තවත් මාස 18කින් රැජන විශ්‍රාම යයි? | සිළුමිණ

තවත් මාස 18කින් රැජන විශ්‍රාම යයි?

වත් මාස 18කින් අනූ­පස් වැනි විය සම්පූර්ණ කරන බ්‍රිතා­න්‍යයේ එලි­ස­බෙත් මහ රැජන බොහෝ දුරට වෘත්තී­ය­මය රාජ­කා­රි­ව­ලින් විශ්‍රාම ගනු ඇතැයි බකිං­හැම් මාලි­ග­යෙන් ලැබෙන තොර­තුරු ඇසු­රෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබේ. බ්‍රිතා­න්‍යයේ බොහෝ පුව­ත්පත් එම පුවත වාර්තා කර තිබූ අතර අන්ත­ර්ජා­ලයේ වෙබ් අඩවි රැස­කද වාර්තා වී තිබිණ. එලි­ස­බෙත් රැජන දැන් ඉතා විය­පත් වුවද තව­මත් ස්වකීය රාජ්‍ය­ත්ව­යට අයත් නිල රාජ­කාරිවල නිරත වන්නීය. එහෙත් ඇයගේ ස්වාමි පුරු­ෂයා වන පිලිප් කුමරු පසු­ගි­යදා වයස අවු­රුදු 95 සම්පූර්ණ වීමෙන් පසු ස්වකීය නිල රාජ­කා­රී­ව­ලින් විශ්‍රාම ගත්තේය. එසේ කිරී­මට හේතුව ලෙස ඔහු දක්වා තිබුණේ වය­ස්ගත වීම හේතු­වෙන් නිල රාජ­කා­රී­වල නිතර වීම අප­හසු වීමයි.

මේ අනුව වයස අවු­රුදු 95 සම්පූර්ණ වීමෙන් පසු එලි­ස­බෙත් රැජ­නද ස්වකීය රාජ­කා­රී­ව­ලින් විශ්‍රා­ම­ගැ­නී­මට විශාල ඉඩ­ක­ඩක් පව­තින බවට ඉඟි බකිං­හැම් මාලි­ගය වෙතින් ලැබී තිබේ. එසේ වුව­හොත් රැජ­නගේ රාජ­කා­රී­වල නිරත වීමේ අව­ස්ථාව චාල්ස් කුම­රුට පැව­රෙනු ඇති බවද එම වාර්තා­වල සඳ­හන් වී තිබේ.

බ්‍රිතාන්‍ය රාජ­කීය සම්ප්‍ර­දා­යට අනුව රජ­කම කිසි­ව­කුට පැව­රිය නොහැ­කිය. එලි­ස­බෙත් රැජ­නගේ රජ­කම චාල්ස් කුම­රුට හිමි වීමට නම් ඇයගේ අභා­වය සිදු විය යුතු­මය. ඒ අනුව රැජ­න රාජ­කා­රි­ව­ලින් සමු­ගත් පසු සිදු වනු ඇත්තේ ඇයගේ රාජ­කාරී පම­ණක් චාල්ස් කුම­රුට හිමි වීමය. කෙසේ වුවද රැජ­නගේ රාජ­කීය වග­කීම් චාල්ස් කුම­රුට පැව­රීම යනු කිරී­ටයේ එක් යුග­යක අව­සා­නය බවට ඇතැම් බ්‍රිතාන්‍ය පුවත් පත් වාර්තා කර තිබිණී.

වය­ස්ගත වීම හේතු­වෙන් ඇති වන සංකූ­ලතා මත රැජ­නට මේ වන විටත් රාජ­කා­රී­වල නිතර වීමට අප­හ­සුතා ඇති බව ඇතැම් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා­වල සඳ­හන් වී තිබූ නමුත් මේ ප්‍රවෘ­ත්තිය සම්බ­න්ධ­යෙන් රජ පවුලේ කිසි­වකු හෝ අද­හස් දැක්වී­මක් සිදු කර තිබුණේ නැත.

Comments