සභාපති කුසලාන පාපන්දු කිරුළ කලම්බු එෆ්.සී. දිනා ගනියි | සිළුමිණ

සභාපති කුසලාන පාපන්දු කිරුළ කලම්බු එෆ්.සී. දිනා ගනියි

වැන්ටේජ් සභාපති කුසලාන පාපන්දු තරගාවලියෙන් බ්ලූ ඊගල්ස් කණ්ඩායම පරදා කලම්බු එෆ්.සී. කණ්ඩායම ගෝල 4 – 0ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කරමින් ‘වැන්ටේජ්” සභාපති කුසලානය තමන් සතු කරගැනීමට සමත්විය. මිලියන 1.8ක මුදල් ත්‍යාගයක් ජයග්‍රාහී කලම්බු එෆ්.සී. පිලට හිමිවු අතර අනුශූරතාව දිනු බ්ලූ ඊගල්ස් කණ්ඩායමට මිලියන 1.5ක මුදලක් හිමිවිය.

මෙරට පාපන්දු ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදලක් පිරිනමන ලද පාපන්දු තරගාවලිය ලෙස වැන්ටේජ් කුසලාන 2020 ඉතිහාසයට එක් වු අතර ජාතික පාපන්දු කණ්ඩායමට නවක ක්‍රීඩකයින් සොයා ගැනී‍ම වෙනුවෙන් සහ කොවිඩ්19 ව්‍යාප්තිය හේතුකොට ගෙන ගිලිහි ගිය ක්‍රීඩාශීලීත්වය නැවත නගාසිටුවීම පෙරදැරීව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ‍තරගාවලිය සංවිධානය කළේය. රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් ත්‍යාග වශයෙන් තරගාවලිය නියෝජනය කළ කණ්ඩායම් වෙත පිරිනැමීමට ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු සම්පාදනය කර තිබුණී.

ගෝලීය වසංගතයක් බවට පත්වු කොවිඩ් 19 ලෝක ව්‍යාප්තියෙන් ශ්‍රී ලංකාවද අවතැන් විය. මාර්තු මාසයේ සිට ක්‍රිඩා කටයුතුද නවතා දැමීය. ඒ හේතුව නිසා මෙරට ක්‍රිඩාව දරුණු ආගාධයකට ලක් වු අතර නැවතත් වැටුණු තැනෙන් ගොඩා ගැනීම උදෙසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මෙම තරගාවලිය ආරම්භ කරන ලදි.

ජාවාලේන්, නිව් ස්ටාර්, යුද හමුදා, රෙඩ් ස්ටාර්, සෙරන්ඩිබ්, බ්ලූ ඊගල්, කලම්බු එෆ්.සී. හා පොලීස් පාපන්දු කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කරමින් තරග වැදුණු අතර කණ්ඩායම් 4ක් අර්ධ අවසන් වටය නියෝජනය කිරිමේ අවස්ථාව හිමිකරගත්තේය.

අර්ධ අවසන් වටයේදී යුද හමුදා කණ්ඩායම පරාජයට පත්කරමින් ජාවාලේන් කණ්ඩායමත්, බ්ලූ ඊගල් කණ්ඩායම පරාජය කරමින් නිව් ස්‍ටාර් කණ්ඩායමත් අවසන් පූර්ව වරම් දිනා ගැනීමට සමත් විය. බ්ලූ ඊගලස් කණ්ඩායම ‘ඊ’ කාණ්ඩයෙන් තරග වැදුණු අතර එහිදි ඔවුන් මුහුණ දුන් තරග 3ම ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව තරගයට පිවිසිමට සමත් විය. අර්ධ අවසන් පූර්ව තරගයේදී බ්ලූ ඊගල්ස් පිල නිව් ස්ටාර් පිල හමුවේ පරාජයට පත් වුවත් නිව් ස්ටාර් පිල ව්‍යාජ ලේඛන සකස් කොට ක්‍රීඩකයකු ඉදිරිපත් කිරීමේ විනය විරෝධී චෝදනාව ඔප්පු විමත් සමගින් අවසාන තරගය නියෝජනය කිරීමේ අවස්ථාව නිව් ස්ටාර් පිලට අහිමිව බ්ලූ ඊගල්ස් පිලට හිමිවිය. 

