ලන්ඩන් නග­ර­යෙන් හමු වූ මළ සිරුරු සංක්‍ර­ම­ණි­ක­ය­න්ගේද? | සිළුමිණ

ලන්ඩන් නග­ර­යෙන් හමු වූ මළ සිරුරු සංක්‍ර­ම­ණි­ක­ය­න්ගේද?

ට්‍රක් රථය සොයා ගැනී­මෙන් පසු
ට්‍රක් රථය සොයා ගැනී­මෙන් පසු

සු­ගිය බදාදා දහ­වල් කාල­යේදී මුළු ලන්ඩ­න­යම භීති­යෙන් ඇළලී ගියේ මහ­මග නවතා තිබුණු අධි­ශී­ත­ක­රණ ට්‍රක් රථ­යක තිබී මළ­සි­රුරු 39ක් හමු­වී­මත් සම­ගිනි. ලන්ඩ­නයේ වෝට­ර්ග්ලේඩ් කර්මා­න්ත­පු­රය ආස­න්නයේ මේ ට්‍රක් රථය නවතා තිබි­යදී මේ සිරුරු සොයා­ගෙන තිබේ. ට්‍රක් රථයේ ශීත­ක­ර­ණයේ ඇත්තේ මළ සිරුරු බව සොයා­ගැ­නී­මෙන් පසුව ට්‍රක් රථය ආර­ක්ෂිත ස්ථාන­ය­කට රැගෙන ගොස් එම සිරුරු බැහැර කිරී­මට ලන්ඩන් පොලී­සිය කට­යුතු කර තිබේ. ඒ සම­ගම ට්‍රක් රථයේ රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඔහු 25 හැවි­රිදි අයි­රිස් ජාති­ක­යකු වන මෝ රොබි­න්සන් ලෙස හඳු­නා­ගෙන තිබේ.

මේ ට්‍රක් රථය බල්ගේ­රි­යාවේ සිට නෞකා මගින් බ්‍රිතාන්‍ය භූමි­යට පිවිස ඇති අතර එතැන් සිට තෙම්ස් නදිය පසු­ක­ර­මින් ලන්ඩන් නග­ර­යට ඇතුලු වී තිබේ. ට්‍රක් රථයේ වූ අධි­ශී­ත­ක­ර­ණයේ උෂ්ණ­ත්වය ඍණ විසි­ප­හක අග­යක පැවතී තිබේ. ලන්ඩන් පොලී­සිය දැනට සැක කරන්නේ එම ශීතල හේතු­වෙන්ම එහි සිටි මිනි­සුන් මිය යන්නට ඇති බවයි.

ට්‍රක් රථ රියැ­දුරු මෝ රොබි­න්සන්

එම සිරුරු 39 අත­රින් සිරුරු 38ක් වැඩි­හිටි පුද්ග­ල­යන්ගේ වූ අතර එක් සිරු­රක් යෞව­න­ය­කුගේ වශ­යෙන් හඳු­නා­ගෙන තිබේ. ට්‍රක් රථය බල්ගේ­රි­යාවේ ලියා­ප­දිංචි කර ඇති ට්‍රක් රථ­යකි. එහි ගම­නා­න්තය අය­ර්ල­න්තය විය හැකි බව­ටද අනු­මාන පහළ වී තිබේ.

මේ පුද්ග­ල­යන් මිය යෑමට හේතුව අප­රාධ කල්ලි­යක ක්‍රියා­වක් බවට අනු­මාන වුවද වැඩි ඉඩක් පව­තින්නේ මේ පුද්ග­ල­යන් සංක්‍ර­ම­ණි­ක­යන් වීම­ටය. ලන්ඩන් පොලී­සිය දැනට ප්‍රකාශ කර ඇත්තේ මේ මළ සිරුරු බාහිර පෙනු­මින් බල්ගේ­රි­යානු ජාති­ක­යන් මෙන් නොවන බවයි. ඒ අනුව වැඩි ඉඩක් පව­තින්නේ ඔවුන් සංක­ම­ණි­ක­යන් වීම­ටය. පසුව සොයා ගනු ලැබුවේ මේ සිරුරු සියල්ල චීන ජාතිකයන්ගේ බවය.

මේ මළ සිරුරු හඳුනා ගැනී­මට ලන්ඩන් පොලී­සිය මහ­ජ­න­තා­වගේ සහය අපේක්ෂා කර තිබේ.

මෙවැනි මළ­සි­රුරු විශාල සංඛ්‍යා­වක් ලන්ඩන් නග­රයේ වීථි­යක පව­තින බව දැන­ගත් ලන්ඩන් නග­ර­වා­සීහු මොහො­ත­කට භීති­යට පත්ව තිබේ. එයට හේතුව ඉති­හා­සයේ මේ අන්ද­මින් සොයා­ගත් වැඩිම මළ සිරුරු සංඛ්‍යාව මෙය වන බැවිනි. මේ සිදු­වීම සම්බ­න්ධව අද­හස් දක්ව­මින් බ්‍රිතාන්‍ය අග­මැති බොරිස් ජොන්සන් පවසා සිටියේ මෙය ‘අද­හා­ගත නොහැකි, සිත් සසල කර­වන සිදු­වී­මක්, බවයි.

