හගි­බිස් හෝදා දැමූ රට දින කිහි­ප­ය­කින් යළි සකසා ගත් ජප­න් හප­න්නු | සිළුමිණ

හගි­බිස් හෝදා දැමූ රට දින කිහි­ප­ය­කින් යළි සකසා ගත් ජප­න් හප­න්නු

මේ පොළොව මත සොබා­ද­හම සහ මිනිසා දැඩි තර­ග­යක නිරත වන භූමි භාග­යක් වේ නම් ඒ ජපා­න­යයි. ජපා­නයේ මිනිසා ස්වකීය අති දියුණු තාක්ෂ­ණය යොදා ගනි­මින් සොබා­ද­හම හා තරග කරන අතර වරින් වර සොබා­ද­හ­මද තම උප­රි­මය යොදවා මිනිසා පරා­ජ­යට පත් කර පෙන්වයි. මේ තර­ග­යෙන් දිනන කිසි­වකු නැති වුවද වරින් වර සොබා­ද­හමේ පහ­රට මුහුණ දෙන ජපන් ජන­තාව දණින් වැටු­ණද ක්ෂණි­කව යළි නැගිට පෙර සිටි­යා­ටත් වඩා විධි­මත්ව සොබා­ද­හ­මට මුහුණ දීමට සැරසේ.

මේ සඳහා තවත් හොඳ උදා­හ­රණ සප­ය­මින් මහා සුළි­කු­ණා­ටු­වක් පසු­ගිය සෙන­සු­රාදා ඊසාන සහ නැගෙ­න­හිර ජපා­න­යට කඩා වැදුණි. හගිබිස් නම්වූ මේ සුළි කුණා­ටුව මේ වන විට ගණන් බලා ඇති අන්ද­මට දැනට ජපා­නය මුහුණ දී ඇති දරු­ණු­තම ස්වභා­වික ව්‍යසන අත­රින් සය වැනි ස්ථානය දිනා ගැනී­මට තරම් ප්‍රභල වී තිබේ. ජපා­නයේ ප්‍රධා­න­තම දූපත වන හොන්ෂු හි භූමි ප්‍රමා­ණ­යෙන් සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් මහා වර්ෂාව සමග උතුරා ගිය ගංගා හේතු­වෙන් පිරී ගිය අතර දින කිහි­ප­යක් පුරාම බැස නොගිය මේ ජල­කඳ හේතු­වෙන් ද අම­තර ගැට­ලු­ව­ලට මුහුණ දීමට සිදුවී තිබේ. ගංගා 200ක් පමණ උතුරා ගිය අතර ඒ අත­රින් අර­කාවා, බුකුමා සහ ටාමා ඇතුළු ප්‍රධාන ගංගා කිහි­ප­යක පිටාර විනා­ශය වැඩි කිරී­මට දායක වී තිබේ.

දැනට ගණන් බලා ඇති අන්ද­මට නිවාස 33000ක් ගංව­තුර හේතු­වෙන් විනා­ශ­යට පත් වී ඇති අතර ඒ අත­රින් නිවාස 2000ක් සම්පූ­ර්ණ­යෙන්ම විනා­ශ­යට පත් වී තිබේ. ජීවිත හානිද 80කට වැඩි සංඛ්‍යා­වක් වාර්තා වන අතර දැනට පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නක්ද අතු­රු­දන්ය. පෙර කරන ලද අන­තුරු ඇඟ­වීම් නොස­ලකා හැරීම ජීවිත හානි වැඩි­වී­මට හේතුව ලෙස ප්‍රකාශ වී තිබේ. සුළි කුණා­ටු­වට ඍජු­වම විවෘත වන ප්‍රදේ­ශ­වල වෙසෙන ජන­තාව මිලි­ය­න­ය­කට පමණ ආර­ක්ෂිත ස්ථාන කරා යන ලෙසට දැනුම් දුන්නද ඒ නිවේ­දන අනුව යමින් ආර­ක්ෂිත ස්ථාන කරා ගොස් ඇත්තේ 50000ක් පම­ණක් බවද වාර්තා වී තිබේ.

කෙසේ­වු­වද වර්ෂාව ආරම්භ වූ දින සිට ලක්ෂ­යක පමණ පිරි­ස­ක­ගෙන් යුත් මුදා­ගැ­නීමේ කණ්ඩා­යම් මහ­වැසි මධ්‍යයේ සේවයේ යෙදී තිබේ. එසේ වුවද හගි­බිස් ජපා­න­යට සිදු කළ හානිය අවම කිරී­මට එය ප්‍රමා­ණ­වත් වී නැත.

දේපළ හානි ඉතා විශාල වශ­යෙන් වාර්තා වන අතර නගානෝ හි ශින්ක­න්සෙන් දුම්රිය රැඳ­වු­ම්පොළේ නවත්වා තිබූ විදුලි දුම්රිය කිහි­ප­යක්ද සම්පූ­ර්ණ­යෙන් හානි­යට පත්ව තිබේ. ගංගා හරහා ඉදි­කර තිබූ පාලම් රාශි­යක්ද විනාශ වී ඇත.

