
ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබු සුපිරි සහ ජාතික සංචිතවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වත්මන් දක්ෂතා මැන බැලීම වෙනුවෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබු විශේෂ තරගාවලිය කල් දමා තිබේ.
රට තුළ උද්ගතවී ඇති කොවිඩ්19 ව්‍යාප්තිය හේතුවෙන් සහ කොළඹ ප්‍රදේශ කිහිපයක් වසා දැමීම හේතුකොට ගෙන මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමු බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි. ඒ අනූව සංචිතගතව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තවදුරටත් පුහුණුවට පමණක් සීමා වී සිටිති.
කොවිඩ්19 වසංගතය හේතුවෙන් මාස 11 කට ආසන්න කාලයක් තුළ දී ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සංචිතයේ සහ සුපිරි සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැන බැලීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීමට පුහුණුකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉල්ලා තිබුණි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන සුපිරි සහ ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 86 දෙනකු පුහුණුව ලබන අතර එහි දී සුපිරි සංචිතය 26 දෙනකුගෙන සමන්විත වේ.










