ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ‘හෝම් ගාර්ඩන් චැලේන්ජ්‘ නමින් නිවෙසේ පැල ව්‍යාපෘතියක් අරඹති | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ‘හෝම් ගාර්ඩන් චැලේන්ජ්‘ නමින් නිවෙසේ පැල ව්‍යාපෘතියක් අරඹති

කොවිඩ් 19 අන්තර්ජාතික ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවටද සිදුකර ඇති බලපෑම සුලු පටු නොවේ. මේ නිසා ක්‍රීඩකයන් සිය ක්‍රීඩා සහ පුහුණුවීම් ඇතුළු දෛනික කාර්යයන් වලින් වැලකී, සිය නිවෙස් වලටම වී කල් ගෙවති.

මේ අතර සොබාදහමත් සමගින් ජීවත්වීමේ අගය ලොවට කියා පාමින් ‘හෝම් ගාර්ඩ්න් චැලේන්ජ්’ නමින් සිය ගෙවත්තේ පැල සිටුවීමේ ව්‍යාපෘතියකටද ඔව්හු එක්වී සිටිති. ඒ සම්බන්ධයෙන් ඡායාරූප පෙළක් ක්‍රීඩකයන්ගේ ට්විටර් මාධ්‍ය ජාලයන්හී මේ වනවිට දැක ගැනීමට හැකිවනු ඇත.එක් ක්‍රීඩකයකු විසින් තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට මේ සඳහා ආරාධනා කරන අතර එය පිළිගන්නා ක්‍රීඩකයන් සිය ගෙවත්තේ පැල සිටුවන ඡායාරූප සිය ට්විටර් ගිණුමේ පළකළ යුතුය.

මේ වනවිට ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න, තිසර පෙරේරා ,දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස් , ධම්මික ප්‍රසාද්, යන ක්‍රීඩකයෝ ‘හෝම් ගාර්ඩ්න් චැලේන්ජ්’ අභියෝගය බාරගෙන සිටිති.

Comments