ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලිය 2020 | සිළුමිණ

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලිය 2020

මහනුවර ජයග්‍රාහි රැල්ල මෙවරත් ප්‍රතිවාදීන්ට අභියෝගයක් වෙයිද?

මෙරට පැවැත්වෙන ඉපැරණිතම රග්බි තරගාවලිය ලෙස සැලකෙන්නේ ලීග් රග්බි අන්තර් සමාජ තරගාවලියයි. 1950 දශකයේ ආරම්භ වන මෙම තරගාවලියට 2012 වසරේ සිට අනුග්‍රහකත්වය පිරිනමන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි. ඩයලොග් ආසියාටා සමාගම නවතාවකින් පෙරට ගෙන ආ ලීග් රග්බි තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 69 වැනි වරටයි.

1950 දසකයේ ආරම්භවන ලීග් රග්බි අන්තර් සමාජ තරගාවලිය 1961 වසරේ දී ලීග් පිලිමලුන් පිටුදැකීමේ තරගාවලිය වශයෙන් නවතාවකට යොමු වන අතර 1984 වන තෙක් එම තරගාවලිය පවත්වා ඇත. 1985 වසරේ සිට 1999 දක්වා ලීග් රග්බී ශූරතාවලිය වශයෙන් නැවතත් ප්‍රතිව්‍යුහගතකොට සංවිධානය කර ඇති තරගාවලියට 1985 වසරේ දී ජෝන් ප්ලෙයර් අනුග්‍රහකත්වය ලබා දී ඇත. වසර 10ක් අඛණ්ඩව ජෝන් ප්ලෙයර් කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 8ක් පිටියට පිවිස ඇත. 1996 වසරේ සිට කාර්ල්ස්බර්ග් කුසලානය යටතේ තරගාවලිය සංවිධානය වී ඇති අතර නැවත එම තරගාවලිය 2000 සිට කැල්ටෙක්ස් ලීග් රග්බි ශූරතාවලිය ලෙස අලුත් පරිච්ඡේදයට යොමුව ඇත. 2011 වසර වන තෙක් ලීග් ශූරතා තරගාවලියක් ලෙස සංවිධානය වෙමින් අද පවත්වන මෙරට ඉපැරණිතම මෙන්ම ප්‍රධානතම ලීග් රග්බි අන්තර් සමාජ තරගාවලිය බවට අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලිය පත්ව ඇත .

2012 වසරේ දී රග්බි ලීග් තරගාවලියේ නව පරිච්ඡේදය ආරම්භ වන්නේ ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය ඇතිවය. එසේ ආරම්භ වන ලීග් අන්තර් සමාජ රග්බි තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් අටක් තරගවදී. පසුගිය නොවැම්බර් 29 වැනි දා ආරම්භ වු ඩයලොග් ලීග් තරගාවලිය මේ වන වට පළමු අදියරේ තරග 17ක් නිමා කොට ඇත. දෙවන අදියරේ තරග 2020 ජනවාරි 03 වැනිදා දනුෂ්ක පෙරේරාගේ නායකත්වයෙන් යුත් නාවික හමුදා කණ්ඩායම හා ප්‍රදීප් කුරුකුලසුරියගේ නායකත්වයෙන් යුත් ගුවන් හමුදා කණ්ඩායම අතර තරගයෙන් ඇරැඹෙන අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි. දෙවන අදියරේ දෙවන තරගය ලෙස එදිනම ළහිරු ජිවන්තගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම හා රෝහිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් සී.එච්.හා එෆ්.සී. කණ්ඩායම අතර තරගය පොලිස් පාක් ක්‍රීඩාපිටියේ දී පැවැත්විණි. ඒ අනුව තරගමාලාවේ දෙවන අදියරේ තරග එළෙඹෙන ජනවාරි 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

නවතාවක් එක් වෙමින් තරගාවලිය ඉදිරියට යන අතර පසුගිය වසරේ දී සමස්ත තරගාවලියට සුපිරි වටයක් එක් කරමින් නව මුහුණු වරයක් තරගාවලිය එක්කිරිමට තරග සංවිධායකයන් උත්සුක වි ඇත.

