කොවිඩ් 19 ව්‍යාප්තියේ දරුණුම තත්ත්වය පහව ගිය පසු ක්‍රීඩාංගණවල ප්‍රේක්‍ෂකයන් නොමැතිව හෝ ක්‍රිකට් සහ සෙසු ක්‍රීඩාවන් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සලකා බැලීම කාලෝචිත බව ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් පවසයි.
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ගන්නා උත්සාහයන් නිසා ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව නවතා ඇති අතර, ලෝකයේ සියලුම ක්‍රීඩා තරග මේ වන විට නැවතා ඇති අතර නැවත ආරම්භ වූ පසු විකල්පයක් ලෙස හිස් ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට කණ්ඩායම් උනන්දු වනු ඇතැයි ලැන්ගර් කියයි.
“ඔබ කුඩා කාලයේදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් අවදියේ විශාල ජනකායක් පිට්ටනියේ හිටියේ නෑ”
”සමහර විට ඔබේ අම්මයි තාත්තයි ඇවිත් බලාගෙන ඉන්න ඇති.කම්මැලිකමට සමහරවිට ඔබේ සහෝදර, සහෝදරියෝ ඇවිත් ඉන්න ඇති.දැන් කරන්න තියෙන්නේ එක දෙයයි, මේවගේ දෙයකට හරි හුරුවෙන එකයි.
මාර්තු 13 වනදා නවසීලන්තයට එරෙහිව සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවූ එක්දින තරගාවලියේ පළමු තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ක්‍රීඩා කළේ ක්‍රීඩාංගණයේ සියලුම දොරටු වසා දමමින්ය. එකි සංචාරය අතරමග නවතා දමා නවසීලන්ත කණ්ඩායම නැවත සිය රට බලා ගියේය.
මේ වනවිට ඕස්‍ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඉදිරි වසර සඳහා ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම පවා ප්‍රමාද කර ඇති බව සහ පසුගිය සතියේ ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු වූ බව ටෙස්ට් නායක ටිම් පේන් පැවසුවේය. ඕස්‍ට්‍රේලියානු පුහුණුකරු යෝජනා කළේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම තුළින් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට ඉවහල් වන බවයි.










