ඇඳිරි නීතිය අස්සේ කොළඹ වටේ රවුමක් | Page 2 | සිළුමිණ

ඇඳිරි නීතිය අස්සේ කොළඹ වටේ රවුමක්

නොනිදන කොළඹ නගරයේ දැන් ඇත්තේ මළ පාළුවකි. වරින් වර ඇදිරි නීතය දමමින් රජය වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා පියවර ගත් අතර ඉකුත් 20 සිකුරාදා දිවයිනටම බලපැවැත්වෙන අයුරින් ඇදිරිනිතීය ක්‍රියාත්මක කළේය. මින් පෙර අපේ රටේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වුයේ යුද සමයේ මෙන්ම වෙනත් අරගලකාරි අවස්ථාවල දී පමණි. කෙසේ වුවත් ලෝකයේ බොහෝ රටවල් ලොක්ඩවුන් වෙද්දි අපේ රට ද ලොක්ඩවුන් වූයේ සැමට අලුත් අත්දැකීමක් ලබාදෙමිනි.

 

මාධ්‍ය හැඳුනුම්පත ඇති නිසා එක් දිනෙක සැන්දැවේ පාළුවට ගිය කොළඹ නගරයේ රවුමක් ගියේ වයිරසයට දැමු ඇඳිරි නීතියේ වෙනස දකින්නය. පාළුවට ගිය ඇස්වාට්ටු වට රවුමේ පදික වේදිකාවේ හෙවනක නිදා සිටින යාචකයෙකු හැරෙන්නට වෙනත් කිසිවෙක් නැත. ඉඳහිට හදිසි රෝගියෙකු රෝහල වෙත රැගෙන යන වාහනයක් හැරුණ විට වාහනයකට කියා දකින්නට ලැබුණේ පොලිස් නිල රථයක් පමණි. කොළඹ කොටුව දෙසට ගිය විට කොහේ හෝ යෑමට පැමිණි හිතුවක්කාර කොලු රැලකට පොලිසියෙන් අවවාද කරනු දක්නට ලැබිණි.

කොහොම වුණත් ඇදිරි නීතිය තිබූ දින කිහිපය කවුරු කවුරුත් බොහෝ අමාරුවෙන් ගෙවා දැමූ බව දක්නට ලැබුණේ

සිකුරාදා පැනවූ ඇදිරි නීතිය අගහරුවාදා උදෑසන ඉවත් කිරීමත් සමඟය. එසේ ඇඳිරි නීතිය ඉවත් කෙරුණේ පැය කිහිපයකට පමණි. ඒ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමටය.

ඒ උදෑසන කොළඹ නගරය තුළ වාසය කරන මා නගරය වටේ රවුමක් යන්නට සිතුවේ දින ගණනක් නිවෙසට කොටු වී සිටි මිනිසුන් ඒ පැය ගණන ගත කරන අයුරු බලන්නටය.

වේලාව උදෑසන අටට පමණ ඇත. මැනිං වෙළෙද පොළ අවසට ඇත්තේ එකම හිස් ගොඩඩකි. ඇතැමුන් මුඛ ආවරණ පැළද සෞඛ්‍යාරක්ෂිත ලෙස නගරයට පැමිණ සිටිය ද අතැමෙක් එය තුට්ටුවකට මායිම් නොකර පෝලිම්වල සිට එකිනෙකා ගේ ඇඟේ ගැටෙමින් හැපෙමින් එළවළු ගැනීමට සහල් කුළුබඩු ආදිය ගැනීමට පොදිකමින් සිටියහ.

මිනිසුන්ට ඇත්තේ ඇඳිරි නීතියට පෙර නිවසට යෑමේ හදිසියකි. ඒ හදිසියෙන් ප්‍රයෝජන ගත්තේ වෙළෙන්දාය. ඇතැම් තැනෙක එළවළු ආදී අත්‍යවශ්‍ය දේ විකුණණු ලබුවේ කළුකඩ මිලටය.

