
වසර දහකයට වරක් සිදු කෙරෙන චීනයේ ජනතාව ගණනය කිරීම හෙවත් එරට ජන සංගණනය ඇරඹීමට එරට රජය කටයුතු කර තිබේ. මේ ජන සංගණනය සැලෙකන්‌ෙන් ලෝකයේ විශාලතම ජනසංගණනය වශයෙනි. පසුගිය ඉරිදා සිට මේ සංගණනය ආරම්භ කෙරුණු අතර මාස දෙකක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය.මිලියන හතක ස්වේච්ඡා සේවකයන් තොරතුරු ලබා ගැනීමට නිවෙස් කරා යෑමටද නියමිතය.
ෙම් සඳහා ඔවුන්ට බෙයිජිනයේ අහස සිඹින ගොඩනැගිලිවල වාසය කරන ජනතාව කරා මෙන්ම ටිබෙට් දේශසීමාවේ ඉතා දුශ්කර කඳු ආශ්‍රිත ප්‍රදේශවල වාසය කරන ජනතාව කරාද යෑමට සිදුවනු ඇත.
චීනය මේ දැවැන්ත ජන සංගණනය සෑම වසර දහකයට වරක්ම සිදුකරන අතර ඒ මගින් තම රටේ ජනතාවගේ ජිවන තත්ත්වය, ජනගහණ වර්ධනය, ජනතාව සංචරනය වන රටාවන්, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය යනාදිය සම්බන්ධ තොරතුරු මෙන්ම ශ්‍රම බලකාය මෙන්ම වයස්ගත ජනගහණයට අදාළ තොරුතුරුද ලබා ගැනීමට කටයුතු කරණු ලැබේ.
මීට පෙර එනම් 2010 වසරේදී චීනය සිදුකරන ලද ජන සංගණණයට අනුව එරට ජනගහණය 1,339,724,852ක් වූ අතර එහි සියයට 5.83ක ජනගහණ වර්ධන වේගයක්ද විය. මෙවර ජන සංගණනට වඩා වැඩි අවධානයක් යොමුවනු ඇතැයි අදහස් වන්නේ චීනය මේ වන විට එරට මීට පෙර පැවති ‘එක් දරු’ සංකල්පයෙන් බැහැරව සිටින බැවිනි.
එක් පවුලකට එක් දරුවෙක් යන සංකල්පය චීනය 1970 දශකයේදී හඳුන්වා දෙනු ලැබූ අතර මීට වසර හතරකට පෙර එම සංකල්පය වෙනස් කරමින් පවුලකට දරුවන් දෙදෙනෙකු ලබා ගැනීමට අවසර ලබා දෙන ලදී. එසේ කිරීමට හේතු වූයේ අනාගත චීනයේ ශ්‍රම බලකාය හීන වෙමින් වයස්ගත පුද්ලයන්ගේ සංඛ්‍යාව වැඩි වන බව තහවුරු වූ බැවිණි.
එසේ වුවද මේ වන විටත් චීනයේ ජනතාව කුඩා පවුල්වලට වඩා වැඩි කැමැත්තක් දක්වන බව පෙනී ගොස් තිබේ. එයට හේතුව වී ඇත්තේ දිනෙන් දින වර්ධනය වන ජීවන වියදම දරා ගැනීම බෙහෝ පවුල්වලට අපහසු වී ඇති බැවිණි. එහෙත් මේ වසරේ ජන සංගණයෙන් එරට ජනගහණය බිලියන 1.42ක් වනු ඇති බවට අනුමාන කෙරේ. එය පසුගිය අවස්ථාවට වඩා සියයට 5.99ක ජනගහණ වර්ධනයකි.