මැතිවරණ ප්‍රතිඵලය ගැන චෝදනා කරමින් ට්‍රම්ප් උසාවි යයි | සිළුමිණ

මැතිවරණ ප්‍රතිඵලය ගැන චෝදනා කරමින් ට්‍රම්ප් උසාවි යයි

මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධව යළි සලකා බලන ලෙස ඉල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇති අතර, එම නඩු විභාගයට ගැනීමටද එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඇමරිකාවේ නීතිය අනුව මැතිවරණ ප්‍රතිඵලයක් සම්බන්ධ නඩුවලට මූලිකත්වය ලබා දෙන බැවින් මේ නඩුවල තීන්දු ඉක්මනින් ලබා දීමට කටයුතු කරනු ඇතැයි සඳහන්ය. මීට පෙර බයිඩන් ඡන්ද සමූහ 270 ඉක්මවා යෑමට පෙර ට්‍රම්ප් විසින් ප්‍රාන්ත කිහිපයකම ප්‍රතිඵල දෝෂ සහගත බව පවසමින් නඩු පැවරූ අතර එම ප්‍රාන්තවල විනිසුරුවන් එම නඩු අහෝසි කිරීමට කටයුතු කළහ.

මෙවර ට්‍රම්ප් පාර්ශ්වය ප්‍රධාන වශයෙන් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය පදනම් කරගනිමින් මැතිවරණය වංචාකාරී බවට චෝදනා එල්ල කර තිබේ.

Comments