2019 – 20 තරගාවලිය ආරම්භ කරමින් වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම හා හැව්ලොක් ක්‍රිඩා සමාජ කණ්ඩායම අතර තරගයෙන් නාවික හමුදා කණ්ඩායම ලකුණු 03 -35 ක් ලෙස පරාජය කරමින් ජයගැනිමට හැව්ලොක් කණ්ඩායම සමත් විය. දෙවන තරගය පැවැතියේ සී.එච්.හා එෆ්.සී. ( සිලෝනියස් රග්බි හා ෆූට්බෝල් ක්‍රීඩා සමාජය ) කණ්ඩායම හා යුද්ධ හමුදා ක්‍රිඩා සමාජ කණ්ඩායම අතර සී.එච්.හා එෆ්.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 08 – 08 ක් ලෙස සම ලකුණු ලබාගැනිමට කණ්ඩායම් දෙකම සමත් විය. තුන්වන තරගය ලෙස අවසන් වු සී.එච්.හා එෆ්.සී. ( කලම්බු හොකි හා ෆූට්බෝල් ක්‍රීඩා සමාජය) කණ්ඩායම හා ශ්‍රී ලංකා පොලීස් කණ්ඩායම අතර ලොන්ග්ඩන් පෙදෙස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් 17 – 13ක් ලෙස සී.එච්.හා එෆ්.සී. කණ්ඩායම ජයගත් අතර සිව්වන තරගයෙන් මහනුවර ක්‍රිඩා සමාජ කණ්ඩායම 26 – 8ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම මහනුවර නිත්‍තවෙල ක්‍රීඩාංගණයේදි පරාජය කිරිමට සමත්විය.

හැව්ලොක් ක්‍රිඩා සමාජ කණ්ඩායම හා ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම අතර පැවැති පස්වන තරගයෙන් 24 – 36ක් ලෙස හැව්ලොක් පරදා පොලිස් කණ්ඩායම ජයගැනිමට සමත්ව ඇති අතර මහනුවර කණ්ඩායම හා නාවික හමුදා කණ්ඩායම අතර මහනුවර නිත්‍තවෙල ක්‍රීඩාංගණයේ පැවැති හයවන තරගයෙන් 16 – 14ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පරාජය කිරිමට මහනුවර කණ්ඩායම සමත් විය.

සී.එච්. හා එෆ්.සී. කණ්ඩායම හා සී. ආර්.හා එෆ්.සී. අතර තුරඟ තරග පිටියේ පැවැති හත්වන තරගයෙන් 17 – 23 ක් ලෙස සී. ආර්.හා එෆ්.සී. කණ්ඩායම ජයගත් අතර අටවන තරගයෙන් ජය වාර්තා කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමයි. එම තරගය වැලිසර නාවික හමුදා ක්‍රිඩාංගණයේ පැවැති අතර 26 – 8ක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරදා යුද්ධ හමුදා කණ්ඩායම ජයවාර්තා කිරිමට සමත් විය.

නාවික හමුදා කණ්ඩායම හා පොලිස් කණ්ඩායම අතර වැලිසර නාවික ක්‍රිඩාංගණයේ පැවැති නව වන තරගයෙන් 18 -26ක් ලෙස ලකුණු ලබාගත් පොලිස් කණ්ඩායම ජයවාර්තා කිරිමට සමත් වු අතර 10 වන තරගයේ ජය වාර්තා කළේ මහනුවර කණ්ඩායමයි. මහනුවර නිත්‍තවෙල ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයෙන් 64 – 19 ලෙස යුද්ධ හමුදා කණ්ඩායම පරදා මහනුවර කණ්ඩායම ජය ගැනිමට සමත් විය.

11 වන තරගය ලෙස සී. ආර්.හා එෆ්.සී. ක්‍රීඩාංගණයේ පැවැති සී. ආර්.හා එෆ්.සී. හා හැව්ලොක් තරගයෙන් 13 – 27ක් ලෙස ලකුණු ලබාගත් හැව්ලොක් කණ්ඩායම ජයවාර්තා කළ අතර 12 වන තරගය ලෙස රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ජයගැනිමට සමත් වුයේ සී.ආර්. හා එෆ්.සී. කණ්ඩායමයි. 17 – 35ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජය කිරිමට සී.ආර්.හා එෆ්.සී. කණ්ඩායම සමත් විය.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ පැවැති 14 වන තරගය ලෙස පැවැති ගුවන් හමුදාව හා හැව්ලොක් කණ්ඩායම අතර තරගයෙන් 13 – 11 ජයගැනිමට හැව්ලොක් කණ්ඩායම සමත් වු අතර 15 වන තරගය ලෙස පොලිස් ක්‍රිඩා පිටියේ පැවැති පොලිස් කණ්ඩායම හා මහනුවර කණ්ඩයම අතර තරගයෙන් 34 – 13 ලකුණු ලබාගත් මහනුවර කණ්ඩායම ජයගත් අතර පළමු අදියරේ අවසන් තරගය ලෙස ලොන්ග්ඩන් පෙදෙස ක්‍රිඩාංගණයේ පැවැති 16 වන තරගයන් 33 – 10 ක් ලෙස ලකුණු ලබාගත් සී.ආර්.හා එෆ්.සී. කණ්ඩායම යුද්ධ හමුදා කණ්ඩයම පරදා ජය වාර්තා කිරිමට සමත් සමත් විය.

