිත් පැට්‍රෝල් කෑන් රැගෙන ඒමට හෝ වතු කම්කරු වැටුප ගැන කතා කරන විට සැඟව සිටීමට වඩිවේල් සුරේශ්ට අවශ්‍ය නොවේ. වතු කම්කරු ජනතාව මෙන්ම වඩිවේල් සුරේශ් ද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් බේරාගෙන තිබේ.

වෘත්තීය පුහුණු සිසුන්ට මසකට රුපියල් 4,000 ක ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 3,000 ක අමතර ප්‍රතිපාදන ලබා දීමටත් මෙවර අය - වැය මඟින් යෝජනා කර තිබීම තවත් වැදගත් කරුණකි.

දැනට රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා වර්ෂයකට බඳවාගනු ලබන ලක්ෂයක් පමණ වන ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ දෙක දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙන්නේ ද තරුණ පරපුරේ රැකියා ගැටලුවට තවත් යහපත් යෝජනාවක් ඉදිරිපත් කරමිනි.

වෘත්තීය අධ්‍යාපනයට යොමු වන තරුණ තරුණියන්ට සිය වෘත්තීය නිපුණතා අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස නිම කිරීමෙන් පසු සිය නිපුණතා තුළින් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ආරම්භක ව්‍යාපාර අරමුදලක් වශයෙන් රුපියල් 500,000 (ලක්ෂ 05 ක ණය) මුදලක් 4% වාර්ෂික පොලියක් යටතේ ලබාදීමට යෝජනා කර තිබීම ද රටේ තරුණ පරපුර වෙනුවෙන් ගත් තවත් විප්ලවීය තීරණයක් වශයෙන් හැඳින්වීම අතිශෝක්තියක් නොවනු ඇත.

අපේ රට කෘෂිකාර්මික රටකි. දේශිය ආර්ථික ශක්තිමත් කිරීම ඇතැම් ආණ්ඩු සිය ප්‍රතිපත්තියෙන්ම ඉවත් කර තිබෙන යුගයක දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ගිරුවායේ නායකයා කටයුතු කිරීම එක් පැත්තකින් පුදුම වන්නට ද දෙයක් නැත.

රනිල්ලා, සජිත්ලා එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලයේ දී උනන්දු කළේ කුඹුරු වගාකිරීමට නොවේ. කුඹුරු ගොඩකිරීමටය. පුරන් කුඹුරු වගා කිරීමේ කිසිදු සැලැස්මක් ක්‍රියාවට නැංවුයේ නැත. ගොවියන්ට ඩෙනිම් අන්දවා, චුයින්ගම් කවා, බ්‍රේස්ලට් පැලඳවීමට යෝජනා කළේ රනිල් සජිත් හවුල ය.

අද විපක්ෂ නායක ලෙස සජිත් පාර්ලිමේන්තුවේදී යටිගිරියෙන් කෑගැසුවාට එදා රනිල් සමඟ එක්වී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස මේ සියල්ල අනුමත කළ බව ඔහුට සිහිපත් කළ යුතුව ඇත.

ඔවුන් එසේ කෘෂි කර්මාන්තයට, දේශිය ගොවියාට මරු ප්‍රහාරයක් එල්ල කරන විට ගිරුවායේ මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යවරයා ලෙස 2021 අය - වැයෙන් කෘෂි - ධීවර - සත්ත්ව ක්ෂේත්‍ර ආදායම් බද්දෙන් නිදහස් කිරීමට කටයුතු කළේ ය.

රුහුණේ සිංහයා ඩී.එම්. රාජපක්ෂ ලොකු තාත්තා ලෙස එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගොස් ගොවියා ගැන හඬ නැගුවේ ය.

තම පියා ඩී.ඒ රාජපක්ෂ නාම යෝජනාවලට අත්සන් කළේ කුඹුරේදී ය. අත්වල තිබුණු මඩ වක්කඩෙන් සෝදා ගෙන නාම යෝජනාවලට තම පියා අත්සන් තබන විට ඔහුගේ පුත් මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදයෙන් රට බේරා ගනිමින්, රට සංවර්ධනය කරමින් කෘෂි කර්මාන්තය ද නංවමින් කටයුතු කරන්නේ එදා ගොවියා වෙනුවෙන් හඬ නැගූ ඩී.එම්. රාජපක්ෂට හා ඩී.ඒ රාජපක්ෂට ද ගෞරවයක් වන ආකාරයට ය.

