ඇන්ටා­ක්ටි­කාවේ ග්ලැසි­යර යටින් උණු වතුර | සිළුමිණ

ඇන්ටා­ක්ටි­කාවේ ග්ලැසි­යර යටින් උණු වතුර

අනා­ගත පෘථි­විය කාන්තා­ර­යක් විය හැකි බවට අනා­වැකි කොත­රම්  පැව­සු­වද මිනිසා තම ක්‍රියා­කා­ර­කම් පාල­නය කර ගන්නා බවක් පෙනෙ­න්නට නැත. කාබන්  වායු විමෝ­ච­නය සිදු­වන ක්‍රියා­කා­ර­කම් නවතා දැමී­මට හෝ පාල­නය කිරී­මට මිනිසා  තව­මත් කට­යුතු කර නොමැති අතර වන විනා­ශ­යද දිනෙන් දින ශීඝ්‍ර­යෙන් වර්ධ­නය වන්නේය.  

මිනිස් ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් පෘථිවි ගෝලයේ උෂ්ණ­ත්වය ඉහළ යන බව අදින් දශක  කිහි­ප­ය­කට පෙර දීම පෙන්වා දුන්නද කිසි­වකු ඒ සම්බ­න්ධව අව­ධා­නය යොමු කර සිටියේ  නැත. එහෙත් මේ වන විට සිදු­වෙ­මින් පව­තින විනා­ශය මිනිස් ඇසට දැකිය හැකි  තරම්ය. පෘථි­වියේ වායු සමී­ක­රණ පද්ධ­තිය ලෙස කට­යුතු කරන ධ්‍රැවීය අයිස් ස්ථර  සහ ග්ලැසි­යර මේ වන­විට වේග­යෙන් ක්ෂය වෙමින් යන්නේය.   අයි­ස්ල­න්තයේ මිනිස් වාස­යට ආස­න්න­යෙන්ම පිහිටා ඇති ග්ලැසි­ය­රය වන  ඔක්ජෝ­කුල් පසු­ගිය වස­රේදී සම්පූ­ර්ණ­යෙන් දියව ගිය බව නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට  පත් කෙරිණි. දැන් එම කන­ගා­ටු­දා­යක වාතා­ව­ර­ණ­යට මුහුණ දෙමින් සිටින්නේ ලෝකයේ  විශා­ල­තම දූපත වන ග්‍රීන්ල­න්ත­යයි.   

ග්‍රීන්ල­න්තයේ ප්‍රධාන ග්ලැසි­ය­ර­යක් වන N97 ග්ලැසි­ය­ර­යෙන් වර්ග  කිලෝ­මී­ටර් 110ක තට්ටු­වක් ගැලවී ඉව­ත්ව­ගොස් ඇති බව පසු­ගි­යදා එරට නිල වහ­යෙන්  නිවේ­ද­නය කර තිබේ. මේ වසරේ දැනට වාර්තා වී ඇති විනා­ශය එප­ම­ණක් වුවද පසු­ගිය  2019 වස­රේදී පම­ණක් ග්‍රීන්ල­න්තයේ ග්ලැසි­ය­ර­ව­ලින් ගැලවී ඉව­තට ගොස් ඇති අයිස්  ප්‍රමා­ණය ටොන් බිලි­යන 532ක් බව ප්‍රකාශ වී තිබේ. එය 2003 වසරේ සිට 2019  දක්වා ගැලවී ගිය අයිස් ප්‍රමා­ණය මෙන් දෙගු­ණ­යකි. ඒ අනුව ගෝලීය උෂ්ණ­ත්වය ඉහළ  යෑම කෙත­රම් ශීඝ්‍ර­යෙන් වර්ධ­නය වෙමින් පව­ති­න්නේද යන්න අනු­මාන කිරීම අප­හසු  නොවේ.   

ග්‍රීන්ල­න්තය එත­රම් විනා­ශ­ය­කට මුහුණ දෙමින් සිටින විට  ඇන්ටා­ක්ටික් ධ්‍රැවීය කලා­පයේ වාතා­ව­ර­ණ­යද ඊට නොදෙ­වෙ­නිය. ලොව විශා­ල­තම ග්ලැසි­යර  පිහිටා ඇති ඇන්ටා­ක්ටි­කාවේ අයිස් ස්ථර යටින් උණු­සුම් ජලය ගලා යෑම හේතු­වෙන්  එම අයිස් ස්ථර වේග­යෙන් දිය­වෙ­මින් පව­තින බව පාරි­ස­රික විශේ­ෂ­ඥ­යන් සොයා ගත්තේ  මෑත­ක­දීය. මේ වස­රේදී ඔවුන් පෙන්වා දී ඇත්තේ විනා­ශය ඉතා වේග­වත් බවයි.   

පෘථි­වියේ සෙසු සාගර කලා­ප­වල ජලය දිගින් දිග­ටම උණු­සුම් වෙමින්  පව­තින අතර එම උණු­සුම් ජලය ප්‍රවාහ ලෙසින් ඇන්ටා­ක්ටිකා කලා­ප­ය­ටද පැමිණේ. එම  ජලය අයිස් ස්ථර යටින් ගලා යෑමේදී මතු­පි­ටට නොපෙ­නෙන ලෙස අයිස් තට්ටු යටින්  ඛාද­නය වෙමින් පව­තින බව විද්‍යා­ඥ­යන් විසින් සොයා ගනු ලැබුවේ ඉතාම මෑත­ක­දීය.  ඊට හේතුව මතු­පිට අයිස් තට්ටු­ව­ලට උණු­සුම් ජල­යෙන් එත­රම් බල­පෑ­මක් නොවී­මයි.   

එහෙත් මේ වන විට වාර්ෂි­කව අයිස් ටොන් බිලි­යන 80ක් පමණ දියව යන  බව විද්‍යා­ඥ­යන්ගේ මත­යයි. මේ දියව යන සියලු අයිස් ජලය බවට පත්ව සාගර ජල  ස්කන්ධය වර්ධ­නය කරන අතර වස­ර­කට සිය­යට හත­ර­කින් සාගර ජල මට්ටම ඉහළ යන බවද  ඔවුහු පෙන්වා දෙති.   

ග්ලැසි­යර් යටින් ගලා යන උණු­සුම් ජල ධාරා සම්බ­න්ධව වැඩි­දුර  තොර­තුරු සෙවී­මට නෞකා මෙන්ම ගුවන් යානාද යොදා ගනි­මින් පර්යේ­ෂණ මාලා­වක්  සිදු­කි­රී­මට විද්‍යා­ඥ­යන් කට­යුතු කළ අතර එහිදී සොයා ගනු ලැබුවේ පෙර අනු­මාන කළ  ප්‍රමා­ණ­යට වඩා විශාල ජල ප්‍රවා­හ­යක් වඩාත් ගැඹු­රෙන් අයිස් ස්ථර දිය කර­මින්  ගලා යන බවයි.   

අයිස් ස්ථර දිය­වීම සම්බ­න්ධව තොර­තුරු සොය­මින් ගුවන් යාන­ය­කින්  ගමන් කළ පාරි­ස­රික විද්‍යාඥ ආචාර්ය ජෝඩ්න් පවසා ඇත්තේ තමන්ට දක්නට ලැබුණු  දසුන් සැබ­වින්ම පෘථි­වියේ අනා­ග­තය සම්බ­න්ධව සිත බිය­පත් කර­වන බවයි.  

Comments