
ජනාධිපතිවරණයට ඇත්තේ තවත් මසකට අඩු කාලයක් . පොදු ජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකත්වයා වෙනුවෙන් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් ගෙන යන වැඩ පිළිවෙළ සාර්ථකයි කියලා හිතනවාද?
ඉදිරි ජයග්‍රහණය අපි සතුයි. එයට හේතුව අපේ සූදානම ඉතාමත් හොඳ වීමයි. සමීක්ෂණ අනුවත්, දර්ශක අනුවත් මේවන විට අපි ඉතා ඉහළින් ඉන්නවා. ඇත්ත වශයෙන් ම ඒ තත්ත්වය දිගට ම පවත්වාගෙන යන්න අපේ සංවිධාන ජාලය ඉතා හොඳින් කටයුතු කරනවා. ඉදිරියේදිත් ගම්මට්ටමින් සහ බිම්මට්මින් මේ සංවිධාන ජාලය ක්‍රියාත්මක වෙනවා. අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව සිකුරුයි.
ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවත් අන්තවාදීන් කිසිසේත් සම්බන්ධ කරගන්නේ නැහැ කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සුළු ජාතික කොටස්වල ඡන්දය එතුමාට නොලැබෙන බව තවත් පාර්ශ්වයක් කියනවා.?
අන්තවාදය පිළිබඳ ව මේ රටේ මතයක් තියනවා. එයින් අදහස් කරන්නේ නැහැ, මේ රටේ සියලු ම සුළු ජාතින් නරකයි හෝ අන්තවාදින් කියලා. මේ රටට අනාගතයක් ඕන කියලා හිතන සුළු ජාතික කොටස් ඉන්නවා; ඉතා පැහැදිලි මතවාද වල ඉන්න. ඒ අයගේ දේශපාලන පක්ෂ විසින් ඒ අයව ලොකු අමාරුවකට පත් කරලා තියනවා කියලා ඒ අය ඉතා පැහැදිලිව පිළිගන්නවා. විශේෂයෙන් සංවර්ධන කටයුතු සහ ජනතාවගේ සුබසාධනය උදෙසා මේ ජයරජය විසින් කිසිදු පියවරක් අරගෙන නැහැ කියලා ඒ ජනතාව දන්නවා. එ්වගේ ම ඒඅය දන්නවා මේ රටට කැක්කුමක් වගේම අාදරයක් තියන නායකත්වයක් අවශ්‍යයි කියලා; මේ රටට දැක්මක් සහ නායකත්වයක් තියෙන්නට ඕන කියලත් ඒ අය පිළිගන්නවා. ජාතීන් අතර අන්තර් සම්බන්ධතා ඇතිකරන්නට වගේම එකමුතු භාවය ඇති කරන්නත් ඕන කියන කාරණාව සම්බන්ධයෙන් ඒ අයත් එක මතවාදයක ඉන්නවා. සුළු ජනතාව අතර අන්තවාදීන් නොවන සියලු දෙනාගේ ඡන්ද අපිට ලැබෙනවා කියලා අපි විස්වාස කරනවා. ඒ නිසා සුළු ජාතින්ගේ සියලු ඡන්ද අපි නොලැබෙනවා සහ සුළුජාතීන් ගේ ඡන්ද අනෙක් පාර්ශ්වයකට යනවා කියලා අපි ට කියන්න බැහැ; එසේ විය නොහැකියි.
ඔබතුමාලගේ පක්ෂයට ඇතැම් සුළු ජාතික පක්ෂ සහයෝගය දීමට එකඟතාව පළ කරලා තියනවා. ජයග්රහණයෙන් පසුව ඉටු කරගැනීමට යම් කොන්දේසි මේ එකඟතා වලදී ඉදිරිපත් කර තිබෙනවා ද?
කොන්දේසිවලට එකඟ වෙන්නේ එකඟ වීමට හැකිනම් පමණයි. මේ රටේ ජාතික ආරක්ෂාවට ඒකීයත්වයට හානියක් නොවන කිසිදු කොන්දේසියකට අපි සහය දෙන්නේ නැහැ. සාධාරණ විදිහට හිතන පතන අය අප සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.
