එංගලන්ත පාපන්දු පිටියේ ලාංකේය තාරකාව | සිළුමිණ

එංගලන්ත පාපන්දු පිටියේ ලාංකේය තාරකාව

ඕස්ට්‍රේලියානු ඉදිරි පෙළ දක්ෂ පාපන්දු තාරකාවක් වන ලාංකේය සම්භවයක් හිමි ජසින්තා ගලබඩආරච්චි ඉදිරි තරගවාරයේදි එංගලන්තයේ වෙස්ට් හැම් යුනයිටඩ් කාන්තා පාපන්දු සමාජය සමඟ ගිවිසුම් අත්සන් තබා තිබේ.

“මට වයස අවුරුදු අටේ ඉඳලා එංගලන්තයේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය වූණා. වෙස්ට් හැම් යුනයිටඩ් සමඟ එක්වීමේදී මගේ සිහිනය සැබෑ වී තිබේ” යැයි ඇ පවසයි “වෙස්ට් හැම් පාපන්දු ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ආකාරය සහ එම සමාජය සතු වටිනාකම් වලට මම ඇත්තෙන්ම කැමතියි. මෙම පියවර මට සිහිනයක්, මේ සිහිනය යථාර්ථයක් බවට පත්වේවි”

මැන්චෙස්ටර් සිටි අය සමඟ පුහුණුවීමෙන් පසු මීට පෙර එංගලන්තයට යාමට ගලබඩආරච්චි හට අවස්ථාව ලබා දෙන ලදී. කෙසේ වෙතත් එවකට 15 හැවිරිදි ජසින්තා මෙල්බර්න් සිටි සමඟ ගිවිසුමක් අත්සන් කළාය. ජසින්තා මීට පෙර මැටිල්ඩාස් පුහුණු කඳවුරකටද එක්ව තිබේ.

“ඇයට වයස අවුරුදු 18 දී විශාල හැකියාවක් තිබුණා යමක් කරන්න , ඇය ඉදිරිපත් කරන දෙයින් මම අතිශයින් සතුටට පත්වෙනවා,” පුහුණුකරු මැට් බියර්ඩ් පසුව පැවසීය.

“මම බොහෝ තරුණ ක්‍රීඩකයන් දැකලා තියෙනවා, මම තරුණ ක්‍රීඩකයන් සමඟ වැඩ කිරීමට හා ඔවුන් ඉදිරියට ගැනිමට කැමතියි. ඇයගේ හැකියාවන් අනුව මා දැක ඇති හොඳම ක්‍රීඩිකාවකි."

ජසින්තා ඇගේ සහෝදරයාගේ ක්‍රීඩාව නැරඹීමෙන් පසු වයස අවුරුදු පහේදී පාපන්දු ක්‍රීඩා කිරීමට පටන් ගත්තාය. වයස අවුරුදු 9 දී, මැන්චෙස්ටර් යුනයිටඩ් ඇකඩමියට පැමිණියාය. පසුව ඇය මැන්චෙස්ටර් සිටි ඩබ්ලිව්.එෆ්.සී. ඇකඩමිය සහ කණ්ඩායම සමඟ සති අටක පුහුණු කාලයක් ගත කළේය. වයස අවුරුදු 14 දී, 15න් පහළ පිරිමි ප්‍රිමියර් ලීග් කණ්ඩායමක් සඳහා ක්‍රීඩා කිරීමට ඇය කළ ඉල්ලීම වික්ටෝරියා පාපන්දු සම්මේලනය ප්‍රතික්ෂේප කරන ලදී.

 

Comments