
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ වත්මන් නියෝජ්‍ය සභාපති වන රිස්ලි ඉල්යාස් තමන් 2020 - 2021 වසර සඳහා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ හි ඉහළම ධුරය වන සභාපති ධුරය සඳහා තරග කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කරයි.
2022 ආසියානු ක්‍රීඩා තරගාවලිය සහ 2024 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පිළිබඳ දැක්මක් සහිතව තමන් මෙලෙස සභාපති ධුරය සඳහා තරග කරන බවත් පවසා සිටියි.
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෙකු වන ඉල්යාස් රග්බි සම්මේලනය සමඟ සමීපව කටයුතු කර ඇති අතර පරිපාලකයකු ලෙස රග්බි පිටිය තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සමතෙකි. වසර ගණනාවක් පුරා ඉල්යාස් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලේකම් ලෙස කටයුතු කර ඇති අතර වර්තමානයේ එහි උප සභාපති ලෙස කටයුතු කරයි.
2024 වසරේ දී පැරිස් ඔලිම්පික් උලෙළ සඳහා සුදුසුකම් ලැබීම කෙරෙහි අවධානය යොමු කිරීමත්, 2022 වසරේ දී ආසියානු ක්‍රීඩා උලළේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කමක් කරා ගෙන යාමත් ඔහුගේ ප්‍රධානම අරමුණකි. ඒ සඳහා ජාතික සත්සාමාජික රග්බි ආකෘතිය කෙරෙහි ඉල්යාස් සිය ප්‍රධාන අවධානය යොමු කර තිබේ.
සභාපති වශයෙන් මගේ කෙටි කාලීන දැක්ම වන්නේ සත්සාමාජික රග්බි ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීමයි. මෙම දැක්ම මූලික වශයෙන් පැරීසියේ පැවැත්වෙන 2024 ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීම සහ 2022 ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කමක් දිනා ගැනීම පිළිබඳවයි. අපි නිවැරැදි ලෙස සැලසුම් කර ඒ අනුව සූදානම් වුනොත් රිදී හෝ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් තියෙනවා. 2014 සහ 2018 ආසියානු ක්‍රීඩා උලෙළේ දී අපි සිව්වන ස්ථානයේ පසුවුනේ. දකුණු කොරියාව හා ජපානය සමග පැවති තරග දෙකේ දීම ලකුණු 2කින් පරාජයට පත්වුණේ.
සත්සාමාජික රග්බි ක්‍රීඩාව සංවර්ධනයට ආධාර කිරීමේ අරමුණින් ඉල්යාස් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. එහිදී ප්‍රධාන වශයෙන් දැනට පවතින පහළොස්දෙනාගේ තරගාවලි සංඛ්‍යාව අඩකට අඩු කිරීමත්, සත්සාමාජික රග්බි ක්‍රීඩාව සඳහා උපකාරී වන දේශීය සත්සාමාජික තරගාවලියක් එක් කිරීමත් මූලික ඉලක්ක ය.
“අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය කෙටි තරගාවලියක් ලෙස පැවැත්වීමෙන් පසුව සත්සාමාජික රග්බි තරගාවලියක් පවත්වනවා. ඉන්පසුව පූර්ණ කාලීන සංචිතයක් තෝරා ගන්න සැලසුම් කරනවා. මෙම සංචිතය ආසියානු ක්‍රීඩා උලෙළ පිළිබඳ අවධානය යොමු කරමින් ඉහළ කාර්ය සාධනයක් සහිත කළමනාකරුවන්ගේ සහ ලෝක මට්ටමේ පුහුණුකරුවන්ගේ සුදුසුකම්ලත් මණ්ඩලයක් යටතේ වෘත්තීය සැකසුමකට යටත් කරනවා.”
පසුගිය වසර දෙක තුළ සත්සාමාජික කාණ්ඩයේ දක්ෂතා එතරම් ප්‍රබල මට්ටමක නොතිබීම නිසා 2017 වසරේ දී ශ්‍රී ලංකාවට 3වන ස්ථානයෙන් පසුපසට යාමට සිදු වූ අතර ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම ආසියාවේ හත්වන ස්ථානයේ රැඳී සිටියි. ඔවුන් මීට පෙර පස්වන ස්ථානයේ රැඳී සිටියේය.
මෙම කණ්ඩායම් ද්විත්වයම ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වන ලෙස දියුණු කිරීම සමඟ ඉල්යාස්ගේ යෝජනා අතර වේ.
ශ්‍රී ලංකාවේ රග්බි සමාජයක කාන්තා කණ්ඩායමක් ඇත්තේ සී.ආර්.සහ එෆ්.සී. කණ්ඩායමේ පමණයි. කාන්තා කණ්ඩායම් පිහිටුවීම සඳහා අනෙකුත් ඒ කාණ්ඩයේ කණ්ඩායම් දිරිමත් කිරීමට සහ ඒ සඳහා සහාය දීමටත් මම බලාපොරොත්තු වෙනවා. කාන්තා කණ්ඩායම් තරගාවලියකට සහභාගී කරවීමටත්, ඔවුන් අතර විශ්වාසනීය තරගයක් ඇති කිරීමටත් මූල්‍යමය වශයෙන් සහයෝගය දැක්වීමටත් බලාපොරොත්තු වෙනවා.
රිස්ලි ඉල්යාස් අපේක්ෂකත්ව ප්‍රකාශයේ වෙනත් යෝජනා පහත පරිදි වේ.
ඒ කාණ්ඩයේ රග්බි තරග ආලෝකයන් මධ්‍යයේ ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීම සහ සී.ආර්. සහ එෆ්.සී. ක්‍රීඩාංගණය සඳහා විදුලි ආලෝක පද්ධතියක් සවිකිරීම සඳහා ආධාර කිරීමය. එමෙන්ම රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීම හා ක්‍රීඩාව ඉගෙන ගැනීම සඳහා පළාත් මට්ටමින් ආයතන ඇති කිරීමය. ප්‍රධාන පෙළේ සත්සාමාජික රග්බි තරගාවලි හා සෙසු රග්බි තරගාවලි සඳහා ශ්‍රී ලංකාව සත්කාරක රටක් බවට පත්කිරීම සිය ඉලක්ක අතර කිහිපයකි.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති තනතුර මෙරට රග්බි ක්‍රීඩාව තුළ ඇති ඉහළම ධුරය වේ. මෙම ධුරය සඳහා ඡන්ද විමසීමක් පවත්වන අතර ඒ සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට රග්බි ප්‍රාදේශීය සංගම් වලට අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ 2020 වසර සඳහා වන මහා සභා රැස්වීම එළැඹෙන අගෝස්තු මස 29 වන දින පැවැත්වීමට නියමිතය.










