ජාතික රයිෆල් සහ පිස්තෝල ශූරතාව 2020 | සිළුමිණ

ජාතික රයිෆල් සහ පිස්තෝල ශූරතාව 2020

ජාතික රයිෆල් හා පිස්තෝල ශූරතාවලිය 2020 නොවැම්බර් 12 සිට 21 දක්වා වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා එස්එල්එන්එස් ගැමුණු හිදී පැවැත්වීමට නියමිතය.

COVID19 වසංගතය හමුවේ ඇතිවි තිබෙන අවිනිශ්චිතතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය (NSSF) මෙම වසර සඳහා එහි පළමු ප්‍රධාන තරගාවලිය පැවැත්වීමට තිරණය කර තිබේ.

මෙම ශූරතාවලියට යෞවන, කනිෂ්ඨ සහ විවෘත යන කාණ්ඩ තුන යටතේ ඉසව් 16 ක් ඇතුළත් වේ. වයස් කාණ්ඩ යෞවනයන් සඳහා 12 සිට 18 දක්වා, කනිෂ්ඨ සඳහා 18 සිට 21 දක්වා සහ විවෘත සඳහා 21 සහ ඊට වැඩි අය ලෙස තීරණය කර ඇත.

තරග ඉසව් අතර තරුණ හා කනිෂ්ඨ පිරිමි සහ කාන්තා පිස්තෝල හා රයිෆල් යන දෙඅංශයෙන්ද, පිස්තෝල විවෘත ඉසව්, රයිෆල්, මීටර් 50 රයිෆලය, පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම 3 × 40 වේ. විවෘත පිරිමි පිස්තෝල ඉසව් මීටර් 50, ආදි වශයෙන් අංශ ගණනාවකින් සමන්විතය. ඉහළම වෙඩික්කරුවන් තිදෙනාට පදක්කම් සහ සහතික පිරිනැමේ.

 

Comments