ටයිකොන්ඩෝ සංගමයෙන් රෝඩ් ටු චැම්පියන් | සිළුමිණ

ටයිකොන්ඩෝ සංගමයෙන් රෝඩ් ටු චැම්පියන්

සමාජ අසාධාරණයට ලක්ව ළමා නිවාසවල හා පරිවාස භාරයේ සිටින දූ දරුවන් ටයිකොන්ඩෝ ක්‍රීඩාව මඟින් නගා සිටුවිම කෙරෙහි අවධානය යොමුකරමින් වත්මන් ටයිකොන්ඩෝ සභාපති කංචන ජයරත්නගේ සංකල්පයක් මත රෝඩ් ටූ චැම්පියන් සත්කාරක ව්‍යාපෘතිය ආරම්භ වෙයි.

මෙරට සිටින අඩු අවධානයට ලක් වු විශේෂිත අවශ්‍යතා ඇති දරුවන්ගේ ජිවිත ක්‍රීඩාව හරහා ලෝක පූජිත කිරීම හා ජිවිතය ගොඩනැගීමේ ව්‍යාපෘතියක් ලෙස රෝඩ් ටූ චැම්පියන් සත්කාරක ව්‍යාපෘතිය ක්‍රීයාත්මක වෙයි.

ක්‍රීඩාව ඇසුරෙන් මිනිසුන් නගා සිටුවීම සහ සාමය ඇති කිරීම සඳහා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයට අනුබද්ධිත අන්තර්ජාතික සංවිධානයක්, සමාජ සුබ සාධන කටයුතු සහ යටිතල පහසුකම් සංවර්ධනය සිදු කරනු ලබන සංවිධානයක් වන GCS ( Good Well Corporation Service) සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව පිහිටුවිමට පැමිණි ලෝක ටයිකොන්ඩෝ සභාපති දොස්තර චුන්ග්වොන් චොයිගේ (Dr. Chungwon Choue) සහාභාගීත්වයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ ගෘහස්ත ක්‍රිඩාංගණයේදී මෙම වැඩසටහන ආරම්භ විය.

රාගම ධීවර නගරයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සහ කෑගල්ල ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරු දැරියන් 80ක ගේ පමණ සහභාගීත්වයෙන් විශේෂ ටයිකොන්ඩෝ සංදර්ශණයක් ද පැවැත්විමට කටයුතු යොදා තිබුණි.

2019 වසරේ නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති දකුණු ආසියානු “සාග්“ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දෙමින් ටයිකොන්ඩෝ ක්‍රිඩාවෙන් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමක්ද එදින සිදු විය..

Comments