කුරුණෑගල ශික්ෂණ රෝහලේ ICU යළි විවෘතයි | Page 15 | සිළුමිණ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ICU යළි විවෘතයි

තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය මේ වන විට යළි විවෘත කර තිබේ.

එය ඊයේ පස්වරුවේ තාවකාලිකව වසා දැමුණි.

ඒ හදිසි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන්.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය විෂබීජහරණය සිදුකර අද පෙරවරු 8ට යළි විවෘත කළ බවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මීට පෙර කොරෝනා ආසාදිතයෙකු හමුවූ කටුපොතට ආසන්න සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඊයේ රෝහලට ඇතුළත් වී ඇත්තේ.

Comments