සමෘද්ධිලාභීන්ට 7% ක පොලියට සහන ණයක් ලබාදීමට තීරණය කිරීම ද සමෘද්ධිලාභින් වෙනුවෙන් ගත් ඉතා වැදගත් තීරණයකි. සමෘද්ධිලාභි පවුල් ලක්ෂ දෙකක් කේන්ද්‍ර කරගත් අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් හා ආශ්‍රිත ගම්මාන බල සම්පන්න කිරීම සඳහා රුපියල් මිලියන 10,000 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කර තිබීම එම පවුල් ලක්ෂ දෙක වෙනුවෙන් ලබා දෙන විශාල සහනයකි.

පවුල් ලක්ෂ දෙක තුළ සිටින අවම වශයෙන් පුද්ගලයන් ලක්ෂ 10 කට පමණ මෙමඟින් සෙත සැලසීම හා ඒවායේ ප්‍රතිලාභ ඔවුන්ට හිමිවීම තවත් විශේෂත්වයකි.

කිසිම ආණ්ඩුවකට ස්ථිර විසඳුමක් සෙවීමට නොහැකි වූ අලි - මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් මෙවර අය - වැයෙන් යෝජනා කර තිබේ. අලිමංකඩ 75 ක් පමණ අලින්ට අහිමිකර තිබීම නිසා මෙම ගැටලුව තවත් ප්‍රබල වී තිබුණි. අලිමංකඩවල නිවාස ගම්මාන හදන බවට යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමති ලෙස සජිත් ප්‍රේමදාස කටයුතු කළ බවට චෝදනා නගන්නේ එක්සත් ජාතික පක්ෂයේම ප්‍රබලයෙකි. ඔහු පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරය.

නිවාස ගම්මාන නිර්මාණය කරන බවට පවසා අලිමංකඩවල් එළි පෙහෙළි කළ ද සජිත් ප්‍රේමදාස හදපු ගම්මානයක් නොමැති බවත් සිදුවුණේ අලිමංකඩවල් එළි පෙහෙළි කිරීම නිසා වන අලින් ගම්වැදීම පමණක් බවද පාලිත රංගේ බණ්ඩාර විසින් පෙන්වා දෙන ලදී ය.

සජිත්ලා අලි - මිනිස් ගැටුම විසඳනවා වෙනුවට සිදුකළේ අලි - මිනිස් ගැටුමට උල්පන්දම් දීම පමණි. අලි - මිනිස් ගැටුම නිසා ඇතිවන ජීවිත හා දේපළ හානි වළක්වා ගනිමින් ජනාවාස ආරක්ෂා කර ගැනීම ඇතුළු ආරක්ෂණ වැඩපිළිවෙළවල් ග්‍රාමීය ප්‍රජා දායකත්වය ද ඇතිව බල ගැන්වීම සඳහා අලි වැට හා අගල් සකස් කිරීම, වනජීවී භූමිවල වැව් ගංගා හා ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කිරිම ඉතා ප්‍රායෝගික වැඩසටහනකි.

රාජ්‍ය සේවකයන් හා රාජ්‍ය සේවය සැම විටම කප්පාදු කිරීමට ක්‍රියාකළේ කවුරුන් ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ඒ කාලයේදී ක්‍රියා කළේ රාජ්‍ය සේවකයන් හැකි තරම් දඩයම් කරමිණි. 1980 ජූලි මහා වැඩ වර්ජනය ඉන් එකක් පමණි. දැනට රාජ්‍ය සේවයට අලුතින් පත්වීම් ලබාගෙන පැමිණෙන තරුණ තරුණියන්ට 80 ජූලි මහා වැඩ වර්ජනය අමතක ය.

රාජ්‍ය සේවකයන් සඳහා බැංකු මඟින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපළ ණය සඳහා උපරිම පොලී අනුපාතය 7% ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබීම රාජ්‍ය සේවකයන්ට ලබා දුන් මහඟු වරප්‍රසාදයක් නොවන්නේ ද? ඊට අමතරව තවත් යෝජනා කිහිපයක්ම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් අය - වැය යෝජනාවලට ඇතුළත් කර තිබේ. කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය සමඟ මුළු ලෝකයම සටන් කරමින් සිටින විට බෙහෝ බලගතු රටවල් කොරෝනා හමුවේ හතරගාතෙන්ම ඇඳ වැටී තිබෙන මොහොතක ශ්‍රී ලංකාව එම අභියෝගයට ද මුහුණ දෙමින් 2021 වසර සඳහා මෙවැනි අය - වැයක් ඉදිරිපත් කිරීම කෙතරම් අගය කළ යුතු ක්‍රියාවක් ද?

නමුත් පසුගිය මැතිවරණවලින් කුජීත වූ විපක්ෂය තවදුරටත් රටේ පොදු මහජනතාවගෙන් ඈත් වෙමින් පවතින්නේ කොරෝනාව දේශපාලන ගරානාවක් කරගෙන බොරදියේ මාළු ඇල්ලීමට ගිය නිසාය.

