
වඳවී යෑමේ ආසන්නයටම පැමිණි සතුන් විශේෂයක් වූ පැන්ඩාවන් ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස සත්වෝද්‍යාන තුළ පැන්ඩාවන් අභිජනනය කිරීමේ වැඩපිළිවෙළේ සාර්ථකත්වයක් දකුණු කොරියාවෙන්ද අසන්නට ලැබේ. ඒ දකුණු කොරියාවේ අභිජනනය කෙරුණු ප්‍රථම පැන්ඩා පැටවා වන ‘ෆු - බාඔ’ නිරෝගීව සිටින බව වාර්තා වීමත් සමගිනි. ‘ෆු - බාඔ’ යන්නේ අර්ථය වටිනා වස්තුව යනුයි. මේ පැන්ඩා පැටවා පසුගියදා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරුණු අතර එම අවස්ථාව හිමි වූයේ කුඩා දරුවන් කිහිපදෙනෙකුට පමණක් විය.