
ලාංකේය ජාතික ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කෙසේ වෙතත් දැවැන්ත සැරසිලි හා උත්සවාකාරයන්ට මුල් තැන ලබා දෙමින් තනිකරම සුදු අලියෙක්වු ජාතික මහා ක්‍රීඩා උලෙළ මෙවර පුහු ආටෝපයන් ගෙන් තොරව සුගතදාස ක්‍රිඩාංගණයේ පැවැත්විමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ. එමගින් ඉතිරි වන මුදල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට සහ දක්ෂතා දක්වන විශිෂ්ටයන්ට වැඩිදුර පුහුණුවක් ලබාදිමටද සැලසුම් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මේ ක්‍රමවේදය යටතේ රුපියල් මිලියන 5ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කරයි “සෑම වසරකම සිදුව තියෙන්නේ ජාතික මහා ක්‍රීඩා උලෙළට වෙන් වන සියලු මුදල් වැය කිරීමයි. නමුත් මෙවර අප යම් මුදලක් ඉතිරි කර ගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනමනවා. අනවශ්‍ය සන්දර්ශන සැරසිලිවලට වැය වන මුදල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දියුණුව වෙනුවෙන් යොදවන ලෙස ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂයන් නිලධාරින්ට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
ජාත්‍යන්තරය ජය ගත හැකි ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට පුහුණුව උදෙසා ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ අරමුණ ඇතිව මේ ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රියාත්මක වේ. කොවිඩ්19 වසංගත තත්ත්වය හමුවේ මෙවර ජාතික මහා ක්‍රීඩා උලෙළ සහ එයට සමගාමීව පැවැත්වෙන සියලු ක්‍රීඩා තරග සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පැවැත්වීමටත්, ක්‍රීඩා ඉසව්වල ගුණාත්මක භාවයට මුල් තැනක් දෙමින්, ජාත්‍යන්තර තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුව තරග පැවැත්වීමටත් තීරණය කර තිබේ.
ක්‍රීඩාවෙන් ඩොලර් බිලියනයක ඉලක්කයක්
ඉදිරි වසර 5ක කාලය ඇතුළත දේශිය ආර්ථිකයට ක්‍රීඩාවෙන් ඩොලර් බිලියනයක ආදායමක් එක් කිරීමේ වැඩ පිළිවෙළක් සකස් කිරීම තම ඉලක්කය බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. මෙරට ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ද ගොඩනඟමින් ක්‍රීඩාව ප්‍රතිසංවිධාන කිරීමේ වැඩ පිළිවෙළක් නිර්මාණය කිරීම සඳහා කැපවිම සිය අරමුණ බවද සඳහන් කළේ ශ්‍රී ලංකා රළ මත ලිස්සා යෑමේ සංගමයේ සහ ලංකා ස්පෝර්ට්රයිසින් ආයතනයේ මෙහෙයවීමෙන් මේ මස 26 සහ 27 දෙදින ආරුගම්බේ මුහුදු තීරයේ දී පැවැත්වෙන ‘රළ මත ලිස්සා යෑමේ’ (සර්ෆින්) ජාතික හා විවෘත තරගමාලාව පිළිබඳ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින්ය.
කොවිඩ්19 වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන පළමු ජාතික ශූරතාවලිය බවට පත් වන රළ මත ලිස්සා යෑමේ තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත්, සංචාරක අමාත්‍යාංශයත් අත්වැල් බැඳගනිමින් ක්‍රීඩාවත්, සංචාරක ක්ෂේත්‍රයත් යළි නඟා සිටුවීමේ ජාතික මෙහෙයුමට උරදී සිටීයි. මේ මස 27 වැනිදාට යෙදී ඇති ලෝක සංචාරක දිනයට සමගාමීව පැවැත්වෙන මේ තරගාවලිය තුළින් නැඟෙනහිර පළාතේ බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි ඉහළට ඔසවා තැබීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙයි.
ජාතික මහා ක්‍රීඩා උලළේ තරග කතරගමටත්
ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව පැවැත්වෙන මැරතන්, පාපැදි සහ තරග ඇවිදීම ලබන ඔක්තෝබර් මස 10 සහ 11 යන දිනයන්හිදී කතරගම නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, එයට සෑම පළාතක්ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වේ.ජාතික මහා ක්‍රීඩා උලළේ දිස්ත්‍රික් තරග හා පළාත් ක්‍රීඩා තරග දැන් ක්‍රියාත්මකව පවතින අතර, පළාත් මට්ටමේ තරග ඔක්තෝබර් 31 වැනි දිනට පෙර අවසන් කිරීමට උපදෙස්දී ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකිනෙකා ස්පර්ශ නොවන කැරම්, බැඩ්මින්ටන්, ක්‍රිකට්, ටෙනිස්, කායවර්ධන හා බර ඉසිලීම වැනි තරග කොවිඩ්19 වසංගතය තිබියදීම ආරම්භ කිරීමට දිස්ත්‍රික් හා පළාත් ක්‍රීඩා ප්‍රධානීහු එකඟත්වය පළ කිරීමෙන් එම ක්‍රීඩා තරග අවසන් අදියරේ පවතී.
එෆ්. ඒ. පාපන්දු කුසලානයට කණ්ඩායම් දහසකට ආසන්න ප්‍රමාණයක්
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය මේ වසර අවසානයේ ආරම්භ කිරීමට සූදානම් බව පාපන්දු සම්මේලනයේ ප්‍රකාශකයකු පැවැසීය. දැනටමත් මෙකි තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 961ක් මෙම තරගාවලියට ඇතුළත්ව සිටින අතර රට පුරා ක්‍රීඩාංගණවලදී මූලික වටයේ තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පසුගිය වසරේදී එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියට පාපන්දු ලීග් 63කින් ක්‍රීඩා සමාජ 825කට වැඩි ප්‍රමාණයක් එක්වු අතර මෙවර කණ්ඩායම් 100කට වඩා වැඩි ප්‍රමාණයක් තරගාවලියට ඉල්ලුම් කර තිබේ. පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ දිස්ත්‍රික් තරග වටය, කලාපීය තරග වටය ,වශයෙන් පැවැත්වේ. ජයග්‍රහණය ලබන ක්‍රීඩා සමාජ 32 අතර වටය ලබන වසරේ මුල් සතියේ සිට හා අවසන් වටය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂ 7.5ක් හා අනු ශූරයන්ට රුපියල් ලක්ෂ 5ක මුදලක් පිරිනැමීමට පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇත. එයට අමතරව වැඩිම ගෝල් වාර්තා කරන ක්‍රීඩකයා, දක්ෂතම ගෝල්රකින්නා ඇතුළු විවිධ අංශවලින් දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට තෑගි හා සම්මාන ප්‍රදානය කිරීමටද කටයුතු යොදා තිබේ. පසුගිය වසරේ එෆ්. ඒ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව වසර 12කට පසු පොලිස් පිල දිනා ගත් අතර අනු ශූරතාව සෝන්ඩර්ස් පිලට හිමි විය. සෝන්ඩර්ස් පිල එෆ්.ඒ. කුසලාන පාපන්දු ඉතිහාසයේ අවස්ථා 15කදී කුසලානය රැගෙන ගියද පසුගිය වසර දෙකකදීම අඛණ්ඩව යුද හමුදාව සහ පොලිස් කණ්ඩායම් ඉදිරියේ අනුශූරයන් විය.










