ඉන්දියාවේ දුෂ්කර ගමක් කමලා හැරිස් වෙනුවෙන් දෙවියන් යදියි | සිළුමිණ

ඉන්දියාවේ දුෂ්කර ගමක් කමලා හැරිස් වෙනුවෙන් දෙවියන් යදියි

මලා හැරිස් යනු ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකාවයි. ඇය ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවකි. එබැවින් ඉන්දියානු ජනතාව අතර ඇයගේ ජයග්‍රහණය සම්බන්ධව ඉතා දැඩි කැමැත්තක්, අපේක්ෂාවක් මතුවී ඇති බව වාර්තා වේ. දකුණු ඉන්දියාවේ කුඩා දුෂ්කර ගම්මානයක වෙසෙන ජනතාව කමලා හැරිස් මෙන්ම ඩිමොක්‍රටික් ජෝ බයිඩන් ජයග්‍රහණය කරවන මෙන් පසුගිය බදාදා දිනය පුරා දෙවියන් යැද තිබේ. ඔවුන් පවසන්නේ කමලා හැරිස්ගේ දෙමව්පියන්, මුතුන් මිත්තන් ඉන්දියානුවන් බැවින් ඇයගේ ජයග්‍රහණය ඉන්දියාවේද ජයග්‍රහණයක් වනු ඇති බවයි.

Comments