
කමලා හැරිස් යනු ඇමරිකානු දේශපාලනයේ උප ජනාධිපතිධූරයට පත්වූ ප්‍රථම කාන්තාවයි. මෙතෙක් එරට ජනාධිපති හෝ උප ජනාධිපති ධූර සඳහා කාන්තාවක් තේරී පත්ව නොතිබූ බැවින් ඇය විශේෂ වෙනසක් සේ කැපී පෙනෙනු නොඅනුමානයි. ඇයට කෙරෙන ආමන්ත්‍රණයේ මෙන්ම ඇයගේ ස්වාමි පුරුෂයාට කෙරෙන ආමන්ත්‍රණය දක්වා හුරුවීමට කාර්ය මණ්ඩලයට සිදුවනු ඇති බව නොයෙක් මාධ්‍ය වාර්තා කර තිබෙණු දක්නට ලැබිණි.
කමලා හැරිස් මින් පසු ඇමරිකාවේ දෙවැනි පුරවැසිනිය වනු ඇති අතර ඇයගේ ස්වාමි පුරුෂයා හැඳින්විය යුතු වනු ඇත්තේ එරට දෙවැනි ‘මහතා’ යනුවෙනි. සැබවින්ම ඒ සඳහා භාවිත කළ යුතු නියම ආමන්ත්‍රණය කුමක්දැයි මේ වන විට ඇමරිකාවේ මාධ්‍යවල තර්ක විතර්ක ආරම්භ වී තිබේ.
ඇමතුම කෙසේ වනු ඇති වුවද කමලාගේ සැමියා වන ඩග්ලස් එම්හෝෆ්ගෙන් ඇයට මනා සහයක් නම් ලැබෙනු නොඅනුමානය. ඔහුගේ පෙර විවාහයේ දරු දෙදෙනාට මවක වී සිටින කමලා ඩග්ලස්ට මේ දක්වා ආර්ථික වශයෙන්ද ලබා දී ඇත්තේ මනා සහයකි. ඩග්ලස්ගේ දරු දෙදෙනා කමලාට අමතන්නේ ‘මොමලා’ යනුවෙන් බව සඳහන්ය. ඒ ඔවුන් ඇයට ඇයගේ නමින් ඇමතීම තරම් ආදරය වැඩි බැවිනි. ඇයට ‘කුඩම්මා’ යැයි කීමට අකමැති මේ කුඩා දරුවෝ මුල් කාලයේදීම ඇයට ‘මදර්’ යන ආමන්ත්‍රණය සහ ඇයගේ නම එකතු කොට මේ සුතරල් නම බිහිකර තිබේ.
මේ දක්වා කමලා සහ ඩග්ලස් දෙදෙනා වාර්ෂික ඩොලර් මිලියනකට වැඩි මුදලක් ඉපයීමට සමත්ව සිටි අතර ඔහු සාර්ථක නිතීඥයෙකු ලෙස ප්‍රසිද්ධියක්ද උසුලන්නේය. මේ වන විට ඔවුන් දෙදෙනාගේ විවාහ දිවිය වසර හතක් පමණ වන අතර එය මෑතකදී අහවර වන බවක් නම් පෙනෙන්නට නැත්තේ ඔවුන් ඉතා අවබෝධයෙන් සහ ආදරයෙන් කටයුතු කරන බව පෙනී යන බැවිනි.