ඔස්කාර් නර­ඹන ප්‍රේක්ෂ­ක­යන් අඩු­ වෙලා | සිළුමිණ

ඔස්කාර් නර­ඹන ප්‍රේක්ෂ­ක­යන් අඩු­ වෙලා

ති­හා­සයේ ප්‍රථම වතා­වට ඉංග්‍රීසි නොවන බස­කින් තිර­ගත වුණු සින­මා­ප­ට­ය­කට හොඳම චිත්‍ර­ප­ටය හිමි සම්මා­නය පුද­දෙ­මින් ඔස්කාර් සම්මාන උළෙල පසු­ගි­යදා අමෙ­රි­කා­වේදී නිමා­වට පත්විය. එහි සම්මාන ලාභීන් ගැන ලොවම දැනු­ම්වත් වුවද බොහෝ දෙනා නොදන්නා තිරය පිටු­පස කතා රැසක්ද සම්මාන උළෙ­ලෙන් පසු මාධ්‍ය ඔස්සේ ලොව පුරා පැතිර ගියේය.

ඔස්කාර් සම්මාන උළෙල පැවැ­ත්වීමේ අර­මුණු අතර අමෙ­රි­කානු සින­මාව ඉහ­ළට ඔසවා තැබීම එක් විශේෂ අර­මු­ණකි. එමෙන්ම උළෙල නර­ඹන ප්‍රේක්ෂ­ක­යන් සංඛ්‍යාව හැකි පමණ වැඩි කර ගැනී­මෙන් තම විය­දම් ආව­ර­ණය කර ගැනී­මද උළෙලේ සංවි­ධා­ය­ක­යන්ගේ තවත් අර­මු­ණක් වේ. එබැ­වින්ම උළෙල පැවැ­ත්වී­මට පෙර ඒ සම්බ­න්ධව ප්‍රචා­රණ දියත් කර වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යා­වක් ආක­ර්ෂ­ණය කර ගැනී­මට ද සංවි­ධා­ය­කයෝ කට­යුතු කරති. මෙවර පැවති ඔස්කාර් සිනමා සම්මාන උළෙල ප්‍රේක්ෂ­ක­යන් මිලි­යන 23.5ක් සජී­වීව නරඹා තිබේ. එහෙත් පසු­ගිය වසරේ ඔස්කාර් සම්මාන උළෙල ප්‍රේක්ෂ­ක­යන් මිලි­යන 29.5ක් නරඹා ඇති අතර ඒ අනුව මෙවර ප්‍රේක්ෂ­ක­යන්ගේ පැහැ­දිලි අඩු­වක් දක්නට ලැබේ.

එහෙත් ඇතැම් විචා­ර­ක­යන් පෙන්වා දී ඇත්තේ සින­මා­වෙන් ප්‍රේක්ෂ­ක­යන් බැහැ­ර­වීම මිස වෙනත් හේතු­වක් ඔස්කාර් නර­ඹ­න්නන් සංඛ්‍යාව පහළ යෑමට බල­පෑම් කර නොමැති බවයි. කෙසේ­වු­වද පසු­ගිය වස­රින් පසු ඔස්කාර් ප්‍රේක්ෂ­ක­යන් වර්ධ­නය කර ගැනී­මට එහි සංවි­ධා­ය­ක­යන් විසින් නොයෙක් උත්සා­හ­යන්ද ක්‍රියා­ත්මක කර තිබේ. එහෙත් ඒ කිසි­වක් මෙවර ප්‍රේක්ෂ­ක­යන් සංඛ්‍යාව ඉහළ දමා ගැනී­මට සමත් වී නැත.

සින­මාව වෙනු­වට බොහෝ දෙනා යූ ටියුබ් වැනි මාධ්‍ය වෙතද, අන්ත­ර්ජාල සින­මාව වෙතද ආක­ර්ෂ­ණය වීම මෙලෙස ප්‍රේක්ෂ­ක­යන් අඩු­වී­මට හේතු­වක් ලෙස ද හඳු­නා­ගත හැකිය.

