යුරෝපයට සාපේක්ෂව ජර්මනියේ කොවිඩ් මරණ අඩු ඇයි? | සිළුමිණ

යුරෝපයට සාපේක්ෂව ජර්මනියේ කොවිඩ් මරණ අඩු ඇයි?

මුළු යුරෝපයම රටවල ජනතාව අතර කොවිඩ් - 19 රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. ඉතාලිය මේ වන විට මරණ සංඛ්‍යාව අතින් ඉදිරියටම පැමිණ තිබේ.

 

ඇතැම්විට ඔබ මෙය කියවන අවස්ථාව වන විට ඉතාලිය ආසාධිතයන් සංඛ්‍යාවෙන් චීනය ඉක්මවා යෑමටද ඉඩ තිබේ. අමතරව ස්පාඤ්ඤය දරුණු ව්‍යසනයක් වාර්තා කරමින් සිටින අතර ප්‍රංශයද, ජර්මනියද, මහා බ්‍රිතාන්‍යයද විශාල ලෙස ආසාධිතයන් වාර්තා කරමින් සිටී.

මේ ලියන මොහොත වන විට ජර්මනියෙන් වාර්තා වී ඇති ආසාධිතයන් සංඛ්‍යාව 34000කි. එහෙත් මරණ සංඛ්‍යාව 172ක් පමණි. ඒ අනුව ජර්මනියෙන් වාර්තා වන මරණ ප්‍රතිශතය සියයට 0.5ක් පමණි. අමෙරිකාවේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 55000ක් වූ අවස්ථාවේදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 800ක් විය. ඒ අනුව අමෙරිකාවේ කොවිඩ් මරණ ප්‍රතිශතය සියයට 1.4ක් විය. ඉතාලියේ මේ වන විට පවතින්නේ සියයට 10ක මරණ ප්‍රතිශතයකි.

සැබවින්ම ජර්මනිය මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කළද මරණ සංඛ්‍යාව මෙතරම් අඩු වීමට හේතුව කුමක්ද? විශේෂඥයන් පවසා සිටින්නේ ඒ සදහා නිශ්චිත හේතුවක්

ලබා දීමට තමන්ට තවමත් නොහැකි බවයි. ඇතැම්විට ජර්මන් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත් බවක්, දරා ගැනීමේ ශක්තියේ, ප්‍රතිශක්තියේ සාපේක්ෂ වෙනසක් පැවතීමට ඉඩක් පවතින නමුදු ඒ සම්බන්ධව මතයක් ප්‍රකාශ කිරීමට තවම කල් වැඩි බවද විශේඥයන් පවසා තිබේ. ඔවුන් වැඩි දෙනෙක් පවසා සිටින්නේ ඇතැම්විට තව මාස දෙකක පමණ කාලයක් ඇතුළත මේ තත්ත්වයේ වෙනසක් සිදුවිය හැකි බවයි.

බොහෝවිට ඒ ජර්මනියේ කොවිඩ් මරණ ඉහළ යන කණගාටුදායක වෙනසක්ද විය හැකිය.

ජර්මනියේ සමස්ත ජනගහනය මිලියන 82කි. එමෙන්ම ජර්මනියෙන් කොවිඩ් ආසාධිතයන් වේගයෙන් වාර්තා වුවද එරට තවමත් වසා දමා නැත. ජනතාව සාමාන්‍ය

ජන ජීවිතය ගත කරමින් සිටින නමුදු දෙදෙනෙකුට වඩා ඒකරාශී වීම තහනම් කර තිබේ.

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ගේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුටම කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ පසු චාන්සලර්වරියද කොවිඩ් වැළදී ඇතිදැයි පරීක්ෂා කර ගත් නමුදු ඇයට රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු විය. එහෙත් වාර්තා වන්නේ ඇය ස්වයං නිරෝධායනයේ පසුවන බවයි.

ලෝකයේ හොදම සෞඛ්‍ය සේවාවන් පවතින රටක් ලෙස ජර්මනිය ප්‍රසිද්ධියක් උසුලන අතර එරට දැඩි සත්කාර ඇදන් සංඛ්‍යාව 28000කි. එය ලෝකයේ ඕනෑම රටක පවතින වැඩිම දැඩි සත්කාර ඇදන් සංඛ්‍යාව ද වේ.

Comments