දෙමළ ජාතික සන්ධානය මේ වන තෙක් නිශ්චිත පාර්ශ්වයකට සහය පළ කරන බවට පැහැදිලි ව ප්‍රකාශ කරලා නැහැ. විවිධ අපේක්ෂකයන් සමඟ සාකච්ඡා පවත්වන බව සඳහන් වුවත් මේ වන විටත් නිශ්චිත පාර්ශ්වයක් තෝරාගෙන නැහැ. දෙමළ ජාතික සන්ධානය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය මහතා සමඟත් සාකච්ජා පැවැත්වීමට අදහස් කරඇති බව ඇතැමුන් සඳහන් කරනවා. ?
මම නම් එය නිශ්චිත ව දන්නේ නැහැ. ලංකාවේ දෙමළ ජාතික සන්ධානය විශාල ප්‍රදේශයක දැවැන්ත පසුබෑමකට ලක්වෙලා තියෙනවා; එයයි ඇත්ත කතාව. ඒ අය තමන්ගේ ප්‍රදේශවල ජනතාව ගැන කතා කරන්නට ඕන. පක්ෂයක් ලෙස ඔවුන් සම්බන්ධයෙන් විශ්වාසය තබා ගැනීමට නම් ප්‍රදේශ පිළිබඳ ව අවධානය යොමු කරන්න ඕන. ඔවුන් තමන්ගේ ප්‍රදේශ පිළිබඳ ව කතා කරන්නේ නැහැ. දියුණුව, සංවර්ධනය, කර්මාන්ත පිළිබඳව තාක්ෂණික දැනුම රැකියා උත්පාදනයට තුඩුදෙන කිසිදු දෙයක් ඒ අය කතා කරන්නේ නැහැ . ඒ අය කතා කරන්නේ ඉතා පටු දේවල්. උතුරු නැගෙනහිර යා කිරීම වැනි දේවල් ගැන පමණයි කතා කරන්නේ. ඒ දේවල් දැනට වසර ගණනාවක් පුරා කතා කරගෙන ආව දේවල්. ජනතාව ඒ ගැන දන්නවා.
ඔබතුමා කියන්නේ ඒ අය අන්තවාදි මතවාදයක ඉන්නවා කියලා ද?
නැහැ, මම එහෙම කියන්නේ නැහැ. විවිධ දේශපාලන පක්ෂ ඇතුළෙ විවිධ මතධාරීන් ඉන්න පුළුවන්. ඒ දේශපාලන සංවිධානය ගැන ජනතා ප්‍රසාදය අඩුවෙලා. ඒ නිසා ඒ අය නිහඬ ව ඉන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් පුද්ගල නිදහස, විසංවාදී මතයක් දැරීම, ප්‍රශ්න කිරීමට ඇති පුරවැසි අයිතිය ඉදිරියේදි නැති වෙන බවටත්, මේ රටේ ප්‍රශ්න කිරීමකින් තොර වූ මිලිටරි පාලනයක් ඇතිවේ යැයි කියාත් ඇතැමුන් තුළ භිතියක් හටගෙන තියෙනවා?
