කොවිඩ් 19 සමග සටනට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් දැවැන්ත මුදලක් | Page 2 | සිළුමිණ

කොවිඩ් 19 සමග සටනට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් දැවැන්ත මුදලක්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම ගිවිසුම්ගත ක්‍රීඩකයන් එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලයට පවුම් 500,000 ක මුලික පරිත්‍යාගයක් කරන බව එංගලන්ත ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය නිවේදනය කරයි.එංගලන්ත කාන්තා කණ්ඩායමේ ප්‍රධානතම ගිවිසුම්ගත සාමාජිකාවන් අප්‍රේල්, මැයි සහ ජුනි මාසවලදී ස්වේච්ඡාවෙන් සිය වැටුප් පරිත්‍යාග කිරීමට යෝජනා කර තිබේ.මේ සදහා පුහුණුකරුවන්ගෙන් මෙන්ම සහාය කාර්ය මණ්ඩලයේ වැටුප් වලින්ද අඩුකෙරෙනු ඇත.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් විසින් කරන ලද මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 12 කට ආසන්න මුදලකි.

කොවිඩ් 19 ට එරෙහි සටන වෙනුවෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවුම් මිලියන 61 ක් හෙවත් ඩොලර් මිලියන 76 කින් යුත් අරමුදලක් පසුගියදා ආරම්භ කරන ලදි.කොවිඩ් 19 බලපෑම හේතුවෙන් බටහිර ඉන්දිය කොදෙව් සහ පාකිස්තාන් ටෙස්ට් තරගාවලි මෙන්ම දේශිය තරගාවලින්ද කල් දැමිමට සිදුවිමෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මංඩලයට සිදු පාඩුව අතිවිශාලය.

‘අපට හැකි පමණින් ඉදිරි සතිවලදි ක්‍රියා කළ යුතුයි. වර්තමාන වාතාවරණය තුළ එය නිවැරදි ප්‍රතිචාරයක් ලෙස සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැඟීයාම වටිනවා යැයි‘ එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකා හෙදර් නයිට් පැවසුවාය.

“වර්තමාන තතත්වය ක්‍රීඩාවට බලපාන්නේ කොහොමද කියලා අපි දන්නවා.අපට හැකි පමණින් උදව් කිරීමට අවශ්‍යයි“ යැයි එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකා හෙදර් නයිට් වැඩිදුරටත්පැවසුවාය.

වසංගතයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබද දින කිහිපයක සාකච්ඡාවලින් පසුව එංගලන්ත ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් නිවේදනයක් නිකුත් කර තිබේ.

කොවිඩ් 19 පැතිරීම හේතුවෙන් 2020 ක්‍රිකට් තරග වාරය අවම වශයෙන් මැයි 28 වන තෙක් අත්හිටුවීමට සිදුවනු ඇතැයි කියැවේ.

Comments