අතී­ත­යේදී ඔස්කාර් සම්මාන උළෙල තුළ අමෙ­රි­කානු පාලන තන්ත්‍රය විවේ­ච­නය කරන සින­මා­පට පවා සම්මා­න­යට පාත්‍ර වූ අතර පසුව ඒ වෙනු­වට අමෙ­රි­කානු දේශ­පා­ල­නය උත්ක­ර්ෂ­යට ලක්ක­රන සින­මා­පට පම­ණක් සම්මා­න­යට පාත්‍ර­වන රැල්ලක් දක්නට විය. ජේම්ස් කැම­රන්ගේ ඇව­ටාර් වැනි සින­මා­පට ඔස්කා උළෙ­ලෙන් ප්‍රති­ක්ෂේප වන විට කැත­රින් බිගලෝ ගේ හර්ට් ලොකර් වැනි සින­මා­පට ඇගැ­යී­මට ලක්වීම උදා­හ­රණ ලෙස දැක්විය හැකිය.

කෙසේ­වු­වද මෙවර හොඳම චිත්‍ර­ප­ට­යට හිමි සම්මා­නය විදෙස් චිත්‍ර­ප­ට­යක් විසින් දිනා ගැනීම සුළු කොට තැකී­මට නොහැ­කිය. මේ වන විට දකුණු කොරි­යානු පැරා­ස­යිට් සින­මා­ප­ටය සම්බ­න්ධව පළ­වන විචාර බොහො­ම­ය­කින් ප්‍රකාශ වන්නේ එහි අධ්‍යක්ෂ බොන්ග් ජොන්ග් හෝ යනු ඉතා දක්ෂ කතා­ක­රු­වකු බවයි.

ඔහු ගේ නිර්මා­ණය හොඳම විදෙස් චිත්‍ර­ප­ටය සහ හොඳම චිත්‍ර­ප­ටය යන සම්මාන ද්විත්ව­යම එක­වර ලබා ගැනී­මට සම­ත්වීම සුළු කොට තැකිය නොහැ­කිය. ඔස්කාර් ඉති­හා­සයේ ඉංග්‍රීසි භාෂා­වෙන් නිර්මා­ණය නොවුණු සින­මා­ප­ට­ය­කට හොඳම චිත්‍ර­ප­ටය වෙනුවෙන් වන සම්මා­නය හිමිවූ ප්‍රථම අව­ස්ථා­වද මෙය වේ. බොන්ග් ජොන්ග් හෝ ගේ කතාව තුළ ත්‍රාසය මෙන්ම හාස්‍ය­යද නොඩුව කැටිව තිබීම ඉතා දක්ෂ තිර රචකයකුට පම­ණක් පෙන්විය හැකි සම­ත්ක­මකි. එප­ම­ණක්ද නොව ඔහු ඒ අත­රට දකුණු කොරි­යාවේ සැබෑ ජීවන රටාව, සත්‍යය සහ ව්‍යාජය අතර සට­නක යෙදෙන මිනිස් ජීවි­තද, ඇති නැති පර­ත­ර­යද මනාව කැටිකොට ගැනී­ම­ටද සමත් වී තිබේ. කතා කීමේ හැකි­යාව පමණක් නොව එම කතා සාර්ථ­කව සිනමා පට­ය­කට ගෙන ප්‍රේක්ෂක අව­ධා­නය දිනා ගැනීම දුර්ලභ සම­ත්ක­මකි. මෙවර ඔස්කාර් උළෙලේ ජය දද නැංවූ දකුණු කොරි­යානු අධ්‍ය­ක්ෂ­ව­රයා ලොවට තහ­වුරු කර සිටියේ තමන් සතුව එම දක්ෂ­තාව පව­තින බවයි.

මේ අතර රෙනී සෙල්වෙ­ගර් හොඳම නිළිය සම්මානය සහ ජෝකීන් ෆීනික්ස් හොඳම නළුවා සම්මා­නය ද දිනා ගත්හ. සම්මා­නය දිනා ගැනී­මෙන් පසු ජෝකර් සින­මා­ප­ටයේ අති දක්ෂ ලෙස රංග­නයේ යෙදුණු ජෝකීන් ෆීනික්ස් සභාව අමතා තර­මක දීර්ඝ දේශ­න­යක් කර­මින් එකි­නෙ­කාට සෙනෙ­හස දැක්වීමේ සහ පරි­ස­රය ආරක්ෂා කර ගැනීමේ වැද­ග­ත්කම පවසා සිටි­යේය.

Comments