2019 -20 ඩයලොග් අන්තර් සමාජ තරගාවලියේ පළමු තරග වටයෙන් මහනුවර ක්‍රිඩා සමාජ රග්බි කණ්ඩායම අපරාජිතව ඉදිරියෙන් පසුවන අතර සිලෝනියස් රග්බි හා ෆූට්බෝල් ක්‍රීඩා සමාජය ( සී.ආර්.හා එෆ්.සී. – CR & FC) කණ්ඩායම සහභාගී වි ඇති හතරෙන්ම ජයගෙන මෙවර තරගාවලියේ තරග හතරකට සහභාගිවී තරග තුනක් ජයගෙන ඉදිරිගමනක නියැලෙමින් සිටි.

නිමා වු 2018 -19 තරගාවලියේ දී මහනුවර ක්‍රිඩා සමාජ කණ්ඩායම හැව්ලොක් ක්‍රිඩා සමාජ කණ්ඩායම පරදා ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 80ක් ලබාගනිමින් අන්තර් සමාජ ලීග් ඩයලොග් රග්බි 20වන ජයග්‍රහණයත් හිමිකරගැනීමට සමත් වු අතර හැව්ලොක් ක්‍රිඩා සමාජයට අනු ශූරතාවයට හිමිකම් කීවේය‍.හැව්ලොක් ක්‍රීඩා සමාජය මේ වන විට 14 වතාවක් සමස්ත තරගාවලියේ ශූරයන් විමට සමත්ව ඇත. ඔවුන් අවසන් වරට 2012 වසරේ දී ශූරතාවයට හිමිකම් කීවේය. මෙවර තරගාවලියේ දී මහනුවර ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායම නයිජල් රත්වත්තේගේ නායකත්වයෙන් පිටියට පිවිස සිටින අතර සී.ආර්. හා එෆ්.සී. කණ්ඩායම ටි.ඒ. කවිදු පෙරේරාගේ නායකත්වයෙන් පිටියට පිවිස සිටි. දිහිරාන් වර්ණකුලසුරියගේ නායකත්වයෙන් හැව්ලොක් ක්‍රිඩා සමාජය පිටියට පිවිස සිටින අතර යුද්ධ හමුදා කණ්ඩායම මෙහෙයවිමේ නියමුවා වනුයේ අශෝක ජයලාල්ය.

අවසන් වු 68 වසරක අතිතයේ දී මහනුවර ක්‍රිඩා සමාජය 20 වතාවක් ජයග්‍රහණය හිමිකර ගෙන ඇති අතර හැව්ලොක් ක්‍රිඩා සමාජය 14 වතාවක් ජයග්‍රහණයට හිමිකම් කීමට සමත්ව ඇත. සිලෝනියස් රග්බී හා ෆූට්බෝල් ක්‍රිඩා සමාජය 13 වතාවක් ජයග්‍රහණය හිමිකරගෙන ඇති අතර පොලීස් ක්‍රිඩා සමාජය 12 වතාවක් ජයග්‍රහකයන් වි ඇත. කලම්බු හොකී හා ෆූට්බෝල් ක්‍රීඩා සමාජය 10 වතාවක් ජයග්‍රහණය තමන් සතු කරගෙන ඇති අතර දෙවතාවක් බැගින් යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය හා දිඹුල මලල ක්‍රිඩා හා ක්‍රිකට් ක්‍රිඩා සමාජය ශූරතාවට හිමිකම් කිමට සමත්ව ඇත. එක් වතාවක් නාවික හමුදාව ශූරතාවයේ උරුමය තමන් සතු කරගෙන ඇත.

2015 සිට 2019 දක්වා අඛණ්ඩව ශුරතාවේ උරුමකරුවන් වන්නේ මහනුවර ක්‍රිඩා සමාජය වන අතර 2001 සිට 2011 දක්වා අඛන්ඩව ශූරතාවය මහනුවරට රැගෙන යැමට සමත් විය. 2012 වසරේ දී හැව්ලොක් ක්‍රීඩාසමාජය ශූරතාවේ හිමිකරුවන් වු අතර 2013 - 14 වසරේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජය ශූරතාවේ උරුමකරුවෝ වූහ.

 

Comments