මම විශ්වාස කරන්නේ නැහැ, එහෙම දෙයක් වෙයි කියලා. ලංකාවේ තියෙන නීතිරීති, අධිකරණ පද්ධතිය අපිට හුරුපුරුදුයි. ඒ නිසා ප්රජාතන්ත්රවාදය අඩුවෙන්නේ නැහැ. විසංවාදය ඇති කරන්න, ප්‍රශ්න කිරීමේ අයිතිය ලබා දෙන්න, නිදහස් අදහස් දැරීමේ අයිතිය ලබාදෙන්න, කම්කරු අයිතීන් සුරකින්නට හා වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් කිසිවක් කප්පාදු කිරීමට අප කටයුතු කරන්නෙ නැහැ. අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය අපි කප්පාදු කරලා නැහැ. අපි කතා කරන්නේ අද මේ රටේ වැටිලා තියන ආර්ථික මට්ටම නැවත ගොඩ නඟන්න ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න පුළුවන් නිදහස් රටක් හදන්නයි. අපිට විරුද්ධ මතවාදයන්ට ගරු කරමින් ඉදිරියට හොඳ ආර්ථික ස්ථාවරයක් රටට ඇති කරන්න අපි කටයුතු කරන්නට ඕන.මෙය හිතලුවක් බොරුවක් බොරුවක් නොවෙයි. මේක ප්රජාතන්ත්රවාදී රටක්. කවදාවත් මිලිටරි පාලනයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රික රටක කොහොමද එහෙම වෙන්නේ. ඒකාධිපති පාලනයක් නොවෙයි; ජනතාවගේ ජන්දයෙන් අපි බලයට එන්නේ. ඒ වගේ රටක කොහොමද මිලිටරි පාලනයක් ඇති වෙන්නේ. එය සම්පුර්ණයෙන් සාවද්‍ය ප්‍රකාශයක්. සාමාන්‍ය ජනතාවට කවදාවත් මේ රටේ කිසිදු හානියක් වුණේ නැහැ. එජාපයයි ප්රජාතන්ත්රවාදයට ඉඩ නොදුන්නේ. ඡන්ද කල් දාලා ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය නැති කළේ. ප්රකාශනය කිරීමේ අයිතිය නැති කරන්නේ ඔවුන්. එය ඉතා පැහැදිලියි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණයෙන් පසුව, අභූත චෝදනා මත සිරගත කර සිටින හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් නිදොස් කොට නිදහස් කරනවා කියලා කියනවා...
නිත්‍යනුකූලව ඒ අයට සාධාරණයක් වේවි. වැරදි අර්ථ නිරූපණයකට ගන්න නරකයි. බුද්ධි අංශ නිලධාරීන් කිසිදු හේතුවක් නැතුව අත්අඩංගුවට අරන් රඳවාගෙන හිටියා; පදනමක් නැති චෝදනා නඟනවා නම් එය වැරදියි. තමන් නිවැරදි කරුවන් කියලා ඒ අයට කරුණු ඉදිරිපත් කරන්නවත් නොලැබුණ අවස්ථා තියෙනවා. ජාත්‍යන්තරයට පේන්න ඒ අය නිවැරදිකරුවන් කියලා කරුණු ඉදිරිපත් කරන්නට ඉඩ නොදුන්නේ අනෙක් අය බය කිරීමට විය හැකියි. පළවැනි කාරණාව, පදනමක් නැති චෝදනාවලට ඒ අයට නිවැරදි කරුවන් ලෙස කරුණු ඉදිරිපත් කරන්නවත් අවස්ථාවක් දුන්නේ නැහැ.
තරුණ ඡන්ද මිලියනයක් පමණ නිර්මාණය වෙලා තියනවා මෙවර මැතිවරණයේ දි. ඒ තරුණ කොටස් නිවැරදි දේශපාලන දිශානතියකට යොමු කළ යුතුයි කියලා සියලු අපෙක්ෂකයන් කිව්වත් ඒ අයට ඇති සමාජ ප්‍රශ්න, නිසි අධ්‍යපනික වටපිටාවක්, වෘත්තීය පුහුණුවක් නොමැති වීම,විරුකියාව, තරුණ අසහනය, නව තාක්ෂණික පුහුණුවක් නොලැබීම නිසා වෘත්තිය සුදුසුකම් ඇහිරී යෑම වැනි කරුණු නිසා ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරියේදී නිශ්චිත වැඩපිළිවෙලක් ආරම්භ නොකළහොත් තරුණ කැරලි නැවත මේ රටේ ඇතිවෙන්නට ඉඩ තියෙනවා නේද ?