සේ සියලු ව්‍යස­න­යන්ට මුහුණ දීමෙන් පසුව මේ වන විට ආශ්ච­ර්ය­මත් ජපා­නය පෙර පරි­දිම අදහා ගත නොහැකි වේග­ය­කින් යළි නැගි­ටි­මින් සිටී. යළිත් සොබා­හ­දම පර­ය­මින් මිනිසා ජය­ගන්නා මොහොත ජපා­නය තුළ ක්‍රියා­ත්මක වෙමින් තිබේ. ගංව­තුර බැස යෑමෙන් පසු ප්‍රථ­ම­යෙන්ම ඔවුන් අව­ධා­නය යොමු කර සිටියේ ප්‍රවා­හන පද්ධ­තිය යළි සකස් කර ගැනීම කෙරෙ­හිය. මහා­මාර්ග ගලා ගිය ජල­ධා­රා­ව­න්ගෙන් නිද­හස් වූ පසු ඒ සමග ඇදී ආ මඩ ධාරා­ව­න්ගෙන් පිරි­සිදු කර ගැනීම ඔවුන්ට සරල ක්‍රියා­වක් විය. බිඳි විනාශ වූ නිවා­ස­වල අබලි ද්‍රව්‍ය­ය­න්ගෙන් මහා­මාර්ග පිරී පැවති බැවින් ඔවුන්ට ආර­ම්භක පිය­වර ලෙස මේ අබලි ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය කර ගැනී­මට සිදු­විය.

එහිදී සැමදා පිළි­වෙල අගය කරන ජපන් ජන­තාව මහා­මා­ර්ග­වල තිබූ අබලි ද්‍රව්‍ය වර්ගී­ක­ර­ණය කර­මින් එම ද්‍රව්‍ය අදාළ තැන්ව­ලට ඉවත් කිරීමේ කට­යු­තු­වල නිරත වූහ. මහා­මාර්ග පිරි­සිදු කිරීම ආරම්භ කරන ලද්දේ ඉන්ප­සු­වය. මේ අන්ද­මින් මහා­මාර්ග පිරි­සිදු කර යළි ගම­නා­ග­ම­නය පිණිස සකස් කරනු ලැබූ­වද ගංගා හරහා ඉදි­කර තිබූ පාලම් රාශි­යක්ම යළි ඉදි­කි­රී­මට ජපන් ජාති­ක­යන්ට සිදු­විය.

එම ඇතැම් පාලම් ඉදි­කි­රී­මට ඔවුන්ට පැය විසි­හ­ත­ර­කට වඩා ගත නොවීම විශ්ම­යට කරු­ණක් විය. ඔවුන්ගේ තාක්ෂ­ණය ඒ සා විශාල විය. එමෙන්ම බිඳී සේදී ගිය මාර්ග ප්‍රති­සං­ස්ක­ර­ණ­යේදී පෙර පැවති දෝෂ හඳු­නා­ග­නි­මින් ඒවාට වික­ල්පද යොද­මින්, එහිදී සොබා­ද­හ­මට හානි නොවන සේ පරි­ස­ර­යද ආරක්ෂා කර ගනි­මින් ඉදි­කි­රීම් සිදු­කි­රී­මට මේ මහා ව්‍යස­න­යක් අතර වුවත් ජපන් ජන­තා­වට හැකිව තිබිණි.

ආපදා අව­ස්ථා­වේදී ජන­තාව අත­රට ගිය ජපන් අග­මැති ශින්සෝ අබෙ ඔවුන් සන­ස­මින් ඔවුන්ට ඉක්මන් පහ­සු­කම් ලබා දීමට කට­යුතු යෙදු­වේය. අති­රේක අය­වැ­යක් ප්‍රකාශ කර­මින් ඩොලර් මිලි­යන 6.5ක් විප­තට පත් ජන­තාව වෙනු­වෙන් වෙන් කොට හගි­බිස් ඇති කළ ව්‍යස­නයේ මතක මුළු­ම­නින්ම අතුගා දැමී­මට කට­යුතු කිරී­මට ජපාන අග­මැ­ති­ව­රයා වග­බලා ගත්තේය. සැබ­වින්ම ජපා­නය දැනට ප්‍රායෝ­ගි­කව ඔප්පු කර ඇති අන්ද­මට තවත් දින කිහි­ප­යක් ඉක්ම යන විට සුළි­කු­ණා­ටු­වක ස්වභා­වික විප­ත­කට මුහුණ දුන් ලකුණු සියල්ල ජපාන භූමි­යෙන් තුරන් කර දැමී­මට ඔවුන් කට­යුතු කරණු නිසැ­කය.

දරුණු ප්‍රති­වා­දීන් සමඟ නිතර ගැටෙන විට එයට මුහුණ දෙන්නාද ඉබේම ප්‍රති­වා­දියා තරම්ම ශක්ති­මත් වේ. ඒ එසේ නොවන්නේ නම් විනාශ වී යන බැවිනි. එබැ­වින්ම ජපන් පොළොව මත දී ස්වභා­ව­ද­හ­මද මිනි­සාද එකසේ දක්ෂය. එකෙක්ට එකෙක් නොදෙ­වෙ­නිය.

එබැ­වින්ම කුමන ව්‍යසන පැමි­ණි­යද ජපා­නය නොසැ­ලෙ­න්නේය. එමෙන්ම ජපා­න­යට වරින් වර තලා පෙලා පොඩි­කර දැමී­මට ස්වභාව ධර්ම­යාද අම­තක කරන්නේ නැත. මෙහිලා අප ඒ සඳහා දකුණු ආසි­යාව හැර ජපා­න­යම තෝරා ගැනීම සම්බ­න්ධව ස්වභාව දහ­මට පින් දිය යුතුය.

 

Comments