තාරුණ්‍යය බලගැන්වීමේ එයාර්ටෙල් පොරොන්දුව යථාවක් බවට පත් කරමින් එයාර්ටෙල් ෆාස්ටස්ට් හෙවත් අනාගත තරුණ වේග පන්දු යවන්නන් සොයා යෑමේ අවසන් 14 දෙනා මේ වන විට කරළියට පැමිණ තිබේ.
හිටපු ජාතික වේග පන්දු පුහුණුකරු අනුෂ සමරනායකගේ අධික්ෂණය යටතේ මෙම කණ්ඩායම තෝරා ගන්නා ලද අතර මේ සඳහා දහසකට අධික ක්‍රිඩක - ක්‍රීඩිකාවන් පිරිසක් එක්වුහ. පළමු වටය සඳහා කාන්තා විවෘත, පිරිමි වයස අවුරුදු 19 න් පහළ සහ 19 ඉහළ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ වේග පන්දු යවන්නන් 145 දෙනකු තෝරා ගන්නා ලදී. දෙවැනි වටයේදී මේ පිරිසෙන් 45 ක් සහ තෙවැනි වටයේදි 14 දෙනකුගෙන් තිදෙනකු තෝරා ගැනීමට නියමිතය.
වයස අවුරුදු 19න් ඉහළ අවසන් වටයට අරූන් ප්‍රකාශ්, චන්දුල සුදම්පති, මොහොමඩ් ෆහීම්, මලිදු ෂෙහාන්, රසාංජන අරවිඳු වයස අවුරුදු 19 න් පහළ චීරාත් තීක්ෂණ, ඒෂාන් මාලිංග, ජනිත් මධුසංක, මල්ෂ ධුරාන්, මොහොමඩ් ආකීල්, මෙන්ම කාන්තා විවෘත අංශය සඳහා මල්ෂා මධුෂානි, මෙත්මා හෙට්ටිආරච්චි තේරි සිටියි.










