කොරෝනා ආසාදිතයින්ට සම්බන්ධ වූ පුද්ගලයින් 50000ක් රට පුරා | Page 3 | සිළුමිණ

කොරෝනා ආසාදිතයින්ට සම්බන්ධ වූ පුද්ගලයින් 50000ක් රට පුරා

කොරෝනා වයිරසය ආසාදිතයින් හා සම්බන්ධ වූ පුද්ගලයින් (ස්පර්ශකයින්) 50000කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා සිටින බවත් ඔවුන්ගෙන් පළමු ආසාදිතයන් හා ඍජුවම සම්බන්ධ වූ පුද්ගලයින් (1 වන ස්පර්ශකයින් ) වෙනුවෙන් හෝ පීසීආර් පරීක්ෂණය සිදු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සිළුමිණට කීය.

යුද හමුදා බුද්ධි අංශ, පොලිසිය හා වසංගත රෝග විද්‍යා අංශය මේ පුද්ගලයින් සම්බන්ධව සොයා බලමින් එම පුද්ගලයින් හඳුනා ගැනීමට කටයුතු කර ඇති බවත් පසුගිය සතිය වන විට එම පිරිස 42000ක් වූ අතර මේ වන විට එම සංඛ්‍යාව 50000ක් පමණ වනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. එම පුද්ගලයින් වර්ග 3කට අයත් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එයින් පළමු ස්පර්ශකයින් ලෙස හඳුන්වන්නේ ආසාදිතයා ඍජුවම ඇසුරු කළ අය වන අතර එම පුද්ගලයා ඇසුරු කළ තැනැත්තා පළමු ආසාදිත පුද්ගලයාගේ දෙවන ස්පර්ශකයා බවත් එම පුද්ගලයා ඇසුරු කළ අය තුන්වන ස්පර්ශකයන් බවත් මේ චක්‍රය සම්බන්ධව අවධානය යොමු කර පළමු ස්පර්ශකයින්ට හෝ කොරෝනා පරීක්ෂණය සිදු කළ යුතු වුවත් රසායනාගාර පරීක්ෂණ අංශවලින් එතරම් සහායක් නොලැබෙන තත්ත්වයක් ඇතැයි ද ඒ මහතා කීය.

 

Comments