සවුදි කුමරා තම රථය කුරුල්ලන්ට වෙන් කරයි | සිළුමිණ

සවුදි කුමරා තම රථය කුරුල්ලන්ට වෙන් කරයි

මැද පෙරදිග කලාපය යනු තවමත් රාජධානි සංකල්පය යටතේ පවතින රටවල් සහිත කලාපයකි. මේ රටවල් රජවරුන් විසින් පාලනය කරන අතර ඔටුන්න හිමි කුමාරවරුද වෙති. සවුදි අරාබිය මෙන්ම ඩුබායි දේශයද එවැනි රජවරු සහ ඔටුන්න හිමි කුමාරවරු සඳහා ප්‍රසිද්ධ රටවල් දෙකකි. සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරා තම රට අනාගත ලෝකය කරා ගෙන යෑමේ සැලසුම් සකසමින් සිටින අතර ඔහු විවේචනය කළ මාධ්‍ය ‍ෙව්දියකු කැබලිවලට කපා මරා දැමීම සම්බන්ධවද චෝදනා ලැබ සිටියි.

මේ අතර සවුදියේ ඔටුන්න හිමි කුමරා ද පසුගියදා ප්‍රසිද්ධියට පත්විය. ඒ තම මෝටර් රථයේ කුරුලු කූඩුවක් සෑදු කුරුල්ලන් දෙදෙනෙකු වෙනුවෙන් එම මෝටර් රථයම කැපකර දෙමිනි.

සවුදි ඔටුන්න හිමි කුමරා යනු එක් වාහනයක පමණක් හිමිකරුවකු නොවනු ඇති මුත්, පසුගියදා තම මෝටර් රථය වෙත ගිය ඔහු දුටුවේ එහි කුරුලු යුවළක් නිවසක් තනා බිත්තරද දමා ඇති බවයි. එය දුටු වහාම ප්‍රීතියෙන් පිනා ගිය කුමරා මේ කුරුලු යුවළට බාධා නොකිරීමට තීරණය කළේ ඔවුන් දරුවන් ලොකු මහත් කර ගන්නා තුරු වෙනත් වාහනයක් භාවිත කරන සිතිවිල්ලෙනි.

ඒ අතරම තම වාහනය මත දුටු අපූරු දසුන වීඩියෝ කිරීමටද ඔහු කටයුතු කළේ කුරුලු දෙමහල්ලන්ගේ කැපවීම ලොවට පෙන්වමිනි. පසුව ඒ වීඩියෝ දසුන් ඉන්ටර්ග්‍රෑම් වෙත යොමු කළේ තමා එම දසුන් දැකීමෙන් අත්විඳි ප්‍රීතිය තවත් මිනිසුන් වෙත ලබා දීමේ අපේක්ෂාවෙනි.

සැබවින්ම එය එසේ වූයේ බොහෝ දෙනා කුරුලු දෙමාපියන්ගේ කාර්යබහුලත්වය දැක ප්‍රිතිවන අතරම සවුදි කුමරාගේ මානුෂීය ගුණාංග ද අගේ කිරීමට වූ බැවිනි.

තවත් අයකු වෙනුවෙන් තම කාලයෙන් මොහොතක් කැප කිරීමට අකමැති ධන කුවේරයන් මැද තම දරුවන් ලොකු මහත් කර ගැනීමට ඉඩ ලබා දෙමින් කුරුලු යුවළක් වෙනුවෙන් තම රථය භාවිතය අත්හළ සවුදි කුමරාද සුන්දර මිනිසකු බවට සැක නැත.

Comments