
ශ්‍රී ලංකා ජාතික පාපන්දු සහකාර පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි මහින්ද ගලගෙදර පසුගියදා එම තනතුරෙන් ඉවත්විය. නමුත් තවදුරටත් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බවද පවසයි.
මම ජාතික කණ්ඩායම අතරමග දමා යාමට කිසිලෙසක උත්සුක වුණේ නෑ. ජාතික කණ්ඩායම කියන්නේ ජාතික කණ්ඩායම. නමුත් වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බොස්නියා ජාතික ආමීර් ආලජික් මගෙන් ඉල්ලිමක් කළා, පොලිස් කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත්ව පුර්ණකාලීනම ජාතික පාපන්දු සහාකාර පුහුණු තනතුරේම රැදෙන ලෙස. නමුත් මම රැකියාව ලෙස සේවයේ නිරතව සිටින්නේ ශ්‍රීලංකා පොලීස් දෙපාර්තමේන්තුවේ. පොලිස් නිලධාරියකු නිසා මට පොලිස් කණ්ඩායමෙන් ඉවත්ව පූර්ණ කාලීනව ජාතික සංචිතයේ පුහුණුකරුවෙකු ලෙස සේවය කිරීමේ බාධක තියෙනවා.
ඒ කියන්නේ ඔබ පොලිසියෙන් ඉවත් විමට කැමත්තක් නෑ කියලද?
ඔව් මම මගේ රැකියාවෙන් ඉවත්වීමට අකමැතියි. නමුත් මම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ආමීර් ආලජික් ට කිව්වේ; මගේ සුදුසුකම් වලට සරිලන සුදුසු ස්ථිර රැකියාවක් ලබාදෙනවා නම් ශ්‍රී ලංකා පොලිසියෙන් ඉවත්ව දිගටම සහාකාර පුහුණු තනතුරේ රැදෙන්න කැමැති බව. නමුත් එයට සුබදායි පිළිතුරක් ලැබුණේ නෑ. ඒ නිසා මම තිරණය කළා මගේ රැකියාවත් රැකගෙන ශ්‍රී ලංකා පොලීසියේ පුහුණුකරු ලෙස දිගටම රැඳෙන්න
මොන යම්හෝ නීතිමය අවහිරයක් තියෙනවාද ක්‍රීඩා සමාජයක ප්‍රධාන පුහුණුකරු ලෙස කටයතු කරන පුහුණුකරුවකුට ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුරක් දැරිය නොහැකියි කියා.
ශ්‍රී ලංකා ජාතික පාපන්දු සම්මේලනය පනවා ඇති රේගුලාසි අනුව පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයක පුහුණු කරුවකුට ජාතික කණ්ඩායමේ පුහුණු කරුවකු ලෙස නිරත විය නොහැකි බවට නිතිරීති සම්පාදනය වී තිබෙනවා. නමුත් පසුගිය වකවානුවේදී කිහිපදෙනෙකුම සහාකාර පුහුණු තනතුර පමණක් නෙවෙයි, ප්‍රධාන පුහුණු කාර තනතුර පවා දැරුවා. නමුත් නීතිමය බාධාවක් වෙලා නෑ. නමුත් වත්මන් ප්‍රධාන පුහුණු කරු ලෙස ආමීර් ආලජික් නීති ප්‍රකාරව තමයි මගෙන් ඒ ඉල්ලිම කළේ. මම එම ඉල්ලිමට අනුව තමයි තෝරාගැනීම කළේ.
ශ්‍රී ලංකා පොලීසියේ පුහුණුකරු ලෙස කටයුතු කරනවාට වඩා ජාතික සංචිතයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කිරිම සේවාවක් කියා හිතන්නේ නැද්ද?
ඇත්තෙන්ම එය ජාතික කාර්යයබාරයක් තමයි. නමුත් ජිවන වෘත්තියත් ඒ වගේම වැදගත්. මම පාපන්දු ක්‍රීඩාවට පූර්ණ කාලීනව කැපව සිටින්නේ මට ශ්‍රී ලංකා පොලීස් දෙපාර්තමේන්තු වෙන් ලැබෙන වේතනය මගේ පවුලේ සමාජිකයන්ගේ යැපුම් මාර්ගය නිසා. ස්ථීර රැකියාවක් නැතිව පූර්ණ කාලීනව පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙන්න බැහැ.
ඔහු වසර 70ක අභිමානවත් ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසය වෙනස්ම මගකට යොමු කරමින් ශ්‍රීලංකා පොලිස් කණ්ඩායම මෙරට පැවැත්වෙන ඉහළම පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ. කුසලාන තරතරගාවලිය මේ වසරේ මුලදි පොලිස් කණ්ඩායමට දිනා දීමට විශාල වැඩ කොටසක් කළ පොලිස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරුයි. එම ජයග්‍රහණයෙන් පසු මහින්ද ගලගෙදර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සහාකර පුහුණු තනතුරකට නිර්දේශ කළේය.










