චමරි ඉහළම ගෙවීම් ශ්‍රේණියට | සිළුමිණ

චමරි ඉහළම ගෙවීම් ශ්‍රේණියට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අංක එකේ ක්‍රීඩිකාව වන ප්‍රවේගකාරී පිතිකාරීනි චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නව කොන්ත්‍රාත් ගිවිසුම් ලැයිස්තුවේ ඉහළතම ශ්‍රේණිය වන ‘ඒ’ ශ්‍රේණියට ඇතුළත් එකම ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නීය. ලෝක සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වාර්තා කීපයකට හිමිකම් කියන තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු පසුගිය කොන්ත්‍රාත් ගිවිසුමේ ද ඉහළම ගෙවිම්ලාභිනිය බවට පත්ව සිටියාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාස හයක කාලයක් සඳහා ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් 20 දෙනකු ශ්‍රේණි හතරක් යටතේ කොන්ත්‍රාත් ගතකර තිබේ. ඊට අමතරව මාසික දීමනාවක් සඳහා නැඟී එන ක්‍රීඩිකාවන් 15 දෙනකු ද නම් කර තිබේ. මෙම කොන්ත්‍රාත් ගිවිසුම පසුගිය මැයි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

චමරි අතපත්තු (‘ඒ’ ශ්‍රේණිය), අනුෂ්කා සංජීවනී, ඕෂදී රණසිංහ, ඉනෝකා රණවීර, නිලක්‍ෂි ද සිල්වා, සුගන්දිකා කුමාරි, උදේෂිකා ප්‍රබෝදනී, හසිනි පෙරේරා සහ හර්ෂිතා මාධවී (‘බී’ ශ්‍රේණිය), ඩිලානි මනෝදර, ප්‍රසාදිනී වීරක්කොඩි සහ කවීෂා දිල්හාරි (‘සී’ ශ්‍රේණිය), අමා කාංචනා, ඉමල්කා මෙන්ඩිස්, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, මධූෂිකා මෙත්තානන්ද, උමේෂා තිමාෂිනී සහ සත්‍යා සංදීපනී (‘ඩී’ ශ්‍රේණිය),මල්ෂා ෂෙහානි, ලිහිනි අප්සරා, තාරිකා සෙව්වන්දි, ජිමාන්ජලී විජේනායක, හර්ෂනී විජේරත්න, ශෂිකලා සිල්වා, සචිනි නිසංසලා, ඉරේෂා සඳමාලි, තාරුකා ෂෙහානි, නිල්කාෂනා සඳමිනි, රෝස් පෙරේරා, ජනාදි අනලි, ශිකාරි නිවර්ථනා, තිලිශියා සත්සරණි සහ සඳුනි නිසංසලා (නැඟී එන ක්‍රීඩිකාවෝ)

 

Comments