
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් සංවිධානය කරන මීළඟ ප්‍රධානතම තරගාවලිය ලබන වසරේදී පැවැත්වීමට නියමිතය. ඒ 20-20 ලෝක කුසලාන තරගාවලියයි. එය පැවැත්වෙන්නේ 2020 ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා ඔස්ට්‍රේලියාවේදීය.
එහි සුපිරි 12 වටයට දැනටමත් රටවල් 08 ක් සුදුසුකම් ලබා සිටියි. ඒ 2018 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින වන විට අයි. සී. සී. 20-20 ශ්‍රේණිගත කිරීමට අනුව මුල් ස්ථාන 08 අතර සිටිය කණ්ඩායම්ය. ඊට ශ්‍රී ලංකාව හෝ බංග්ලාදේශය අයත් වන්නේ නැත.
ඒ අනුව ඔස්ට්‍රේලියාව (සත්කාරක රට), පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය යන රටවල් මේ වන විට සුපිරි 12 වටයට සුදුසුකම් ලබා සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය 20-20 ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයේ තරගවලට සහභාගි වෙමින් ඊළඟ වටයට සුදුසුකම් ලබා ගත යුතුව ඇත. එය පහසු කාර්යයක් නොවේ. ඒ ගත වූ කාලයේදී 20-20 තරගවලදීත් ශ්‍රී ලංකාව දැඩි පසුබැසීමකට ලක් වූ බැවිනි. එහි නවතම ප්‍රතිඵලයත් සුබදායක නැත. ඒ සංචාරක නවසීලන්තය හමුවේ පැවැති තරගමාලාවත් ශ්‍රී ලංකාව පරාජය වූ බැවිනි.