අපිට ඉදිරියේදී විශාල සැලැසුම් තියෙනවා. ඒ නිවැරදි දිශානතියට යොමු කරගැනීමට රටේ ආර්ථික කළමනාකරණය, නව තාක්ෂණික දැනුම් මට්ටම් වැඩි කිරීම, තරුණයන් පුහුණුවකට ලක්කරන්නට ඕන. ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂකතුමා ඉතා පැහැදිලිව කියලා තියෙනවා. ඒ හරහා තමයි, අපි මේ විශාල තරුණ පිරිස දැනුවත් කමක් ඇති පුහුණුවක් ඇති සමාජයට වැඩදායි පරපුරක් බවට පත් කරන්න උත්සහ කරන්නේ. අපි දන්නවා මූලික අධ්‍යපන සුදුසුකම් සපුරා නැති උසස් පෙළ, සාමාන්‍ය පෙළ අසමත් වෙලා විරුකියාවෙන් ඉන්න පිරිසක් වගේම විශ්වවිද්‍යාල වලින් පිට වුණු උපාධිධාරීන් විශාල සංඛාවක් විරුකියාවෙන් පෙළෙනවා. විවිධ ක්ෂේත්රවලට කැමැත්ත දක්වන පිරිසට ඒ පුහුණුව දෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ පිළිබඳ වැඩපිළිවෙලක් හැදුණාම අපිට පුළුවන්, ඒ අයගේ තරුණ අසහනයට සහ විරැකියාවට පිළිතුරු හොයන්න. තරුණ පිරිස් කෘෂිකර්ම නිෂ්පාදන අපනයන වැඩපිළිවෙලකට යොමු කිරීමේ අපෙක්ෂාවකුත් තියනවා. නව නිපැයුම්වලට වැඩි ඉඩක් දෙන්නට ඕන.
මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව කටයුතු කරනවා කියලා එතුමා කියනවා. පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිප අතර ඇති කරගත් ගිවිසුම් වැනි කාරණාවලදි එතුමාගේ පූර්ණ ආශිර්වාදය ලැබෙන බව ඒ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කියනවා.?
එය එතුමාගේ තීන්දුව. පක්ෂයේ සභාපතිවරයා ලෙස ක්‍රියාකරන නිසා පක්ෂය විසින් ගනු ලබන තීන්දු වලට එතුමා විරුද්ධ වෙන්නේ නැහැ. එතුමා නිර්පාක්ෂිකව ඉන්නේ එක ම එක කාරණාවක් නිසා. විධායක බලයක් ඇති ජනාධිපතිවරයෙක් ලෙස ත්‍රිවිධ හමුදා ප්‍රධානියා ලෙස එතුමා ක්‍රියා කරනවා. මැතිවරණ කාලය ඇතුළත එතුමා ඉවත් ව යන ජනාධිපතිවරයා ලෙස නිර්පාක්ෂික ව සිටියත්; ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මැතිවරණයේදී ජනාධිපතිතුමාගේ ආශීර්වාදය ලැබෙනවා.
මේ වන විට නැවත සුදු වෑන් සංස්කෘතියක් පිළිබඳ ව කරලියට ඇවිල්ලා තියනවා. දෙපාර්ශ්වයම දෙපාර්ශ්වයට චෝදනා කරගන්නවා සුදු වෑන් සංස්කෘතියේ ආරම්භය ගැන?
සුදු වෑන් සංස්කෘතිය නිර්මාණය වුණේ කවර කාලයේදි ද කිව්වොත්. 87- 88 - වැනි කාලයේ දි තමයි මේ සුදුවෑන් සංස්කෘතිය ආවේ. කොළ කොටි, කළු බළල්ලු ඒ ඔක්කෝම ආවේ ඒ කාලයේ සුදුවෑන්වලින්. අපේ කාලයේ සුදුවෑන් තිබුණෙ නැහැ. රිචඩ් ඩී. සොයිසා, ප්‍රීමා විතාරණ එතකොට ජවිපෙ මධ්‍යම කමිටුව ම අරගෙන ම මැරුවේ සුදු වෑන්වලින් ඇවිල්ලා. ඒ කියන අයගේ පියානෝගේ කාලයේ තමයි මේවා පටන් ගත්තේ. අපි මහ මඟ මරා දමන කාලයේ මහ බියකරු යුද්ධයක් අපි නිම කළා. අපි ඒ සියලු සංස්කෘතින් නිම කළා. කවුද යාපනය පුස්තකාලයට ගිනි තිබ්බේ. අසු තුනේ කළු ජූලිය ආරම්භ වුණේ කාගේ කාලයෙද? ටයර් සෑ වලින් යැව්වා. ඒ කාලයේ කවුද ඒ දේවල් කළේ. හරියට මේ අය මේ සුදුවෑන් ගැන අපෙන් අහන්නේ හරියට හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්