
තනතුරෙන් පහළ හෙළීමට අගමැතිනිය තීරණය කරයි.
ලොව පුරා රටවල් කොවිඩ් වයිරසයේ ව්‍යප්තිය හේතුවෙන් දරුණු අත්දැකීම්වලට මුහුණ දෙමින් සිටියදී නවසීලන්තය ඉතා සර්ථකව වයිරසයට මුහුණ දෙමින් සිටී. ඒ සම්බන්ධව එරට අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ඇතුළු පාලකයන්ට ප්‍රශංසාව හිමිව තිබේ. එහෙත් පසුගියදා අසන්නට ලැබුණේ පුදුම උපදවනසුළු පුවතකි. එම පුවතින් ප්‍රකාශ වූයේ වගකීම් විරහිත ලෙස කටයුතු කළ නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිබඳ පුවතකි.
වයිසරයේ පැතිරයෑම වළක්වාලීමට නවසීලන්තය වසා දැමුවේ වඩා ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමිනි. සියලු ගුවන් ගමන් නවතා දමමින් තම රටට විදේශිකයන්ගේ පැමිණීම අවහිර කළ රටවල් අතර නවසීලන්තය ඉදිරියෙන්ම විය. අගමැති ජසින්ඩා ආර්ඩන්ගේ තීරණවලට අනුව එරට ජනතාව නිවෙස්වලට වී සිටිය යුතුය. එහෙත් අගමැතිගේ මේ සියලු තීරණවලට එකපැහැර සහාය දිය යුතු වූ එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා මේ සියලු නීති උල්ලංඝනය කරමින් ස්වකීය පවුලේ සාමාජිකයන්ද සමග නිවෙසින් කිලෝමීටර් 20ක් දුරබැහැර මුහුදු වෙරළේ විවේකී සුවය සොයා ගොස් තිබේ.
මේ බව තහවුරු කර ගත් පසු අගමැතිනිය තම සෞඛ්‍්‍ය අමාත්‍යවරයා ධූරයෙන් නෙරපීමට තීරණය කළද, ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා බැවින් මේ අවස්ථාවේදී ඔහුගේ සේවය රටට අවශ්‍ය බැවින් ඔහු ජ්‍යෙෂ්ඨතාවයෙන් පහළ හෙලීමට තීරණය කර තිබේ.
මීට පෙරද, එනම් පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ඩේවිඩ් ක්ලාර්ක් තම නිවෙසට කිලෝමීටර් දෙකක් දුරින් බයිසිකලයක නැගී යන ඡායාරූප සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබේ. ඔහු ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිද්ධිය අවසාන කර තිබේ. එහෙත් පසුව මේ මුහුදු වෙරළේ චාරිකාව පිළිබඳ පුවත අගමැතිනියගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑමෙන් සෞඛ්‍ය ඇමතිවරයාට මින්පසු නවසීලන්ත පාර්ලිමේන්තුවේ පසුපස අසුනක හිඳගන්නට සිදුවන බව මාධය වාර්තා කර තිබේ.