වන හා වනජීවි සම්පත සුරැකුම, කළමනාකරණය හා සංවර්ධනය කිරීම අරඹයා බලපැවැත්වෙන නීති - රීති පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර වන සංරක්ෂක ලලිත් ගමගේ මහතා විසින් සම්පාදිත, “වන හා වනජීවි සංරක්ෂණය උදෙසා නීතිය” ග්‍රන්ථය දොරට වැඩීමේ උලෙළ 2019 අගෝස්තු මස 13 වැනි දින ප.ව. 2.00 ට බත්තරමුල්ල “සොබාදම් පියස” මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.