2021 අය - වැය මඟින් කොරෝනාවලට මුහුණ දීම ගැන වචනයකදු සඳහන් කර නොමැති බවට සජිත්ගේ සමගි ජන බලවේගය සහ අනුරගේ ජාතික ජනබලවේගය චෝදනා නගයි. ඔවුන්ට අකුරු කියවිය හැකි නම් 2021 අය - වැය කතාවේ සෞඛ්‍ය සේවා ආයෝජනය යටතේ 15 වැනි පිටුවේ කොවිඩ්- 19 වසංගතය මර්දනය කිරීමට සමඟාමීව ජන ජීවීතය පවත්වාගෙන යාම ගැන ඉතා පැහැදිලිව සඳහන් කර තිබේ.

කොවිඩ් - 19 වෛරස තත්වය හේතුවෙන් එම ආසාධිත රෝගීන්ට සෞඛ්‍ය සේවා සැපයීම ඇතුළු සේවාවන් වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 180,00 ක් අතිරේක ප්‍රතිපාදන වශයෙන් සැපයීමට අය - වැය මඟින් යෝජනා කර ඇත.

මීට අමතරව කොවිඩ් ඇතුළු වසංගත රෝග නිරෝධායනයේ දී තාවකාලිකව අහිමිවන ජීවනෝපාය අවස්ථාවන්ට රැකවරණයක් වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම ඇතුළු තවත් යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කොට තිබේ.

ගෝඨාභය - මහින්ද සිටින ආණ්ඩුවක ජාතික ආරක්ෂාව ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත. පසුගිය යහපාලන ආණ්ඩුව ගෙදර ගියේ යන යකා කොරහත් බිඳගෙන යන සංකල්පය යළි සිහි ගන්වමිණි.

2019 නොවැම්බර් 16 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් අනිවාර්යෙන්ම නියත පරාජයක් ඇතිවන නිසා 2020 වසරට අය - වැයක් ඉදිරිපත් නොකර සිටින අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේය.

ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ ගෝඨාභය - මහින්දගේ ආණ්ඩුව බලයට පත් වූ විගස මුදල් වියදම් කිරීමට නොහැකි වන සේ කොටුකර එමඟින් සිඟිති ආතල් එකක් ලබා ගැනීමටය. එම සිඟිති ආතල් එක ලබාගැනීම සඳහා ඔවුන් සෙල්ලම් කළේ පිළිකා රෝගීන් ඇතුළු අහිංසක රෝගීන්ගේ ජීවීත සමඟිනි. ඖෂධ ගෙන්වීම, පොහොර ගෙන්වීම, ඉදිකිරීම් කොන්ත්‍රාත් සඳහා කිසිඳු හිඟ මුදලක් නොගෙවීමට යහපාලන ආණ්ඩුව ක්‍රියා කළේ එමඟින් අර්බුදයක් ඇතිකොට එමඟින් දේශපාලන වාසි ලබා ගැනීමටය.

එමඟින් බැට කෑවේ මේ රටේ රෝගීන්ය. ගොවියන්ය. ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කම්කරුවන්ය. නමුත් ඒ හිඟ මුදල්වන රුපියල් බිලියන 245 ක් පමණ ගෙවීමට ගෝඨාභය - මහින්ද ආණ්ඩුව කටයුතු කළේය.

එතකින් නොනැවතී කොවිඩ් - 19 අභියෝගයට ද මුහුණ දෙමින් රට ගොඩ නැංවීම සඳහා සාර්ථක අය - වැයක් ඉදිරිපත් කළ මහින්දගේ කොන්ද ගැන ඔවුන් කතාකරන්නේ මහින්දගේ කොන්ද හොඳට ශක්තිමත්ව තිබෙන නිසා බව ඉතා පැහැදිලිය.

තරුණ කාලයේ දී ක්‍රියාශීලි වුණු මහින්ද තවමත් තරුණය. වයසට ගියත් තරුණයෙකු ලෙස ඔහු තදින් අල්ලාගෙන සිටින්නේ ලක්මාතාවයි. 2015 දී මහින්ද මැදමුලනට ගියේ යළි දේශපාලනයට එන්නට නොවේ. නමුත් මහින්ද සුළඟ වේගයෙන් හමමින් කීවේ මහින්දට යළි පැමිණ යහපාලකයන් විනාශ කළ රට යළි ගොඩනගන ලෙසයි. මහින්ද දැන් සිදු කරනු ලබන්නේ ඒ ජනතා මෙහෙවරයි.

Comments