කෙසේ­වු­වද සංක්‍ර­ම­ණි­ක­යන්ගේ ගැට­ලු­ව­ලීන් දීර්ඝ කාලී­නව පීඩා විඳින යුරෝ­ප­යට මෙවැනි මළ සිරුරු හමු­වීම එත­රම් දුර්ලභ අත්දැ­කී­මක්ද නොවේ.

2014 සිට තොර­තුරු එක්රැස් කිරී­මෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛ­න­ය­කට අනුව මෙවැනි මළ සිරුරු හමු­වීමේ අවස්ථා කිහි­ප­යක් මෙසේය.

2014 - ඇෆ්ගන් ජාතික සංක්‍ර­ම­ණි­ක­යන් පිරි­සක් සහිත කන්ටේ­න­ර­යක් හමුවී ඇති අතර එතුළ සිටි පුද්ග­ල­යන් හතර දෙනෙකු ගේ මළ සිරුරු හමුවී තිබේ. ජීව­තුන් අතර සිටි පිරිස 34කි.

2015 - ස්ටෙෆ­ර්ඩ්ශ­යර් ප්‍රාන්තයේ දී ලී පෙට්ටි­යක් තුළ තිබූ සංක්‍ර­ම­ණි­ක­යන් දෙදෙ­න­කුගේ මළ සිරුරු හමුවූ අතර මේ ලී පෙට්ටිය ඉතා­ලියේ සිට ලන්ඩ­නය කරා එවා ඇතැයි හඳු­නා­ගෙන තිබේ.

2016 - ඔක්ස්ෆ­ඩ්ෂ­යර් අව­ස­ර­යෙන් දේශ­සී­මාව පසු­කි­රීම සඳහා ලොරි­යක යට පැත්තේ එල්ලී පැමිණි 18 හැවි­රිදි සංක්‍ර­ම­ණික තරු­ණ­යකු අන­තු­රට පත්ව තිබේ.

2016 - කෙන්ට් ප්‍රාන්ත­යේදී ප්‍රංශයේ සිට පැමිණි ලොරි­යක තිබී සංක්‍ර­ම­ණි­ක­ය­කුගේ මළ සිරු­රක් හමුවී තිබේ.

මේ වාර්තා මහා බ්‍රිතා­න්‍ය­යට පම­ණක් සීමා වූ වාර්තා වන අතර යුරෝ­පයේ සෙසු රට­වල් රාශි­ය­කින් මෙවැනි තොර­තුරු විශාල සංඛ්‍යා­වක් ලැබී තිබේ. ඇතැම් සිදු­විම් වාර්තා අත­රට ඇතු­ළත් වී නොමැත. එ් අත­රින් බොහෝ සිදු­වීම් සට­හන් වන්නේ මහා ඛේද­වා­චක ලෙසිනි. උදා­හ­ර­ණ­යක් ලෙස 2015 ඔස්ට්‍රි­යාවේ මහා මාර්ග­යක් අද්දර අත්හැර ගොස් තිබූ ලොරි­යක පුද්ගල සිරුරු 71ක් තිබී හමු­වීම දැක්විය හැකිය. ශ්‍රී ලාංකි­ක­යන් ද මෙවැනි අවි­ධි­මත් එමෙන්ම නීති විරෝධී ක්‍රම මගින් බට­හිර රට­ව­ලට ඇතුළු වීමට උත්සාහ දැරී­මේදී කන්ටේ­නර් රථ අභ්‍ය­න්ත­රයේ හුස්ම හිර­වී­මෙන් මර­ණ­යට පත්වූ අවස්ථා මීට දශක කිහි­ප­ය­කට පෙර වාර්තා විය.

මේ හැර වාර්ශි­කව ඇල්බේ­නි­යාවේ සිට කුඩා බෝට්ටු මගින් ඉතා­ලි­යට ඇතුළු වීමට උත්සාහ දරණ ආසි­යානු සහ අප්‍රි­කානු ජන­තාව අති විශා­ලය. එම බෝට්ටු මුහුද මැදදී හෝ සූවස් ඇලේදී අන­තු­රට පත්වීම සාමාන්‍ය සිදු­වී­මක් බවට පත්ව ඇති අතර ඒ හේතු­වෙන් ජීවිත අහිමි වන්නේ සිය දහස් ගණ­නිනි.

මෙවර ලන්ඩන් නග­රය මැද හුද­කලා වූ මේ සිරුරු හිමි පුද්ග­ල­යන්ගේ කතා­වද ඒ හා සමාන වීමට ඇති ඉඩ­කඩ විශා­ලය. ලන්ඩන් පොලි­සියේ අනා­ගත වාර්තා ඒ සම්බන්ධ නිවැ­රදි තොර­තුරු ඉදි­රි­පත් කරනු ඇත. එතෙක් පැව­සිය යුත්තේ ‘උපන් බිමට වැඩිය තැනක් කොහිද තිබෙන්නේ‘ කියාය.

Comments