අවසන් පූර්ව වටයේදී ජාවාලේන් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරගය නියෝජනය කිරිමේ වරම් දිනා ගැනීමට බ්ලූ ඊගල්ස් කණ්ඩායම සමත් වු අතර රෙඩ් ස්ටාර් කණ්ඩායම පරාජයට පත් කරමින් කලම්බු එෆ්.සී. කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසිමේ වරම් දිනා ගත්තේය.

මෙම ජයග්‍රාහණය පිලිබඳ කණ්ඩායමක් ලෙස අපි ඉතාමත් සතුටට පත්වෙනවා. ඒ අපි පසුබැමකට ලක්ව නැවතත් ජයග්‍රහණය කරා ඒමට හැකිවීම නිසයි. අපි පළමු වටයේදී බ්ලූ ඊගල්ස් කණ්ඩායමට පරාජය වුණා නමුත් අපිට වාසනාව තිබුණා අවසන් තරගය කරා පැමිණිමට. බ්ලූ ඊගල්ස් කණ්ඩායමෙන් පළමු තරගයේදී එල්ල වු අභියෝග නිසි ලෙස අධ්‍යනය කරලා අවසන් තරගයට මුහුණ දුන්නා. අපි කණ්ඩායමක් ලෙස අවසන් තරගයට මුහුණ දෙන්න අලුතෙන්ම සැලැසුම් ක්‍රීයාත්මක කළා එම සැලැසුම් සාර්ථක වුණා. අපිට පලමු අර්ධයේදී බ්ලූ ඊගල්ස් අභියෝගයක් වුණා. නමුත් දෙවන අර්ධයේදී එය‍ට නිසි ලෙස මුහුණ දුන්නා. පළමු අර්ධයේ දී අහ්මඩ් ශාෂ්නි ලබාගත් ගෝලය නිසා අපට ස්ථාවරව තරගයට මුහුණ ‍දිමේ හැකියාව ලැබුණා. බ්ලූ ඊගල්ස් කණ්ඩායම ක්‍රීඩා ක‍ළේ කික් ඇන්ඩ් රන් ක්‍රමයට අපි ඊට විරුද්ධව අපේ සැලැසුම් ක්‍රීයාත්මක කළා. ඒ නිසා දෙවන අර්ධයේදී අපට තවත් ගෝල තුනක් ලබාගැනීමේ හැකියාව ලැබුණා. .

ඒ වගේම සඳහන් කරන්නට ඔනේ මෙම තරගාවලිය සංවිධානය කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගැන ඇත්තෙන්ම පසුගිය වකාවානුවේදී කොවිඩ්19 නිසා තරගයක් තියා පුහුණු විමකවත් නිරත විමේ හැකියාවක් අපට තිබුණේ නෑ. අපේ ශාරිරික යොග්‍ය තාවයවත් අපට නිසි ලෙස වර්ධනය කරගැනීමේ හැකියවක් අපට තිබුණේ නෑ. පාපන්දු ක්‍රීඩාව විශාල පසුබැමකට ලක්වුණා. නමුත් මෙම තරගාවලිය සමගින් නැවතත් පාපන්දු ක්‍රීඩාව කෙරේහි විශාල ආකර්ශනයක් ලබාගානිමට හැකිවුණා. එයම විශාල ජයග්‍රහනයක්. මම ‍පුද්ගලිකවම විශ්වාෂ කරන්නේ මෙවැනි තරගාවලි වසර පුරාවටම සංවිධානය විය යුතුයි. නැතිනම් දක්ෂ ක්‍රීඩකයන්ට තම දක්ෂතා වර්ධනය කරගැනීමට වගේම දක්ෂතා ප්‍රදර්ශණය කිරිමේ හැකියවක්ද නෑ‍.

අද පැමිණ සිටින ක්‍රිඩා ලෝලින් දිහා බැලුවම අපට දැක ගතහැකියි පාපන්දු ක්‍රීඩාවක ඇලුම්කරන ක්‍රීඩාලෝලින් විශාල පිරිසක් සිටිනවා. ඔවුන්වත් අප රැකගත යුතුයි. ඒ නිසා අඩුම තරමින් වසරකට තරගාවලි තුනක්වත් සංවිධානය කළ යුතුයි. මේවසරේදී තවත් තරගාවලියක් සංවිධානය කිරිමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයතු යොදා තිබේනවා. එය ඉතාමත් අගය කල යුතු දෙයක්.යැයි ජයග්‍රාහී කලම්බු එෆ්.සී.කණ්ඩායමේ නායක චරිත රත්නායක අප හා පැවැසිය.

Comments