
මැද පෙර දිග කලාපය, සමස්ත අරාබි ලෝකය සැලකෙන්නේ කාන්තාවන්ට අයිතිවාසිකම් අහිමි සංස්කෘතියක් සහිත රටවල් ලෙසිනි. එහෙත් මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය නවතම අභ්‍යවකාශ වැඩ පිළිවෙළ මගින් ලෝකයේ එම අදහස් උඩුයටිකුරු කිරීමට සූදානම් වේ. ඒ එරට ප්‍රථම අභ්‍යවකාශ වැඩපිළිවෙළ මෙහෙයවීමේ අවස්ථාව කාන්තාවන්ට ලබා දෙමිනි.
ඉදිරියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු වෙත යානයක් යැවීමට සූදානම් වන අතර රතු ග්‍රහයාගේ කාලගුණික තත්ත්වයන් පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීම ඔවුන්ගේ අරමුණ වේ. වසර හයක කාලයක් සඳහා සැලසුම් කර ඇති මේ වැඩසටහන් මෙහෙයවීමේ අගනා අවස්ථාව හිමි වී ඇත්තේ සහරා අල් - අමිරි නම් වන විද්‍යාඥවරියටයි.
සහරා අල් - අමිරි අරාබි ලෝකය පුරා ප්‍රසිද්ධ චරිතයකි. අරාබි ලෝකයේ කාන්තාවගේ ප්‍රතිරූපය මේ වන විට වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර සහරාද ඒ සඳහා ප්‍රභල දායකත්වය ලබා දෙන කාන්තාවන් අතරින් එක් අයෙකි.එමෙන්ම ඇය බටහිර අධ්‍යාපනය ලබා තිබීමද විශේෂත්වයකි. සාජාහි අමෙරිකානු විශ්ව විද්‍යාලයෙන් ඇය වැඩිදුර අධ්‍යාපනය ලබා තිබේ. කුඩා කළ සිටම අභ්‍යවකාශ විද්‍යාවට ඇලුම් කළ ඇය අභ්‍යවකාශ විද්‍යාවට අත්පොත් තබන්නේ එමිරේට්ස්හි උසස් විද්‍යා හා තාක්ෂණ ආයතනයෙනි. එමෙන්ම ඩුබායි සැට් - 1 සහ ඩුබායි සැට් - 2 ව්‍යාපෘතිවල සේවය කිරීමේ අවස්ථාව ඇය උදා කර ගත්තාය. තම රට වෙනුවෙන් සේවය කිරීමේ අවස්ථාව ඇය උදා කර ගන්නේ ඉන් පසුවය.
මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ අැය තවමත් 32 හැවිරිදි වියේ පසුවීමය.
අරාබි ලෝකය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින අතර ඛනිජ තෙල් මත තවදුරටත් පදනම් නොවෙමින් වෙනත් ධනෝපායන ක්‍රම කරා ගමන් කිරීමේ අරමුණින් යුක්තව ඔවුන් කටයුතු කරන බව පෙනේ. විශේෂයෙන් අරාබි ලෝකයේ දැවැන්තයා වන සෞදි අරාබිය මෙතෙක් තදින් ක්‍රියාත්මක වූ සංස්කෘතික බැමි සිඳ දමමින් සිටිනු දැක ගත හැකිය. මීට වසර කිහිපයකට පෙර සෞදි අරාබිය තුළ කාන්තාවන්ට රිය පැදවීම තහනම් වූ නමුදු මේ වන විට එම තහනම ඉවත් කර තිබේ. එයට හේතුව අනාගතයේදී සෞදි අරාබිය සංචාරක පාරාදීසයක් කිරීමේ බලාපොරොත්තුවයි.
සෞදියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු මීට වසර පහකට පමණ පෙර සෞදි අරාබිය වෙනස් කිරීමේ තම වැඩපිළිවෙළ ආරම්භ කළ අතර ඔහුගේ අරමුණ වූයේ සෞදි අරාබියේ මීළඟ ධනෝපායන ක්‍රමය සංචාරක කර්මාන්තය බවට පත් කිරීමයි. ඒ අනුව සෞදිය පුරා සංචාරක ආකර්ෂණය සහිත ගොඩනැගිලි ඉඳි කිරීම ආරම්භ විය. අවම ගුවන් ගමන් ගාස්තු යටතේ සංචාරකයන් සඳහා පැකේජ හඳුන්වා දුන් අතර මේ සියල්ල අත්විඳීමට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය නිදහස ආරබි සංස්කෘතිය ඇතුළත ලබා දීම ඔවුන් මුහුණ දුන් ප්‍රබලතම ගැටලුව විය.
මේ ගැටලුවට විසඳුම් සෙවීමට සෞදි බලධාරීන් ගත් ක්‍රියාමාර්ගවල අවසානය වූයේ ආරබි කාන්තාවන්ට ක්‍රමයෙන් සංස්කෘතික නිදහස හිමිවීමය.
මීට පෙර අරාබි රටවල කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය පවා අහිමි වූ අතර රැකියාවන්හි නිරත වීමද තහනම් රටවල් ද විය. එහෙත් පසුගිය වසර පහක පමණ කාලයක සිට ආරාබි කලාපයේ, විශේෂයෙන්ම සෞදියේ දේශපාලනයටද කාන්තාවන් එක්ව තිබේ.
එපමණක්ද නොව මෙතෙක් කල් තම රටවල පැවති අර්ථ ක්‍රම ද විප්ලවීය වෙනස්කම්වලට බඳුන් කිරීමට බොහෝ අරාබි රටවල් කටයුතු කරමින් තිබේ. ඛනිජ තෙල් මත රඳා පැවතීම තවදුරටත් ස්ථාවර නොවන බව වටහා ගත් බොහෝ අරාබි රටවල් තමන් මෙතෙක් ඛනිජ තෙල්වලින් උපයා ගත් සල්ලි කඳු නොයෙක් ආයෝජනවල යෙදවීමට කටයුතු කරමින් සිටිති. අභ්‍යවකාශ ව්‍යපෘතීන් යනු ඒ අතරින් එකකි. මේ වන විට අරාබි රටවල් කිහිපයක්ම අභ්‍යකාශ ව්‍යපෘතීන් අරඹා තිබේ. සහරා අල් - අමිරිගේ මෙහෙයුම අයත් වන්නේද ඉන් එකකටය. දැන් අරාබි කාන්තාවෝ ලෝකය පමණක් නොව අභ්‍යවකාශයද ජය ගැනීමට සූදානමින් සිටිති. සැබවින්ම නිදහස යනු කොතරම් සුන්දර දෙයක්දැයි අත්විඳ ඇති ලෝකය සහරා අලි -අමිරි ඇතුළු අරාබි කාන්තාවන්ගේ මේ විප්ලවීය වෙනස ගැන සතුටට පත් වනු නොඅනුමානය.