IT Gallery, Hikvision Deep Learning 2019 සමු­ළුව පව­ත්වයි | සිළුමිණ

IT Gallery, Hikvision Deep Learning 2019 සමු­ළුව පව­ත්වයි

ලොව ප්‍රකට ආර­ක්ෂක කැමරා සහ උපාංග සන්නා­ම­යක් වන Hikvision සමා­ගමේ මෙරට අනු­බ­ද්ධිත ජාතික බෙදා­හ­රින්නා වන IT Gallery ආය­ත­නය විසින් මෙහෙ­ය­වනු ලැබූ Hikvision Deep Learning 2019 සමු­ළුව පසු­ගි­යදා සාර්ථ­කව නිමා කරන ලදී.මෙම සමු­ළුව තුළදී IT Gallery පාර්ශ්ව­ක­රු­වන් සඳහා නවී­න­තම ස්මාර්ට් කැමරා ආර­ක්ෂණ පද්ධති සහ ආර­ක්ෂණ සේවා පද්ධති පිළි­බඳ හැඳි­න්වී­මක් සිදු කළ අතර සහ­භාගී වුවන්ට වීඩියෝ ආර­ක්ෂණ අංශය සඳහා AI තාක්ෂ­ණය භාවිත කළ හැකි ආකා­රය පිළි­බඳ දැනු­වත් කිරී­මක් සිදු කරන ලදී. තවද Deep Learning Al-gorithms භාවි­ත­යෙන් වීඩියෝ ආර­ක්ෂණ පද්ධති, ඉතා ඉහළ නිර­ව­ද්‍ය­තා­ව­ය­කින් හා වේග­ය­කින් සිදු­වීම් සහ හැසි­රීම් හඳුනා ගැනී­මට සහ විශ්ලේ­ෂ­ණය කිරී­මට හැකි­යාව ඇති විශ­ස­නීය දෘශ්‍ය බුද්ධි පද්ධති (authentic visual intelligence ecosystems) බවට පත් කර­නුයේ කෙසේද යන්න පිළි­බද පැහැ­දිලි අව­බෝ­ධ­යක් ලබා දීම සිදු කරන ලදී.

Comments