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ටෙක්නිකල් හන්දියට මෙහායින් ඇති ප්ලෝටීන් මාර්කට් අසල ඇති කැලෑ පොළේද තවත් කෙනෙකුට ළං විය නොහැකි තරම් සෙනඟය. මැනිං වෙළෙද පොළේ එළවළු තිබුණ ද මේ එළවළු අතර බෝංචි කිලෝවක් රුපියල් 300ක් ලෙසින් ද ලීක්ස් කිලෝවක් රුපියල් 250 ක් ලෙසින් ද , කැරට් කිලෝවක් රුපියල් 275ක් ලෙසින් මිල කර තිබිණි. එළවළු ගැනීමට පණක් නොව පොල් ගැනීමට මෙන්ම කරවල ගැනීමටද සිංහල බෙහෙත් බඩු ගැනීමට ද දිගු පෝලීම් තිබිණි. මේ දිගු පෝලිම් දුටු විට සිහියට නැඟුණේ වෛද්‍යවරුන් කී මීටරයක දුර මිනිසුන් අතර කෝ කියාය. එකි නෙකා අතර තෙරෙපෙමින් බඩු ගන්නට පොරකද්දි කල දුටු කල වළ ඉහ ගන්නා වෙළෙන්දෝ වූහ. ඔවුන්ට අනතුරු අඟවමින් වැඩිමිලට බඩු විකුණන්ට එපා යැයි කියමින් පොලීසිය ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් නිවේදන නිකුත් කළ ද ඉන් පලක් වුවා යැයි නොසිතමි.

කෙසේ වුවත් ඒ කලබැගෑනිය අස්සේ ඇතමුන්ගේ මනුස්සකම් ද නොදුටුවා නොවේ. ඇතැම් කෙනෙකු නැති බැරි අයට බඩු මල්ලක්, එළවළු මල්ලක් ද අරන් දෙනු ඇතැම් දක්නට ලැබිණි.

වෙනත් දිනවල නම් සුපිරි වෙළදසල්වල එතරම් සෙනඟ දැකීමට නැති විය. එහෙත් සුපිරි වෙළෙද සල් අසල මීටරයක් දුරින් සෞඛ්‍යාරක්ෂිත ලෙස බඩු ගන්නට පැමිණි අය දකින්නට ලැබිණි.

කොරෝනා වයිරසය අපිට අපේ සෞඛ්‍ය පුරුදු රකින්ට බලකරන්නාක් බඳුය. ඉස්සර මෙන් නොව දැන් බැංකුවට ගියද වෙනත් ස්ථානයකට ගිය ද පළමුව යා යුත්තෙක් අත් සෝදා ගෙනය. බැංකුවල ATM යන්ත්‍රය ළඟට යෑමට පෙර අත් සෝදා ගන්නට මඟ සලසා තිබිණි. අද (27) මේ ලියන මොහොත වන විට දැන් ඇදිරි නීතිය සාමාන්‍ය දෙයක් වී ඇතැයි කීවාට වරදක් ද නැත. ඒ මිනිසුන් දිනෙන් දින මේ ක්‍රමයට හුරුව සිටිනි බැවිනි. මේ සියලු ආරක්ෂක පියවර වල තේරුම වටහාගත යුතුය . හැම විටම කොරෝනා වයිරසෙන් රට මුදාගැනීමේ අයිතිය ඔබට මට කාටත් ඇත. එහි වගකීම ඇත්තේ රජයට පමණක් නොව. යුරෝපා රටවල් අද අත්විදින ඛේදනීය අත්දැකීමට ළං නොවීමට නම් රටේ සෑම පුරවැසියෙකුට කළ හැකි මෙහයෙක් ඇත. එනම් මේ සංක්‍රාන්ති සමයේ නිවෙසට වී සිටීමය. වයිරසය පැතිර යෑමට ඇති අවස්ථා අවම කිරීමය.

නමුදු රජයේ අවවාද පිළි නොගන්නා හිතුවක්කාරයන් පොලිසියට හසු වූ අවස්ථා ද ඇදිරි නීති කාලයේ බැහැරට ගිය අවස්ථාවේදි දැක්කෙමු.

 

Comments